වැළඳීමට පෙර දැනුවත් විය යුතු පුරස්ථි ග්‍රන්ථි පිළිකා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
09

වැළඳීමට පෙර දැනුවත් විය යුතු පුරස්ථි ග්‍රන්ථි පිළිකා

වැළඳීමට පෙර දැනුවත් විය යුතු පුරස්ථි ග්‍රන්ථි පිළිකා

පිලිකාව යන වචනය ඇසෙන විට ඔබගේ සිත තුළට නැගෙන්නේ බියකි. මක්නිසාද පිළිකාවක් වැළඳීමෙන් අනතුරුව එය සුවකර ගැනීමට යම්තාක් දුරකට අවදානමක් පවතින නිසාවෙන්. වර්තමානයේ දී බොහෝ දෙනෙක් විවිධ වූ පිළිකා වර්ග නිසාවෙන් ජීවිතය හැර ගොස් ඇති දුක්මුසු පුවත් ඔබ කොතෙකුත් අසා ඇති. වර්තමානයේ දී බහුලව ව්‍යාප්ත වී ඇති පුරුෂ පක්ෂයට වැළඳෙන පිළිකා තත්වයකි පුරස්ථි ග්‍රන්ථි පිළිකාව.

 

පුරස්ථි ග්‍රන්ථි පිළිකාව යනුවෙන් අදහස් කරන්නේ පුරස්ථි ග්‍රන්ථියේ ඇති සෛල පිළිකා සෛල බවට පත්ව වර්ධනය වීම නිසා ඇතිවන පිළිකා තත්ත්වයක්. පුරස්ථි ග්‍රන්ථිය පුරුෂ ප්‍රජනන පද්ධතියේ මුත්‍රාශය සහ මුත්‍ර පරිවහනය කරන නාලය ආශ්‍රිතව පිහිටා තිබෙන සුවිශේෂී ග්‍රන්ථියක්. මෙම ග්‍රන්ථිය මගින් පිරිමි පුද්ගලයන්ගේ ශුක්‍ර තරලය නිෂ්පාදනය සිදු කරනු ලබයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව 2018 වර්ෂයේ පුරස්ථි ග්‍රන්ථි පිළිකා රෝගීන් 1276106 ක් පමණ හඳුනාගෙන ඇති අතර මෙම පිලිකා තත්වය නිසාවෙන් මරණයට පත් වූ පිරිමි පුද්ගලයන් ගණන 358989 ක් ලෙසට සොයාගෙන ඇත. පිරිමි පුද්ගලයින්ගේ වයස අවුරුදු 50 පසුවන විට පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම සැලකිය යුතු මට්ටමකින් ඉහළ යන බව ඔබ දන්නවාද. එමෙන්ම පවුලේ ලේ ඥාතීන්ට මෙම පුරස්ථී ග්‍රන්ථී පිළිකාව වැළඳී ඇත්නම් එයද අවදානම් තත්ත්වයකි. තවද පුරුෂ පාර්ශවයට ඇති BRCA 1 සහ BRCA 2 යන ආවේණික ජාන වෙනස් වීම නිසාත් රතු මාංශ සහ මේදය බහුල කිරි සහිත ආහාර වැඩි වශයෙන් ගැනීම නිසාත් පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇතිවීමට පුළුවනි. ඇතැම්විටක තරබාරුකම සහ අධික ලෙස දුම්පානය කිරීම සහ මත්ද්‍රව්‍යවලට හුරු වීමද මෙම පිළිකාවලට අතවැනීමක් වැනිය. මෙම වර්ගයේ පිළිකා ඇතිවීමේදී පෙන්නුම් කරන රෝග ලක්ෂණ මොනවාද යන්න හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. මුත්‍රා කිරීම ආරම්භ කිරීමේදී අපහසුවක් දැනීම, මුත්‍රා ප්‍රවාහයේ දී බාධා මතුවීම සහ දුර්වලතා ඇතිවීම, රාත්‍රී කාලයේ වැඩි වශයෙන් මුත්‍රා පිටවීම, මුත්‍රාශය හිස්ව තබා ගැනීම අපහසු වීම, මුත්‍රා කිරීමේදී අධික දැවිල්ලක් හෝ වේදනාවක් ඇතිවීම, මුත්‍රා හෝ ශුක්‍ර තරලය සමඟ රුධිරය පිටවීම, කොන්ද උකුල හෝ ශ්‍රොණි ප්‍රදේශයේ නිරන්තර වේදනාව, ශුක්‍ර තරලය පිටවීමේදී වේදනාවක් ඇතිවීම යනාදිය එම රෝග ලක්ෂණයි. එම රෝග ලක්ෂණ වලින් හෝ රෝග විනිශ්චය මගින් එය පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් බවට අනුමාන කළත් නිවැරැදිවම හඳුනා ගැනීමට පටක විශ්ලේෂණයක් සහ විවිධ වූ පරීක්ෂණ කීපයක්ම සිදු කළ යුතු වේ. PSA blood test, Computed tomography, Bone scan, Transrectal ultrasound and guided biopsy, Magnetic Resonance imaging එම පරීක්ෂණ කීපයකි.

 

 

මෙම පිළිකාවට ප්‍රතිකාර වශයෙන් සැත්කමක් මගින් ග්‍රන්ථිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ද සිදුකරනු ලබයි. එමෙන්ම කිමෝ තෙරපි ප්‍රතිකාරය මගින් පිළිකාවේ වර්ධනය බාල කිරීමද ෝමෝන චිකිත්සාව මගින් පිළිකාව පාලනයට ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිපදවීම නතර කරවීම ද වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබයි. තවද බීජ ලෙස හැඳින්වෙන වී ඇටයක් තරම් වූ කුඩා විකිරණශීලී අංශු සහිත ද්‍රව්‍ය පිළිකා සෛල මත හෝ ඒ අවට තැන්පත් කිරීම මගින්ද පිළිකා සෛල හකුළුවාලීම සිදු කරනු ලබයි. තවද විකිරණ ප්‍රතිකාර මගින් අධි බලැති විකිරණ කදම්භයක් යොමුකර පිළිකා සෛල නසා දැමීම හෝ වර්ධනය අඩාල කිරීම ද වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලැබේ. පුරස්ථි ග්‍රන්ථි පිළිකාවේ පවතින දැඩි අවධානම් තත්වය පිළිබඳව දැන් ඔබට වැටහෙනවා ඇති. මෙම පිලිකා තත්වය හේතුවෙන් ඔබගේ මුළු ජීවිතයම අඳුරු විය හැකි බැවින් එයින් ආරක්ෂා වීම සඳහා ඔබ ලබන දැනුවත්භාවය ඉතාමත් වැදගත්.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

 

views

3844 Views

Comments

arrow-up