නිවසක් හදනවිට ඔබට වරදින තැන්

එකිනෙකාට තියෙන නිවාස අවශ්‍යතාවය වෙනස්. මේ නිසා නිවසක් සෑදීමේදී ඒ පිළිබඳවද නිසි සැලැස්මකින් හා කල්පනාකාරීව කටයුතු කළ යුතු වෙනවා. නමුත් ගොඩක් දෙනා නිවසක් සකස් කිරීමේදී වරද්ද ගන්න තැන් කීපයක් පිළිබඳ මේ ලිපියේ සටහන් කරනව.
තමන්ගේ මූල්‍ය හැකියාව පිළිබඳ දැනුමක් නැතිකම
නිවසක් සැලසුම් කිරීමේදී තමන්ගේ මූල්‍ය හැකියාව පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතු වෙනවා. මූල්‍ය හැකියාවට නොගැලපෙන පරිදි අධික වියදම් සහිත නිවසක් ඉදි කිරීමට යාමෙන් සම්පූර්ණයෙන් ඉදිකිරීමට පෙර අතේ ඇති මුදල් අවසන්වී යනවා. දරුවන් වෙනුවෙන් පාඩම් කරන්න වෙනම පාඩම් කාමරයක් සකස් කිරීම ඉතාම හොඳයි. හැබැයි පවුලේ වැඩිමහලු උදවියට උඩ තට්ටුවට නගින්න අපහසු බව දැන දැනම ඒ අය වෙනුවෙන් ඉහළ මාලයේ කාමර වෙන් කිරීම මුදල් අපතයක් වෙනවා. ඒ නිසා ඔබේ නිවසේ අවශ්‍යතාවය සැබෑවටම ඔබ නිවසකින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන කාරණය පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගන්න හැම විටම උත්සහ කරන්න.
වාස්තු විද්‍යා ගැටලු
ඔබ වාස්තු විද්‍යාව පිළිබඳ විශ්වාස කරන අයෙක් නම් නිවසේ සැලසුම් ඇඳීමට පෙර වාස්තු විද්‍යා දැනුම ලබාගත යුතු වෙනවා. ඇතැම් පුද්ගලයන්ට වාස්තු විද්‍යාව ගැන මතක් වෙන්නෙ නිවස බාගෙට ඉදිකරගෙන යනවිට. ඉදි කරගෙන යන විට නිවසේ සැලැස්ම වෙනස් කරන්න යනකොට අනවශ්‍ය වියදමක් හා කාලයක් අපතේ යනවා.
වෙනත් නිවාස අනුකරණය කරන්න යාම
ලස්සන නිවසක් දැක්කම අපිට ආසයි හිතෙනවා. හැබැයි ඒ නිවාසය ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන එකක් නොවෙන්න පුළුවන්. තමන්ට ගැලපෙන විදියට නිවාස සැලසුම අදින්නේ නැතිව අන් අයගේ නිවාස අනුකරණය කරන්න ගියපුවාම ඔබට මහත් ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වේවි. අනුකරණය කරන්න කරන්න නිවසේ තියෙන අංග ඔබට ඇත්තටම අවශ්‍ය නොවෙන්න පුළුවන් ඒ තුළින් ඔබට අවශ්‍ය අංග මග ඇරෙන්න පුළුවන් .
අලංකාරයට මුල් තැන දීම
ගෘහ අලංකරණ නිවසකට අත්‍යවශ්‍ය අංගයක්. නමුත් ඔබ මුල්තැන දිය යුත්තේ ඔබේ නිවසේ අවශ්‍ය ප්‍රමාණයට කාමර සහ අවකාශය සකස් කරගැනීමටයි. නිවස ඉදි කිරීම පසෙක තබා ගෙවතු අලංකරණයට විසිත්ත කාමරය අලංකරණයට මුල් තැන ලබා දුන්නොත් ඔබ අතේ තියෙන මුදල් ටික නොදැනීම ඉවරවෙලා යාවි.
මේ නිසා තමන්ට අතේ ඇති මුදල පිළිබඳ නියමිත අවබෝධයක් ඇතිව නිවස ඉදිකිරීමේ මූලික අරමුණ හරිහැටි හඳුනාගෙන තමන්ටම ආවේණික ක්‍රමයකට ඔබේ සිහින නිවස හිමි නිම කර ගන්න උත්සහ කරන්න.
by Dilki Shamani
Photo Source: Internet
629 Views
Comments