සාර්ථක අවසානයකට ඔබේ අරමුණ තදින් අල්ලා ගන්න

උදා වූ නව වසරත් ගෙවී යමින් පවතිනවා. වසර ආරම්භයේදී ඔබ සැලසුම් කර කාර්යයන් ඉෂ්ට කර ගැනීම සඳහා ඔබ ක්‍රියාත්මක වෙමින් පවතිනවාද? වසර මුල සැලසුම් කළ කාර්යයන් සාර්ථකව වසර අවසානයේ අවසන් කිරීමට සැමවිටම මහන්සි වෙන්න. හොඳ වසරක අවසානයක් වෙනුවෙන් වැඩ කරන්න. හැම උදෑසනකම හැම දවසකම ඔබේ අරමුණ සිහි කරන්න. ඒ අරමුණු වලට ජීවය දෙන්න. ඒ අරමුණුවල ජීවත් වෙන්න. අවසානයේ ඔබේ වෙනස් ගමන් මගේ වෙනස් ප්‍රතිඵල භුක්ති විඳින්න.
කාලය ඔබව අවසානය කරා රැගෙන යනවා. නමුත් කාලයට බැහැ ඒ අවසානය හොඳ අවසානයක් කරන්න. එය කළ හැක්කේ ඔබට පමණයි. ඔබ ඔබේ කොටස කරන්න. කාලය කාලයේ කොටස කරාවි. මගදී ඔබ ඔබේ අරමුණු අතහැරියොත් ඔබ අසාර්ථක පුද්ගලයකු බවට පත් වෙනවා. ගෙවී ගිය කාලය ඔබට ආපසු ගත හැකි වන්නේ නැහැ.
වසරක මූල අපි සියලු දෙනාම එය සමරන්නේ ජීවිතයට වෙනස් නැවුම් සිතුවිලි එක්කර ගැනීමට. අලුත් අරමුණු එක්කර ගැනීමට. වසරක් කියන්නේ දීර්ඝ කාලයක ගමනක්. ඉතින් දවස තුල ඔබ අරමුණු කරගත් ගමනාන්තයේ අවසානය වෙනුවෙන් සිදුකළ කාර්යයන් මෙනෙහි කරන්න. එය අත් විඳින්න. ඔබ සාර්ථක අවසානයක් වෙනුවෙන් වැඩ කරන බව ඔබටම දැනේවි. ඔබ සාර්ථකයි යන වග දැනෙන විට ඔබටම ඔබ ගැන සතුටුවිය හැකියි.
ඔබට සතුටින් ඉදිරියට යාමට පුළුවන්. ඔබට දැනේවි ඔබ ඔබම යන වග. අවසානයේ ඔබේ අපේක්ෂිත අවසානයට සාර්ථකව ලඟා ළඟාවී ඇති බව දැනේවි. තමන් විසින් කැපකිරීමක් කරමින් දෙයක් ලබා ගත් විට දැනෙන සතුට හරිම වෙනස්. එය නිකන් ලැබෙන දේවල් වලට වඩා මහන්සිවී කැපකිරීමකින් ලබා ගන්නා දේවල් අතර විශාල වෙනසක් තියෙනවා. ඒ වගේම නොමිලේ ලැබෙන දේවල් වලින් ලැබෙන සතුට තාවකාලිකයි. මහන්සියෙන් කැප කිරීමෙන් ලබා ගන්නා දේවල් මත ලැබෙන සතුට දීර්ඝකාලීනයි. ඒ නිසා ඔබත් නොමිලේ ලැබෙන දේවල් වලින් වැඩියෙන් සතුටු නොවී මහන්සිවී කැපවී ලබාගන්නා සතුට ලබාගැනීමට උනන්දුවන්න.
ඒ සතුටු ඔබව මුලා නොකරාවි. ඒ සතුට ඔබ ලගම රැඳේවි. ජයග්‍රහණයේ සතුට තුළ පරාජයේ දුක පවතින්න පුළුවන්. ඒ වගේම පරාජයේ දුක තුළ ජයග්‍රහනයේ සතුට පවතින්න පුළුවන්. වඩාත් වැදගත් වන්නේ මේ දෙකේම තීරකයා ඔබම වීමයි. සතුටට පුළුවන් ඔබව උදාසීන පුද්ගලයෙක් කිරීමට වගේම ඔබට උත්තේජනයක් සපයන්න. බොහෝ පුද්ගලයන්ට ජීවිතය වරදින්නේ ජයග්‍රහණයෙන් පසු නැවතත් තරගකාරී ආරම්භයක් උදාවන බව නොදන්න නිසයි.
by Dilki Shamani
Photo Source: Internet
569 Views
Comments