සම්මුඛ සාකච්ඡාවකට ඔබ ඇඳිය යුතු හා නොකළ යුතු වර්ණ

සම්මුඛ සාකච්ඡාවක් කියන්නේ රැකියාවක් ලබා ගැනීමේ මූලික පියවර මෙන්ම එය ලබා ගැනීමේ දුෂ්කරතම කොටසයි. එනිසා සම්මුඛ සාකච්ඡාවකට මුහුණ දෙන අයෙකු ඔහුගේ හෝ ඇයගේ ඇදුම් පැළදුම් පිළිබඳව වඩා සැලකිලිමත් වන බව සත්‍යයක්.
මන්ද සම්මුඛ සාකච්ඡාවට ඔබව ලක් කරන අය ඔබගේ ඉරියව් මෙන්ම ඔබ ඇඳ පැළඳ සිටින ආකාරය ගැනත් යම් මට්ටමක සැලකිල්ලක් දක්වන නිසාවෙනි. කෙසේ වෙතත් රැකියා සම්මුඛ සාකච්ඡාවකට මුහුණ දීමේ දී ඇති එකම අවශ්‍යතාවය එය පමණක්ම නොවෙයි.
රැකියා සම්මුඛ සාකච්ඡාවකදී ඔබ ඇඳිය යුතු හා නොකළ යුතු වර්ණ පිළිබඳ අධ්‍යයනයකදී සොයාගත් අපූර්ව තොරතුරු ඔබ සමගින් බෙදාගන්න අපි අරගෙන ආවා.
රතු වර්ණය
මෙම වර්ණය ඔබව තැතිගන්වන සුළු ඔබේ ස්ථීර හා නිර්භීත පෞරුෂය ඉදිරියට ගෙන එනු ලැබුවද සම්මුඛ සාකච්ඡාවකදී රතු පැහැයෙන් ඇදුම් ඇදීමෙන් ඔබට ආධිපත්‍යය දරණ නොහික්මුණු පුද්ගලයෙකු ලෙස අදහස් විය හැකි අතර අලෙවි විධායක තනතුරක් සඳහා වූ සම්මුඛ සාකච්ඡාවන්ට මෙසේ රතු වර්ණය ඇදීමෙන් එම රැකියාව ලැබීමේ ඉඩ කඩ වැඩියි. රැකියාවේ ස්වභාවය අනුවත් වර්ණ වෙනස් විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
නිල් වර්ණය
නිල් වර්ණය ඉතාමත් ප්‍රසන්න හා ආරක්ෂිතම තේරීමක්. එහිදී ඔබ ඉතා විශ්වාසදායක ඉල්ලුම් අපේක්ෂකයෙකු ලෙස නිරූපණය කරන අතර ඔබේ පෞරෂ්‍යත්වය මැනවින් විදහා දැක්වීමේ හැකියාවක්ද ඇත.
ඔබ නිර්මාණශීලී පැතිකඩක් ඔස්සේ යන රැකියාවකට ඉල්ලුම කරන්නේ නම් අනිවාර්යයෙන්ම ඔබව ජයග්‍රාහකයෙකු කරාවි. එහෙත් නාවික නිල ඔබට නිර්මාණාත්මක රැකියා ක්ෂේත්‍රයේ වූ සම්මුඛ පරීක්ෂණයක් සඳහා නුසුදුසුයි. එයින් ඔබට ගතානුගතික පෙනුමක් ඇති කළ හැකියි.
දුඹුරු වර්ණය
සම්මුඛ සාකච්ඡා වලට කිසිවිටෙකත් දුඹුරු වර්ණයේ ඇදුම් තෝරා නොගන්න. සමහර අවස්ථාවලදී ඔබ ඔබේ කලිසම හෝ සාය දුඹුරු වර්ණයෙන් තෝරා ගන්නවා. එහෙත් එසේ දුඹුරු වර්ණය යොදා ගැනීමෙන් ඔබව ධනාත්මක නොවන , වෙනස් වීම් වලට අකමැති , පරණ තාලයේ අදහස් ඇති අයෙකු ලෙස නිරූපණය කෙරෙනවා.
අළු වර්ණය
බොහෝ දෙනෙකු රැකියා සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරා ගන්නා තවත් වර්ණයක් තමයි අළු වර්ණය. ලා වර්ණයේ සිට තද වර්ණයේ අළු පාට කලිසම් , සාය ඇඳ සිටින අය ඔබට පෙනෙනු ඇත. මෙම වර්ණය කදිම වර්ණයක් වන අතර ඔබ විශ්ලේෂණාත්මක හා තාර්කික චින්තනයෙන් යුත් පුද්ගලයෙකු යන අදහස ලබා දෙන අතර, ඔබ සමාගමට විශාල සම්පතක් වනු ඇත.
තැඹිලි වර්ණය
තැඹිලි වර්ණයේ ඇදුම් කිසිදිනෙක රැකියා සම්මුඛ සාකච්ඡාවකට නොඇඳිය යුතුයි. එයින් ඔබ විනෝදයට වඩා බර වූ රැකියාව කෙරෙහි එතරම් බැරෑරුම් ලෙස නොසිතන කෙනෙකු යන අදහස ලබා දෙයි.
සුදු වර්ණය
ඉතාමත්ම ප්‍රබල හා සුදුසු වර්ණයක් වනවා. ඔබගේ විනිවිද පෙනෙන පෞරුෂත්වය පිළිබඳව හොඳ ධනාත්මක වූ අදහසක් ගෙන දෙයි. එයට නාවික නිල් කලිසමක් හෝ සායක් නම් වඩාත් ගැළැපෙනවා. එසේ ඇදීමෙන් ඔබ රැකියාව ලැබෙන නිවැරදි මාර්ගයෙහි ගමන් කරනු ඇත.
කළු වර්ණය
මෙම වර්ණය ඔබගේ අධිකාරි බලය විදහා දක්වයි. ඉතා ජයග්‍රාහී වර්ණයක් වන බැවින් ඔබව හොඳ බලවත් පාලනයක් යුතුව ක්‍රියාකරන්නෙකු සේ පෙන්වයි. විශේෂයෙන්ම ඔබ කළමනාකරණ තනතුරු මෙන්ම වෙනත් උසස් තනතුරු සඳහා වූ සම්මුඛ සාකච්ඡා වලට යාමට ඉන්නා අයෙකු නම් කිසිදු සැකයක් නැතිව කළු වර්ණය තෝරා ගන්න.
by Kaushalya De Silva
Photo source : Internet
797 Views
Comments