ඔබේ නිවස මාරු කරන්න කලින් මේ ගැන සිතන්න

තමන්ගේම නිවසක් සකස් කර ගන්නකම් වැඩි දෙනෙක් කුලී නිවාස වල වාසය කරනවා. මේ වගේ අවස්ථාවන් වලදී බොහෝ දෙනෙක් මුහුණ දෙන කාරණයක් තමයි කාලෙන් කාලෙට නිවෙස් මාරු කරන්න සිද්ධ වෙන එක. මේ වගේ අවස්ථාවකදී ඔබ සැලකිය යුතු කරුණු කිහිපයක් ගැන මේ ලිපියේ දැනුවත් කෙරෙනවා.
අනවශ්‍ය දේවල් අත්හරින්න
නිවසකින් තවත් නිවසකට යනකොට ගෙනියන බඩුමුට්ටු ටික ඇසුරුම් කරන්න අවශ්‍ය වෙනවා. එහිදී ඊට කලින් අනවශ්‍ය වසරකට වඩා කාලයක් භාවිතා නොකරපු භාණ්ඩ ඇඳුම් වගේ දේවල් ඉවත් කරලා දාන්න. මේ දේවල් අලුත් නිවසකට ගෙනියන්න වග බලා ගන්න එපා. කවදහරි ඕනවෙයි කියලා හිතාගෙන එකතු කරපු හිස් බෑග් හිස් පෙට්ටි බෝතල් මේ වගේ දේවල් අලුත් ගෙදරට යන්න කලින් විසිකරලා දාන්න. නව නිවසේ ඉඩකඩ පරණ නිවසට වඩා සාපේක්ෂව අඩු නම් මේ වගේ වෙලාවකදි ඔබේ මිතුරන්ගෙන් ඥාතින්ගෙන් ලැබුණු තෑගි ගැනත් සලකා බලන්න වෙනවා. විශාල මල් පෝච්චි ෆොටෝ ෆ්‍රේම් වැඩි ප්‍රයෝජනය කරගන්නේ නැති තෑගි භාණ්ඩ අලුත් නිවසට ගෙන යාමෙන් වළකින්න. ඒවා වෙනත් ස්ථානයක ආරක්ෂිතව තබල යන්න පුළුවන්.
ඇසුරුම් පෙට්ටි මිලදී ගන්න
වෙළඳපලේ ප්‍රමාණයෙන් විශාල බරින් අඩු ශක්තිමත් පෙට්ටු මීට සුදුසුයි. ඒ සඳහා කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කරන්නත් පුළුවන්. හැබැයි ඒවා ඔසවාගෙන යන අතරතුර කැඩෙන්නේ නැති එක සහතික වෙන්න අවශ්‍ය වෙනවා.
ඇසුරුම් පෙට්ටි නම් කරන්න
පෙට්ටි වල බඩු අසුරන්න ඕන පිළිවෙලකට. එක පෙට්ටියක පොත් අසුරන්න. තවත් පෙට්ටියක වලන් අසුරන්න. කැඩෙන බිඳෙන සුළු දේවල් වෙනම අසුරන්න. නිවසේ එක් එක් පුද්ගලයාට අයිති දේවල් වෙන වෙනම අසුරන්න. එතකොට ඒවාගේ පිටතින් අදාළ භාණ්ඩ වල නම සටහන් කරලා තිබුණාම නව නිවසට ගියපුවාම ඒවා හොයාගන්න හරිම ලේසියි. ඔබේ කාලය ඉතිරි කරගන්නත් පුළුවන්.
හිටපු නිවස හොඳින් පිරිසිදු කරන්න
ඔබ කලින් හිටියේ කුලී නිවසක වෙන්න පුළුවන්. නමුත් නිවස මාරු කරා කියලා ඔබට එහි වගකීමක් නැති වෙන්නේ නැහැ. ඒ නිසා තවත් කෙනෙකුට එහි එන්න පුළුවන් විදිහට නිවසේ කුණු රොඩු අතුපතු ගා ඉවත් කර එය හොඳින් පිරිසිදු කරලා අයිතිකරුවන්ට භාර දෙන එක ඔබේ වගකීමක්.
මෙන්න මේ වගේ කරුණු ගැන හොඳින් හොඳින් අවධානය යොමු කරලා ඔබත් නිවස මාරු කරන කොට ඒ විදියට කටයුතු කරන්න උත්සාහ කරන්න.
by Dilki Shamani
Photo Source: Internet
688 Views
Comments