රුව රැකගන්න එකම නිෂ්පාදන පෙළකට යොමු වෙන්න

වර්තමානයේ දී තමාගේ රූප සම්පත්තිය වැඩි කර ගැනීම සඳහා කිසියම් හෝ නිෂ්පාදනයක් භාවිතා නොකරන කාන්තාවක් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ ඇට සොයනවා වැනි කාරණාවක් බවට පත්වී ඇත. කුමන හෝ නිෂ්පාදනයක් භාවිතා කරමින් තමාගේ රූපය ආකර්ෂණීය කරගැනීමට කාන්තාවන් බොහෝවිට පෙළඹේ. සුදු වීමට, පැහැපත්වීමට, තරුණ පෙනුම රැක ගැනීමට යනාදී වශයෙන් පාරිභෝගිකයාගේ ඇස සහ මනස රවටන විවිධ ආලේපන වර්ග බොහෝමයක් වර්තමාන වෙළෙඳ පොළේ දී දක්නට ලැබේ.
එමනිසාවෙන් නොගැලපෙන ආලේපන කාන්තාවන්ගේ අතට පත්වීමට වැඩි සම්භාවිතාවක් පවතින බව ඔබ දන්නවාද. වෙළඳපොළෙදී අතට අසුවන ඕනෑම නිෂ්පාදනයක් මුහුණට යොදන යුවතියන් ඕනෑතරම් අද වන විට දක්නට ලැබේ. ඒ වගේම face wash සඳහා වෙනත් නිෂ්පාදනයකුත් ආලේපන සඳහා වෙනත් නිෂ්පාදනයකුත් භාවිතාකරන යුවතියන් ද මේ අතර වෙති. ආලේපන නිෂ්පාදකයන් සිය නිෂ්පාදන සකසන්නේ එකකට එකක් ගැලපෙන පරිදි බව ඔබ දන්නවාද. එම නිසා කාන්තාවන් විසින් ආලේපන තෝරා ගැනීමේදී එකම නිෂ්පාදන පෙළක් වෙත යොමු වීම ඉතාමත් වැදගත්. ෆේස්බුක් එකකින් සිදුවන එකම කාර්යය සේදීම වුවද එහි අඩංගු දෑ සමග එම නිෂ්පාදන පෙළෙහිම ඇති ආලේපනය අතර සම්බන්ධයක් තිබේ. මේ නිසා ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් තෝරා ගන්නා අතරම භාවිතා කරන ආලේපන සියල්ලම එකම නිෂ්පාදනයක් වෙනවා නම් ඔබට වඩාත් ඉක්මන් සහ ආරක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් ලැබේවි. විවිධ වෙළඳ සන්නාම යටතේ විවිධ නිෂ්පාදන මිලදී ගතහොත් එක් නිෂ්පාදනයකින් ලැබෙන යහපත් ප්‍රතිඵල අනෙක් නිෂ්පාදනයේ ඇති අයහපත් ප්‍රතිඵල නිසාවෙන් ඔබට නොලැබී යන්නට ද පුළුවනි. රැකියා කරන කාන්තාවන් දවසේ වැඩි කාලයක් රැඳී සිටින්නේ වායුසමන යන්ත්‍ර යටයි. මේ නිසා තෙල් සහිත සමක් වුවත් වියළීමට ලක් විය හැකියි. වායු සමන යන්ත්‍ර යට සිටින විට වඩාත් වියලීමට ලක් වන්නේ අත් සහ පාද බව ඔබ දන්නවාද. එවිට මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ආලේප කිරීම වඩාත් ප්‍රතිඵලදායකයි.
එම මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයද ඔබ භාවිතා කරන අනෙක් නිෂ්පාදන වල වෙළඳ නාමය යටතේ පවතින එකක්ම තෝරා ගන්නට වගබලාගන්න. එමෙන්ම නිතරම පරිගණකය සමග කටයුතු කරන කාන්තාවන්ගේ සමට එහි කිරණ නිසා බලපෑමක් ඇතිවිය හැකි බැවින් එවැනි කටයුතුවල නිරතවීමේදී සන් ක්‍රීම් එකක් භාවිතා කිරීමද වඩාත් යෝග්‍ය වෙයි. මෙහිදී එම sun cream එකද පෙර ලෙසම ඔබට සුපුරුදු නිෂ්පාදකයාගේ වෙළඳ නාමය යටතෙන්ම මිලදී ගන්නට අමතක නොකරන්න. එවිට ඔබට වඩාත් ඉක්මන් සහ සෞඛ්‍යාරක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් ලැබේවි. තවද ඔබ රූපලාවන්‍ය ආලේපනයක් තෝරාගැනීමේදී ඔබගේ රූපලාවන්‍ය ශිල්පියාගෙන් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීමටද හැකියාවක් පවතිනවා නම් එයද වඩාත් වැදගත් වනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
657 Views
Comments