දරුවන්ගේ නාසය හිරවීම ගැන ඔබ දන්නවාද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

දරුවන්ගේ නාසය හිරවීම ගැන ඔබ දන්නවාද?

දරුවන්ගේ නාසය හිරවීම ගැන ඔබ දන්නවාද?

පුංචි ළමයින්ට සෙම්ප්‍රතිශාව හැදුනහම ඇතිවන බහුල තත්ත්වයක් තමයි නාසය සිරවීම. ඒවගේ වෙලාවක ඔබ අනුගමනය කරන්න ඕන කරුණු ගැන දැනුවත්ද? මේ ඒ පිළිබඳ සටහනක්.

පුංචි දරුවන්ගේ සෙම්ප්‍රතිශ්‍යාව ආසාත්මිකතා නැත්නම් අස්ථි කුහරයේ ආසාදන නිසා රුධිර නාල උත්තේජනය වීම මගින් නාසය හිර වෙනවා. මේ වගේ අවස්ථාවක දරුවන්ගේ නාසය හිරවීම සුව කරගන්න පහසුවෙන් පුළුවන්. ඒ සඳහා ඖෂධ මත රැඳී සිටීමම අවශ්‍ය වන්නේ නැහැ.

දරුවා නිදාගෙන සිටියදී ඔහුගේ හිස ඉහළට ඔසවන්න

දරුවාගේ වයස අවුරුදු 2 ට වඩා අඩු නම් නාසය සිර වී ඇති නම් විශේෂයෙන් ඔහු කොට්ටයක් භාවිතා නොකරන්නේ නම් හිස ඉහළට ඔසවා නොමැතිනම් නින්දා සිටියදී ස්වසන මාර්ගය ගැටලු ඇති වෙන්න පුළුවන්. කුඩා දරුවන්ගේ හුස්ම හිරවීමේ අවදානමක් ඇති නිසා ඔවුන්ට කොට්ට භාවිතය නිර්දේශ නොකරන අතර මෙට්ටෙ යටින් යමක් තබා හිස ඉහළට එසවෙන ලෙස සකස් කිරීමෙන් දරුවාට පහසුවෙන් හුස්ම ගන්න උදව් කරන්න පුළුවන්.

වාෂ්ප ඇල්ලීම

උණුසුම් වාෂ්ප වලට නාස් කුහර වල සිරවීම් ලිහිල් කරන්න පුළුවන්. ඒ නිසා වාෂ්ප උත්තේජනය කිරීම සඳහා ඔබේ නාන කාමරයේ උණු වතුර කරාමය විවෘත කර තබන්න. දොර වසා දරුවා සමඟ අවම වශයෙන් විනාඩි 15ක් වත් නාන කාමරය තුළ රැඳී සිටිමින් මේ ගතිය අඩුකර ගන්න පුළුවන්.

වික්ස් ආලේපය

සාමාන්‍ය හෝ ළදරුවෙක් ඔබේ දරුවාගේ පතුලේ ආලේප කර හොඳින් පිරිමැද මේස් කුට්ටමකින් ආවරණය කර දරුවාව නින්දට සැලැස්වීම දරුවාගේ හුස්ම ගැනීම පහසු කරනවා. ඒවා පපුවේ සහ පිටුපස හෝ මෙට්ටයේ ආලේප කිරීමත් සුදුසු වෙනවා.

නාස් කුහර පිරිසිදු කරන උපකරණ භාවිතය

කුඩා දරුවන්ගේ නාසයේ ඇති ශ්ලේෂ්මල උරා ගැනීම සඳහා නාස් කුහරය පිරිසිදු කරන උපකරණ භාවිතා කරන්න පුළුවන්. නාස් කුහරය පිරිසිදු කරන උපකරණයෙන් ඔබේ දරුවාගේ නාස් කුහර හොඳින් පිරිසිදු කරන්න.

 

 

 


වාෂ්පකාරක උපකරණ භාවිතය

වාෂ්පකරන උපකරණ මගින් වාතය තෙත් වන අතර ඔබේ දරුවාට හුස්ම ගැනීම පහසු කරවනවා. එය ඔබ වායුසමීකරණය භාවිතා කරන විට විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. එමගින් වාතයේ තෙතමනය උරාගෙන දරුවාගේ නාසය ලිහිල් වෙනවා. ඔබට ඉයුකැලිප්ටස් තෙල් හෝ මෙන්තෝල් එකතු කළ හැකි අතර එය දරුවාගේ හිරඋන නාසය ලිහිල් කරන්න උපකාරී වෙනවා.

මේ වගේ සරල පිළියම් ඔස්සේ දරුවන්ගේ නාසයේ ඇතිවන හදිසි සිරවීම් පහසුවෙන් මගහරවා ගන්න හැකියාව ලැබෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

1833 Views

Comments

arrow-up