ඔබත් හිසකෙස් වර්ණ ගන්වන කෙනෙක්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
09

ඔබත් හිසකෙස් වර්ණ ගන්වන කෙනෙක්ද

ඔබත් හිසකෙස් වර්ණ ගන්වන කෙනෙක්ද

වර්තමානයේ දී බොහෝමයක් කාන්තා පිරිමි භේදයකින් තොරව හිසකෙස් විවිධාකාර වර්ණ වලින් වර්ණ ගන්වන්නට පුරුදු වී සිටි. එමනිසාවෙන් මගතොට යන ඔබට හිසකෙස් වර්ණ ගැන්වූ පුද්ගලයන් බහුලව දක්නට ලැබේ. නමුත් ඔබ ඔබගේ කෙස් කලඹ වර්ණ ගැන්වීමෙන් අනතුරුව එය රැකගන්නා ආකාරය පිළිබඳව කිසියම් හෝ අවබෝධයක් ලබා තිබෙනවාද. ඔබගේ කෙස් කළඹට මනා වර්ණ ගැන්වීමක් ලැබුණු පසු ඔබ සැලකිලිමත් විය යුතු ප්‍රධානතම කරුණ වන්නේ ඔබගේ කෙස් නිරෝගිමත් අයුරින් තබා ගැනීම සඳහා මෙන්ම එහි පැහැය අවර්ණ වීමෙන් තොරව පවත්වාගෙන යාම සඳහා යෝග්‍යතම කෙෂාරක්ෂක නිෂ්පාදනයන් භාවිතා කරන්නේ ද යන්න පිළිබඳවයි.

 

ඔබගේ කෙස් කොළඹ නිරෝගීව දීප්තිමත්ව තබා ගැනීම සඳහා පෝෂදායි ප්‍රතිකර්ම විධි භාවිතා කරන්නේද යන්න පිළිබඳ ඔබට මනා අවබෝධයක් තිබිය යුතුයි. මෙම ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම තුළින් ඔබට දීප්තිමත් සුමුදු කෙස් කළඹක් උරුම වනු ඇත. වර්ණ ගැන්වූ හිසකෙස් අවපැහැ මෙන්ම පලුදු කරන අහිතකර ෂැම්පු වර්ග භාවිතා කිරීම වෙනුවට ඔබගේ කෙස්වල වර්ණය ආරක්ෂා කරගැනීම සඳහා වඩාත් ඔබින ෂැම්පු සහ කන්ඩිෂනර් වර්ග ඔබ විසින් තෝරා ගත යුතුය. වෙළඳපොලේ පවතින බොහොමයක් ෂැම්පූ සහ කන්ඩිෂනර් වර්ග ඔබගේ කෙස් කලඹට හානි පැමිණවිය හැකි බැවින් වඩාත් යෝග්‍ය වන්නේ ඔබගේ රූපලාවණ්‍ය ශිල්පියාගෙන් හෝ ශිල්පිනියගෙන් උපදෙස් ලබා ගනිමින් ඒ අනුව නිෂ්පාදන තෝරා ගැනීමයි. එමෙන්ම කෙස් ආරක්ෂක ප්‍රතිකාර ක්‍රමයන්හි අන්තර්ගත ප්‍රධාන අංගයක් වූ කන්ඩිෂනර් කිරීම ඔබ නිතිපතා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයක් බව මතකයේ තබා ගන්න. හිසකෙස් වලට හොඳින් ගැලපෙන කන්ඩිෂනර් වර්ගයක් භාවිතා කිරීම තුලින් ඔබගේ කෙස්කලඹ මෘදු ලෙස පවත්වාගෙන යාම සඳහා ඉමහත් සේවාවක් සපයනු ඇත. එම නිසා ඔබ විසින් සෑම සේදුම් වාරයකදීම conditioner ප්‍රතිකාර හිසකෙස් වලට ලබාදිය යුතුයි. තවද හිසකෙස් හැඩ ගැන්වීමක් කිරීමට පෙර ඔබගේ තෙත කෙස් කළඹ වාතාශ්‍රය මඟින් ස්වභාවික ලෙස වියළාගත යුතුයි.

 

 

කාර්යබහුල අවස්ථාවන්හිදී ඔබට straightener ක භාවිතා කිරීමට සිදුවන්නේ නම් එය භාවිතයට පෙර උෂ්ණත්වය පාලනය කරන ස්ප්‍රේ එකක් ගැල්විය යුතු අතර straightener උපකරණයේ උෂ්ණත්වය අවම මට්ටමක තිබිය යුතුය. එසේ නොකළහොත් වර්ණ ගැන්වූ හිසකෙස් අවපැහැ ගැන්වෙනු ඇත. නිරෝගී ශක්තිමත් කෙස් කළඹක් පවත්වාගෙන යාම සඳහා ඔබ හිසකෙස් වර්ණ ගැන්වීම අවම වශයෙන් සති හතරකට වරක් වත් සීමා කරන්න. නැතහොත් නැවත නැවත අඩු කාලසීමාවකදී හිසකෙස් වර්ණ ගන්වන්නට ගියහොත් එම වර්ණක වල අඩංගු රසායනික සංඝටක හේතුකොටගෙන ඔබගේ හිසකෙස් දුර්වල වී අසාමාන්‍ය ලෙස ගැලවී යාමට ද පුළුවනි. සෞඛ්ය සම්පන්න සහ අලංකාර කෙස්කළඹක් ඕනෑම කෙනෙකුට ආභරණයක් වැනිය. එම නිසාවෙන් ඔබ සිදුකරන රූපලාවණ්‍ය කටයුතු නිසාවෙන් ඔබගේ වටිනා කෙස් කලඹට හානි වන්නට කිසිදා ඉඩ නොදීම ඔබගේ වගකීමකි. තවද මෙහිදී විශේෂයෙන්ම හිසකෙස් වර්ණ ගැන්වීමට සුදුසු මෙන්ම පළපුරුද්දක් සහිත රූපලාවණ්‍ය ශිල්පියෙක් හෝ ශිල්පිනියකගෙන් සහය ලබාගැනීමද අත්‍යවශ්‍යයි. අවබෝධයෙන් යුතුව නිසි මග පෙන්වීමක් යටතේ හිසකෙස් වර්ණ ගන්වා ගන්නට ඔබටත් හැකිනම් එය ඔබට මෙන්ම ඔබගේ කෙස් කළඹට ද වෙනස්ම වූ සුන්දරත්වය ගෙනදීමට සමත්වනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

 
views

1341 Views

Comments

arrow-up