අවයව බද්ධ කිරීම ගැන

ඕනෑම අයකුට අවයව බද්ධ කිරීමක් අවශ්‍ය ඔවුන්ගේ අවයව වල ක්‍රියාකාරිත්වයේ අඩු වීමක් නිසා. එසේ වීමෙන් එම රෝගියා මිය යා හැකියි. මියගිය අයෙකුගේ ඇස් දන්දීමෙන් අන්ධභාවයට පත්වූ රෝගීන්ට යළි පෙනීම් ලබාදීමට හැකියාව ලැබෙනවා. වකුගඩුවල ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වූ රෝගියෙකුගේ රුධිර කාන්දුකරණයට ලක් නොකළ විට එම රෝගියා මිය යා හැකියි. එමෙන්ම සිරෝසිස් වැනි රෝග නිසා අක්මාව අකර්මණ්‍ය වන රෝගීන් සඳහාද අක්මාවක් නොමැතිකම නිසා මිය යා හැකි. ඊට අමතරව දීර්ඝ කාලීනව පවතින දියවැඩියාව නිසා එහෙමත් අග්න්‍යාසය නැත්නම් ඇලදිව අකර්මණ්‍ය වීමෙන් රෝගීන් මිය යනවා. මේ වගේ හේතු නිසා රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සදහා අකර්මණ්‍ය වන අවයව වලට අවයව බද්ධ කිරීමේ අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා.
ලෝකයේ සෞඛය ක්ෂේත්‍රයේ ඉතා දියුණුවක් ඇති රටක් වුවත් ඇතැම් අවයව අකර්මණ්‍ය වීම නිසා රෝගීන් වැඩි පිරිසක් ඇමරිකා එක්සත් ජනපදයේදී මිය යනවා. එවැනි රටක වුවද ලක්ෂයක පමණ රෝගීන් පිරිසක් කුමන හෝ අවයවයක් අකර්මණ්‍ය වීමෙන් එම අවයව අපේක්ෂාවෙන් බලා සිටින බව ඔබ දන්නවාද?
ශ්‍රී ලංකාවේ තත්ත්වයක් ඇමරිකාවේ තත්ත්වයට දෙවැනි වන්නේ නැහැ. දැනට ඇති වාර්තාවලට අනුව ලංකාවේ පමණක් වකුගඩු රෝගීන් 63000 පමණ හදුනාගෙන තිබෙනවා. ඉන් විසිදාහක් පමණ හේතුව හරිහැටි හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් පෙළෙනවා. ඒනිසා අපේ රටෙත් අවයව බද්ධ කිරීම හා ඊට අවශ්‍ය පහසුකම් සහිත රෝහල් ස්ථාපිත කිරීම අවශ්‍ය වී තිබෙනවා.
මේ අනුව අවයව බද්ධ කිරීමේ රෝහල් අතරින් ප්‍රධාන තැනක් ගන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලයි. මෙහි 2000 වසරේ දී ආරම්භ කළ අවයව බද්ධ කිරීමේ ඒකකය අද වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.
මොළය මිය ගිය එක් රෝගියෙකුගෙන් ලබාගත් අවයව වලින් තවත් රෝගීන් අට දෙනෙක් ජීවත් කළ හැකි හැකි බව වෛද්‍යවරුන් පවසනවා. ඒ එම රෝගියාගේ වකුගඩු අක්මාව අගන්‍යාසය හෘදය වස්තුව පෙනහළු සහ බඩවැල් බද්ධ කිරීමෙන්.මෙපමණක් නොවෙයි මෙලෙස මොළය මියගිය රෝගීන්ගෙන් තවත් පටක 50ක් පමණ ලබාගත හැකියි. ඒ අස්ථි රුධිරවාහිනී සම සන්ධි ආදියයි. මේවගෙන් තවත් රෝගීන් 58 දෙනෙකුට යම් තාක් දුරකට හෝ ජීවත්වීමට අවස්ථාව ලැබෙනවා. අද වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පමණක් මොළය මිය ගිය රෝගීන් අට දෙනෙකුගෙන් වකුගඩු දාසයක් ලබාගෙන බද්ධ කිරීම තිස් දෙකක් රෝහල තුළම සිදු කර තිබෙනවා. එසේ ලබාගත් අක්මා තුනක් වෙනත් රෝහල්වල අක්මා බද්ධයන්ට ලබාදී තියෙනවා.
මෙලෙස මොළය අක්‍රිය තත්වයට පත්වූ පුද්ගලයෙකුගේ අවයව වෙනත් රෝගීන්ට දන්දීම වැඩි වශයෙන් අද වන විට දක්නට ලැබෙනවා. ඒ අනුව වසර තුනකට පමණ පෙර සිට අවයව දන්දීමේ අවශ්‍යතාව ජනතාවට කියා දෙමින් ඊට අවශ්‍ය කටයුතු රජයේ මගින් කරගෙන යනවා.
by Dilki Shamani
Photo Source: Internet
1019 Views
Comments