නිවසේ සින්ක් එක පහසුවෙන් පිරිසිදු කරමු

මුළුතැන්ගෙයි සින්ක් එක කියන්නේ හරිම කාර්යබහුල ස්ථානයක්. නිතර පිරිසිදු කරන්න ඕන. වතුර බහින නැති උනාම හරිම කරදරේ නේද? සමහර වෙලාවල් වලට මොනතරම් තට්ටු කළත් මුළු සින්ක් එකේම වතුර බහින්නේ නැහැ. මේ වගේ වෙලාවක කරල බලන්න පුළුවන් පහසු දේවල් ගැන තමයි මේ ලිපියෙන් ඔබ දැනුවත් කරන්න සුදානම් වෙන්නේ.
බේකින් සෝඩා සමග විනාකිරි
බේකින් සෝඩා සහ විනාකිරි කියන්නේ සින්ක් එකේ තියෙන අපද්‍රව්‍ය බැඳිලා තියෙන දිය සෙවෙල කඩාගෙන යන උදව්වෙන අමුද්‍රව්‍ය. බේකින් සෝඩා මේස හැන්දකට විනාකිරි කෝප්ප බාගයක් මිශ්‍ර කරලා සින්ක් එකේ හිල් වලට වත් කරන්න ඕන. ඊට පස්සේ පැය කාලකින් පමණ උණු වතුර වත් කරපුවාම සින්ක් එක හොඳින් පිරිසිදු කරගන්න ඔබට පහසුවෙන් හැකියාව ලැබෙනවා.
ලුණු කුඩු ස්වල්පයක්
ලුණු කියන්නේ පහසුවෙන් පිරිසිදුකාරකයක් විදියට ගන්න පුළුවන් අමුද්‍රව්‍යක්. ලුණු කුඩු කෝප්ප 1 ක් විතර සින්ක් එකේ හිල් වලට දාලා මිනිත්තු කිහිපයකින් උණු වතුර ස්වල්පය බැගින් ඉවත් කළාම ඉතාම ඉක්මනින් අපද්‍රව්‍ය ඉවත් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සින්ක් එක ඇතුලේ නල මාර්ග වල තියෙන විසබීජ විනාශ වෙනවා.
කෝස්ටික් සෝඩා
කෝස්ටික් සෝඩා සිසිල් ජලය එක්ක මිශ්‍ර කරල තමයි පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ. කෝස්ටික් සෝඩා මිලිලීටර 750ක් ගෙන වතුර ලීටර තුනකට මිශ්‍ර කරන්න අවශ්‍ය වෙනවා. මේ දෙක එකින් එක ක්‍රියා කරන විට උණුසුම් වෙමින් පෙන නැගෙන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. ඉන්පසු එයින් ටිකක් සින්ක් එකට දාලා ටික වෙලාවක් තියලා පැය භාගයකට පමණ පසු උණු වතුර බාල්දි බාගයක් විතර සින්ක් එකට වත් කරාම සින්ක් එකේ තියෙන කුණු විෂබීජ හොඳින් විනාශ වෙනවා.
මේ වගේ පහසු ක්‍රම අනුගමනය කිරීම තුළින් මුලුතැන්ගෙයි සින්ක් එක පමණක් නොවී නාන කාමරයේ සින්ක් එකේ කුණු හිර වෙලා තියන කුණු විෂබීජ ඉවත් කරගන්න ඔබට පහසුවෙන් හැකියාව ලැබෙනවා. මේ දවස් වල නිවසේ සෞඛ්‍යාරක්ෂිත බව ගැන වැඩි සැලකිල්ලක් දක්වන ඕන නිසාම නිවසේ සිටම මේ වගේ දේවල් තුළින් නිවස පිරිසිදු කරගන්න උත්සාහ කරන්න. මේ අමුද්‍රව්‍ය පහසුවෙන් සොයාගන්න පුළුවන් නිසා වැඩි වියදමක් සහ මහන්සියක් ඒ වෙනුවෙන් ඔබට වැය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අහිතකර රසායනික ද්‍රව්‍ය නිසා වන සෞඛ්‍ය අවදානම් තත්ත්ව මග හරවා ගන්න පුළුවන් වෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
1306 Views
Comments