ආහාර වලින් ඖෂධ වලට වන බලපෑම

අද වන විට බෝ නොවන රෝග මෙන්ම බෝවන රෝග බොහෝමයක් නිසා ඖෂධ ගැනීමෙන් වැලකී සිටීමට හැක්කේ ඉතාම සුළු වශයෙන්. දියවැඩියාව අධි රුධිර පීඩනය කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යාම වැනි තත්ත්වවලදී දීර්ඝකාලීන ප්‍රතිකාර ගැනීම සඳහා ඖෂධ භාවිතා කළ යුතු වෙනවා. එහෙත් අප නොදැනුවත්ව හෝ දැනුවත්ව අප ගන්නා ඖෂධවල ගුණාත්මක භාවය මෙන්ම අපේ සමහර ආහාර පාන වැරදි ක්‍රියාකාරකම් නිසා මෙම ඖෂධවල ගුණාත්මක භාවයට හානි සිදු වන අවස්ථා තියෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.
සමහර ඖෂධ වර්ග ගැනීමේදී ඖෂධයක් තවත් වෙනස් ආකාරයේ ඖෂධ කාණ්ඩයක් සමඟ ගැනීමේදී හෝ නික්ෂේපණ කිරීමේදී එම ඖෂධ අතර අන්තර් ක්‍රියා සිදුවීමට ඉඩ තියෙනවා. මීට අමතරව අප විසින් ආහාරයට ගන්නා ඇතැම් කෑම බීම වර්ග වල අඩංගු සංඝටක නිසාත් ඖෂධ වල අඩංගු ගුණාත්මකභාවයේ වෙනසක් ඇති වෙනවා. දොඩම් කුලයේ තැඹිලි පැහැයෙන් යුත් පලතුරු මඟින් බොහෝ ඖෂධ වල බඩවැලේ සිදුවන අවශෝෂණයට බාධා ඇති වෙනවා. එමගින් අන්ත්‍රයේ ඇති සමහර සෛල වලින් සිදුවන උරා ගැනීමේ ක්‍රියාවලියට බාධා සිදුවන නිසා සාමාන්‍යයෙන් ඖෂධ වර්ග 50ක් පමණ සිරුරට උරා ගැනීමේදී පරිවෘත්තිය ක්‍රියාවලියට බාධා ඇති වෙනවා.
කිරි සමග ඇතැම් ඖෂධ වර්ග ගැනීමේදී ආහාර ප්‍රතිජීවක ඖෂධ වලට පරිවෘත්තීය ක්‍රියාවලියට බාධා ඇතිවන අතර මෙයට ප්‍රධානතම හේතුව ලෙස සැලකෙන්නේ කිරිවල අධිකව අන්තර්ගත වී තිබෙන කැල්සියම් හා මැග්නීසියම් වැනි ඛනිජ ලවණ වල බලපෑම වීමයි. මීට අමතරව කිරි වල අඩංගු කේසීන් නම් ප්‍රෝටීනය ද මේ සඳහා බලපාන බව සොයා ගෙන තියෙනවා. මේ නිසා ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කිරීම එයට අහිතකර ආහාර පාන මොනවාදැයි හරිහැටි අවබෝධයක් ලබාගන්න.
ඊට අමතරව චොක්ලට් සමඟද සමහර ඖෂධ වර්ග ගැනීමේදී එහි ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙනවා. සමහර ඖෂධවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. නිදිමත ගතිය ඇතිකරවන සොලිෆිඩෙම් නම් ඖෂධයේ ක්‍රියාකාරිත්වය අඩපණ කරන අතර මෙතිල්ෆෙනිඩේට් වැනි ඖෂධ වල ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. මීට අමතරව ආතතිය වැනි අවස්ථාවලදී ගන්න ටොනො ඇමයින් ඔක්සිඩේස් අවහිරකාරක මගින් අපේ ශරීරයේ රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස ඉහළ යෑමට ඉඩ තියෙනවා. මත්පැන් පාවිච්චි කර ඇති අවස්ථාවේ ගන්නා බොහෝ ඖෂධවල ගුණාත්මක භාවය සහ ක්‍රියාකාරිත්වය අඩු වී ඒවා සිරුර ලබාගැනීම සම්පූර්ණයෙන් නිෂ්ඵල වන අවස්ථා තියෙනවා. අධි රුධිර පීඩනය හෘදයාබාධ සඳහා ගනු ලබන බොහෝ ඖෂධ මත්පැන් පානය කර ඇති අවස්ථාවක ගන්නේ නම් එයින් ප්‍රතිඵල ලැබෙන්නේ ඉතාම සුළු වශයෙන්. බොහෝ මානසික රෝගීන් ව්‍යාධිය සදහා භාවිතා කරන ලිතියම් සහ ක්ලෝසපින් වැනි ඖෂධවල ගුණාත්මකභාවය සහ ක්‍රියාකාරීත්වය කෝපි පානය නිසා අඩු වෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
805 Views
Comments