ලොකුවට පෙනෙන කුඩා නාන කාමරයක්

නාන කාමරයක් කියන්නේ නිවසට අත්‍යවශ්‍ය අංගයක්. නාන කාමරයක් සෑදීමේ නිවසේ ඉඩ ප්‍රමාණයට අනුවයි. ඒ අනුව කුඩා නිවසක නාන කාමරයට වෙන් කළ යුතු වන්නේ කුඩා ඉඩ ප්‍රමාණයක්. මේ සූදානම් වෙන්නේ කුඩා නාන කාමරය ලොකු කර පෙන්වන්න අනුගමනය කළ හැකි උපක්‍රම කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න.
කුඩා ඉඩක් වත් අපතේ නොහරින්න
නාන කාමරය මනා ලෙස සැලසුම් කරගත යුතු වෙනවා. නාන කාමරයට අවශ්‍ය සියලු භාණ්ඩ ක්‍රමවත්ව ඉඩ නොඇහිරෙන පරිදි තබා ගන්න. උදාහරණයක් ලෙස නාන කාමරයේ දොර විවෘත වන ආකාරය අනුව එම ස්ථානවල ඉඩකඩ ඇත්නම් හෝ ජනේලයක් ලගින් නැත්නම් ඒ අසල සින්ක් එකක් යොදා ගත හැකියි.
හිරු එළිය හොඳින් ලබාදීමට කවුළුවක් වෙනුවට ජනේලයක්
කුඩා නාන කාමරයකට හැකිතරම් හිරු එළිය ලබාදිය යුතුයි. එමගින් එම නානකාමරයේ විශාලත්වය වැඩිකර පෙනෙනවා. මේ නිසා නාන කාමරයේ කුඩා කවුළු වෙනුවට ගැලපෙන ආකාරයට ජනෙල් සවිකර ඒවට හැකි තරම් සැහැල්ලු රෙදි වලින් තිරරෙදි යොදන්න.
ගබඩා පහසුකම් ලබා ගන්නේ කොහොමද
නාන කාමරේට අවශ්‍ය භාණ්ඩ තබා ගැනීමට ප්‍රමාණවත් ඉඩකඩ වෙන්කර ගැනීම අවශ්‍ය වෙනවා. මෙහිදී එළියට පෙනෙන හා නොපෙනෙන ලෙස කබඩ් එකක් තුළ අවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කළ හැකි වෙනවා. නිතර පාවිච්චි කරන දෑ පෙනෙන තැනක තබා ගැනීම පහසුවක් වෙනවා. නිතර භාවිතා නොකරන දේවල් වසා තැබිය හැකි කබඩ් එක තැන්පත් කළ හැකියි.
පිටතට විවෘත කරන දොරක්
කුඩා නාන කාමරවල ඉඩ පිරිමසාගැනීමට කාමරයෙන් පිටතට දොර විවෘත වන ලෙස සකස් සකස් කරන්න. නැත්නම් පැත්තට තල්ලු කළ හැකි දොරක් සවිකරන්න. ඉන් ඉඩ පිරිමැසෙනවා වගේම ක්‍රමවත් බවක් එක් වෙනවා.
විශාල කණ්ණාඩියක් එල්ලන්න
නානකාමරයේ කණ්ණාඩියක් එල්ලීමෙන් කාමරයේ ඇති ඉඩ වැඩි කර පෙන්වනවා. මේ සඳහා විශාල කණ්නාඩියක් හෝ කුඩා කණ්නාඩි කිහිපයක් වුනත් යොදාගන්න පුළුවන්. එය කාමරේ ප්‍රමාණය අනුව තෝරාගන්න.
බිත්ති වලට ලා වර්ණ ආලේප කරන්න
කුඩා නාන කාමරයකට වඩාත් ගැලපෙන්නේ ලා පැහැයයි. ඒත් නාන කාමරයට මනා හිරු එළියක් ලැබෙනවා නම් තද පැහැය වුණත් ආලේප කලාට වරදක් නැහැ. ළා පැහැ බිත්ති මානසික සන්සුන් බවක් ඇති කරනවා.
ඒ නිසා ඔබේ නිවසේ නාන කාමරය සකස් කිරීමේදී හෝ එය නැවත අළුත්වැඩියා කිරීමේදී මේ කරුණු පිළිබඳ මතක තබාගන්න.
by Dilki Shamani
Photo Source: Internet
522 Views
Comments