ගෙබිමට ටයිල්

මේ සූදානම් වෙන්නේ නිවසේ ගෙබිම සැරසීමට යොදා ගත හැකි ටයිල් වර්ග පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි.
ටයිල් වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියනවා. එනම් සෙරමික් ටයිල් සහ ගලෙන් නිමවූ ටයිල්. සෙරමික් ටයිල් කියන්නේ මැටි ජිප්සම් සහ වැලි යන මූලික ද්‍රව්‍ය වලින් සෑදුණු ටයිල් වලට. මේ ටයිල් විවිධ වර්ණයෙන් සහ මෝස්තර වලින් ගැනීමට හැකියාව තියනවා. සෙරමික් ටයිල් වර්ග දෙකක් තියෙනවා. ඒවා මතුපිට ඔපදැමූ සහ මතුපිට ඔප නොදැමූ ටයිල් ලෙස වර්ග කෙරෙනවා. මතුපිට ඔපදැමූ ටයිල් දිලිසෙන ස්වභාවයක් ගන්නවා. ඔප නොදැමූ ටයිල් මතුපිට රළු ස්වභාවයක් ගන්නවා. නිවසේ තෙතමනය සහිත ප්‍රදේශ වලට වඩාත් සුදුසු වන්නේ ඔප නොදැමු ටයිල් වර්ග. ඒවා ලිස්සා යෑමේ අවදානම අඩු කරනවා.
ගල්වලින් සෑදූ ටයිල් වර්ග තුනක් තියෙනවා. එනම් ග්‍රැනයිට් මාබල් සහ ස්ලේට් ටයිල්. මේවා සාදා ඇත්තේ ස්වභාවික ගල් වලින්. ග්‍රැනයිට් ටයිල් වල බරට ඔරොත්තු දීමේ හැකියාව වැඩියි. එම නිසා ඕනෑම පොළොවක මෙන්ම බිත්තියකටද මේ ටයිල් සුදුසු වෙනවා. ග්‍රැනයිට් ටයිල් පැල්ලම් වලට ඔරොත්තු දෙන අතර පිරිසිදු කිරීම ඉතාම පහසුයි.
මාබල් ටයිල් ග්‍රැනයිට් ටයිල් වලට වඩා මදක් වෙනස්. මේවා පහසුවෙන් පැල්ලම් සිටින අතර ග්‍රැනයිට් ටයිල් තරම් මේවා ශක්තිමත් නොවේ. ඒත් පොළොව සහ බිත්තියේ යන දෙකටම මේ ටයිල් යොදා ගත හැකියි ස්ලේට් ටයිල් පොළවට මෙන්ම බිත්තියටත් සුදුසුයි. සීරීම් වලට ඔරොත්තු දෙන මෙම ටයිල් සිදුරු සහිත නිසා නිතර ඒවා වැසීමට පියවර ගත යුතුයි. ඕනෑම ටයිල් වර්ගයක් නිසි ලෙස යොදාගත හොත් වැඩි කාලයක් තබා ගැනීමට හැකියාව ලැබෙනවා.
ස්වභාවික මැටි වලින් නිම කරන ලද තවත් ටයිල් වර්ගයක් ලෙස ටෙරාකොටා ටයිල් හැඳින්විය හැකි. මෙය ටයිල් මගින් පැරණි තාලය ඉස්මතු කරනවා. මේවායේ වතුර උරා ගැනීමේ හැකියාව වැඩි නිසා නිරතුරුවම එය වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගතයුතු වෙනවා.
මොසැක් ටයිල් කියන්නේ ඒ අතර තවත් ප්‍රචලිත වර්ගයක්. මේවා වීදුරු හෝ සෙරමික් වලින් සෑදූ අඟල් හයකට වඩා අඩු කුඩා ටයිල් කැබලි වල එකතුවක් සේ දිස්වෙනවා. විවිධ වර්ණ සහ මෝස්තර නිරූපණය වන මොසැක් ටයිල් වර්ග තියෙනවා. මෙය පිරිසිදු කිරීම පහසු වන අතර නිවෙස තුළ මෙන්ම නිවසින් පිටතද මතුපිට සඳහා සුදුසු වෙනවා.
මේ ආකාරයට නිවසේ අවශ්‍යතාවය හඳුනා හඳුනාගනිමින් සුදුසු ටයිල් වර්ගයකින් ගෙබිම අලංකාර කර ගන්න උත්සාහ කරන්න
by Dilki Shamani
Photo Source: Internet
1461 Views
Comments