අක්මාවේ තෙල් තැන්පත් වීම වළක්වා ගන්න සරල උපදෙස්

අක්මාවේ තෙල් තැන්පත් වීම කියන්නේ ටිකක් දරුණු රෝගී තත්ත්වයක්. මේ රෝගී තත්ත්වය සුව කරගන්න නම් එය වැළඳුණු පුද්ගලයා ඒ පිළිබඳ නිසි අවධානයකින් හා පාලනයකින් කටයුතු කළ යුතු වෙනවා. මෙවැනි රෝගී තත්ත්ව ඇති වූවන්ට ඉක්මනින් සුව කරගන්න වගේම එවැනි රෝගී තත්ත්ව ඇතිවීම වළක්වන්න මේ පහසු උපදෙස් පිළිපදින්න.
* දිනකට අවම වශයෙන් මිනිත්තු හතළිහක් හෝ හොඳින් ඇවිදින්න. හොඳින් ව්‍යායාම කරන්න.
* ගැඹුරු තෙලේ බදින ලද ශෝටීස් වර්ග තෙල් සහිත පාන් පිටි ආහාර ක්ෂණික ආහාර ගැනීම අවම කරන්න.
* හරක් මස් ඌරු මස් ඉස්සන් දැල්ලන් වැනි ආහාර හැකි තරම් අඩු කරන්න.
* කිරිපිටි බටර් මාගරින් වැනි ආහාර භාවිතය අඩු කරන්න.
* හීං බෝවිටියා කොළ බෙහෙත් හීනැටි සහල් සමඟ කොළ කැඳ මොණරකුඩුම්බිය කොළ කැඳ යකිනාරං කොල කැද අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කිරීම ගුණදායක වෙනවා.
*කොලෙස්ට්‍රෝල් මට්ටම පරීක්ෂා කර එහි වැඩිවීමක් ඇත්නම් සුදුසු ආහාර පාලනයක් සහිතව දේශීය ඖෂධ භාවිතා කරන්න.
* ඇල්කොහොල් වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම නතර කරන්න. ඇල්කොහොල් අඩංගු බීම වර්ග භාවිතය අඩු කරන්න.
* රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වී ඇති විට විශේෂ හේතුවක් නොමැතිව උදේ අවදි වන විට ඔබේ පාදයේ වළලුකර ප්‍රදේශය ඉදිමී ඇත්නම් ඔබ මුත්‍රා වල වර්ණය අඳුරු පැහැයට හුරු නම් ඔබට වෙනදාට වඩා වෙහෙසකාරී බවක් දැනෙනවා නම් වහාම අක්මාව පරික්ෂා කරගන්න.
* දීර්ඝකාලීන මත්පෙති භාවිතා කරනවා නම් දුම්වැටි භාවිතා කරනවා නම් ඔබ අක්මාව පරික්ෂා කරගත යුතු වෙනවා.
* ඔබ අධික ස්ථූලතාවයෙන් පෙළෙනවානම් දියවැඩියාව කොලෙස්ටරෝල් සහිත නම් අක්මාව අනිවාර්යෙන් පරික්ෂා කර ගන්න අමතක කරන්න එපා.
* වෛද්‍ය උපදෙස් සහිතව සුදුසු මාත්‍රාවකින් ත්‍රිපලා පානයට හුරුවන්න.
* ශාක තෙල් හෝ සත්ව තෙල් ආහාර පිසීම සඳහා අවම වශයෙන් භාවිතා කරන්න.
*වෛද්‍ය උපදෙස් මත අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් රිපොර්ට් liver profile පරීක්ෂාකර අක්මාවේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනගන්න.
* Fatty liver අවස්ථාවේ අවසාන ප්‍රතිඵලය සිරෝසිස් වන බැවින් ස්කෑන් එකකින් සහ අක්මාවට හානි සිදුවී ඇතිද යන්න liver profile එකකින් දැනගැනීම ඉතාම වැදගත් වෙනවා.
අක්මාව කියන්නේ මිනිස් සිරුරේ කාර්යයන් පන්සීයකට වඩා සිදු කරන ඉතාම වැදගත් ඉන්ද්‍රියක්. ඔබේ වැරදි ආහාර පුරුදු නිද්‍රාශීලී ජීවන රටාව දීර්ඝකාලීන බටහිර ඖෂධ භාවිතය දියවැඩියාව කොලෙස්ටරෝල් වැනි රෝගී තත්ත්වයන් නිසා මෙය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිසි උපදෙස් පිළිපැද ඔබේ අක්මාව නීරෝගීව තබා ගන්න.
by Dilki Shamani
Photo Source: Internet
1842 Views
Comments