කාර්යාලයේ වැඩත් සමග ඔබ කාර්ය බහුලද

වර්තමානයේ පවතින අධික ජීවන වියදමත් සමගම පවුලක පිරිමි පාර්ශවය පමණක් මුදල් ඉපයීමෙන් එදිනෙදා වියදම් පියවා ගැනීමට වුවද නොහැකියාවක් මතුවී තිබේ. එම නිසා කාන්තාවටද කිසියම් හෝ රැකියාවක නිරත වීමට සිදුවී තිබේ. ඔබත් රැකියාවකට යන කාන්තාවක් නම් ගෙදර වැඩට කෙනෙක් සිටියත් නැතත් ඔබේ ජීවිතය නම් පහසු වන්නේ නැහැ. මෙහිදී ඔබගේ දරුවන්වත් ඔබගේ වැඩ කටයුතු වලට දායක කර ගැනීමට හැකියාවක් පවතී නම් ඔබට තවත් ඔබගේ ජීවිතය පහසු වේවි. දරුවන්ගේ පාසලේ ගෙදර වැඩ කියන්නේ කාර්යාලයීය මවකට හිසරදයක් වෙන තරම් බරපතල කාරණාවක්.
ඒ වැඩ වලට සැමියාගෙන් උදව් ලැබෙන කාන්තාවන්ට නම් මෙය ලොකු ගැටලුවක් නොවෙන්නට පුළුවනි. දහවලට ඔබගේ දරුවා පාසල් ඇරී ගෙදර එන වෙලාවට ඔවුන්ට ඇමතුමක් ගන්න, නැත්නම් ඒ ඇමතුම නොවරදවාම ඔබට ගන්න ඔවුන්ව පුහුණු කරන්න. එවිට ඔවුන්ගෙන් අහන්න මොනවද අද තියෙන homework, මොනවද අලවන්න තියෙන්නේ, මොනවහරි කඩෙන් ගෙන්න තියෙනවද වගේ දේවල්. ඒ වගේමයි homework අත්වැඩ වගේ දේවල් ටිකක් වෙලා යන අමාරු වැඩ නම් එදාට හරිම වෙලාවට ඔෆිස් එකෙන් එලියට ඇවිත් හැකි ඉක්මනින් ගෙදර යන්නත් මව්වරුන් වශයෙන් ඔබ අමතක කරන්නට නම් එපා. කාර්යාලයේ දී නම් අද දවස නිමා කරන්න කලින් අද ඉවරයක් කරගන්න බැරිවුණු හෙටට ඉතිරි වැඩ වගේම හෙට දවසේදී කරන්න නියමිත වැඩත් ඔබගේ notebook එකක සඳහන් කරන්න. පහුවදාට ඒ සටහන් ටික බලලම වැඩ පටන් ගත්තම ඔබෙන් කිසිම දෙයක් මගහැරෙන එකක් නැහැ. ඒ වගේමයි ගෙදරත් මේ වගේ පොතක් තියාගන්න සති අන්තයේදී ඔබ කළ යුතු වැඩ කලින්ම සටහන් කරලා හැකි නම් වෙලාවක් සටහන් කරලම තියාගන්න. දරුවාට අද පනු බෙහෙත් දුන්නා නම් තව මාස තුනකින් එළඹෙන දවස කැලැන්ඩරේ සටහන් කරලා තියාගන්න. නැත්නම් ඔබේ ෆෝන් එකේ රිමයින්ඩර් ඇලර්ට් එකක් දාගන්න. දරුවන්ගේ පන්ති ෆීස්, ස්කූල් ෆීස් දෙන්න ඕන දවසුත් සටහන් තියාගන්න රිමයින්ඩර් alerts දාගන්න.
කාර්යබහුල ජීවන රටාවත් සමගම ඔබගේ දෙමවුපියන්ගේ උපන්දින එහෙමත් නැත්නම් ඔවුන්ගේ බෙහෙත් ඉවර වෙන දවස් ආදියද අමතක වෙනවා නම් ඒවාටත් රිමයින්ඩර් ඇලර්ට්ස් යොදා ගැනීම ඔබට පහසුවක් වනවා මෙන්ම පසුතැවීමක් ඉතිරි නොකරන බවත් මතකයේ තබාගන්න. කාර්යාලීය මව්වරුන්ට තිබෙන අනෙක් ප්‍රධානම ගැටලුව නම් දවල් කාලයේදී දරුවන් video games, phones,computers, TV යනාදියට ඇබ්බැහි වී සිටීම. මෙහිදී ඔබ විසින් දරුවන්ට එදිනෙදා ටයිම් ටේබල් එක සකසා තබා යන්න පුළුවන්. මුලින් දරුවන් මෙය මඟ හැරියත් කාලයත් සමගම ඔවුන් එයට හුරු වන්නට පුළුවනි. ඒ තුළින් ඔබට ද පවතින අධික කාර්යබහුලත්වය යම්තාක් දුරකට අවම කර ගැනීමට හැකිවනු ඇත. මෙවැනි සුළු සුළු කරුණු පිළිබඳව සැලකිල්ලක් දැක්වීමට කාන්තා ඔබටත් හැකියාවක් පවතිනවා නම් කාර්යබහුලත්වය අඩු නිදහස් මනසක් සහිත මවක් බිරිඳක් ගෘහණියක් වීමට ඔබටත් හැකියාවක් ලැබේවි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
629 Views
Comments