දරුවකුට උණ රෝගය වැළඳුණු විට දිය යුතු ආහාර වර්ග

දරුවකු රෝගී වීමත් සමග බොහෝ දරුවන් ආහාර පාන ගැනීමට ප්‍රතික්ෂේප කරනවා. මේ තුලින් මාපියන් වන ඔබ තවත් අසහනයට පත්වෙනවා.සාමාන්‍යයෙන් දරුවකු රෝගී වීමත් සමග දරුවාගේ ආහාර වේල ගැන මාපියන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි .ඒ එම අවධියේ දී දරුවා නිරන්තරයෙන් ම වර්ධන ක්‍රියාවලියට නතු වන නිසා රෝගී තත්ත්වය හේතුවෙන් ඔවුන්ට නිසි පෝෂණයක් ලබා දීම නොවුනහොත් දරුවාගේ වර්ධන ක්‍රියාවලිය බාල විය හැකි නිසායි.
දරුවන්ගේ රෝගී තත්ව පිළිබඳව කතා කිරීමේදී සමහර දරුවන් පීඩා විඳින්නේ නිදන් රෝග වලින් උදාහරණයක් වශයෙන් ළමා වියේදී ඇතිවන දියවැඩියා වැනි රෝගී තත්ත්ව හැඳින්විය හැකියි .ඒ වගේම ඕනෑම දරුවෙකු බෝවන රෝගයක් වැනි කෙටි කාලීන රෝග වලටද ගොදුරු විය හැකි .රෝගයෙ ස්වභාවය කෙසේ වූවත් දරුවාට මනා පෝෂණයක් ලබා දීම කල යුතුයි . දරුවෙකුට දෙන ආහාරයක් සීමා කළ යුත්තේ හෝ නැවැත්විය යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණයි .සාම්ප්‍රදායික මති මතාන්තර අනුව හිතුමතේ ආහාර නැවැත්වීම කිසිවිටකත් නොකළ යුතුයි .මේ නිසා මෙම ලිපිය තුලින්න් අපි කතා කරනු ලබන්නේ දරුවෙකුට උණ රෝගය වැළදුණු විට ලබා දිය යුතු ආහාර පිළිබඳයි.
බොහෝ දෙනෙක් උණ යනු රෝගයක් කියා සිතාගෙන සිටියද උණ යනු රෝග ලකුණකි අපේ සිරුරේ ඇති රසායනික ද්‍රව්‍ය මඟින් රෝගී විට ඇති කරන ප්‍රතික්‍රියාවක් ලෙස උණ දැක්විය හැකිය උණ ඇති විට දරුවන් ආහාර පාන ගැනීමට මැලිකමක් දක්වනවා.උණ නිසා ඇතිවන උණුසුම නිසාත් සිරුරේ නිපදවන රසායන නිසාත් මේ තත්ත්වය ඇති වේ.
මාපියන් මෙවිට බලෙන් හෝ දරුවාට කැවීමට පෙළඹෙයි .නමුත් දරුවකුට ඝන ආහාර නොගෙන දින දෙක තුනක් හෝ සිටිය හැකි නමුත් පාන වර්ග නැතිව සිටිය නොහැකිය සිරුරේ උණුසුම අඩු කර ගැනීමටත් දියර පානය වැදගත් වන නිසා අවශ්‍ය තරම් දියර ආහාර නොලැබුණොත් දරුවා විජලනයට පත් වීමටත් ඒ නිසාම ශරීරයේ ඉන්ද්‍රියන් අඩපණ වීමටත් පුළුවන් .
ඩෙංගු වැනි රෝගී තත්වයකදී පවා දරුවා විජලනයට පත් නොවීමට හොඳින් ජලය වැනි පාන වර්ග ලබාදිය යුතුය සමහර මාපියන්ට දරුවාට අවශ්‍ය ජල ප්‍රමාණය තීරණය කිරීමට අසීරුයි. නමුත් එය අසීරු දෙයක් නොවේ .දරුවා නැගිට සිටින සෑම පැයකට වරක්ම දරුවාගේ බර කිලෝග්‍රෑම් ප්‍රමාණයෙන් හතර ගුණයක් ජලය මිලි ලීටර් වලින් ලබා දෙන්න .උදාහරණයක් ලෙස දරුවා කිලෝ ග්‍රෑම් දහයක් බර නම් පැයකට ජල ප්‍රමාණය මිලිලීටර් 40 ක ජල ප්‍රමාණයක් ලබා දෙන්න.දරුවා විජලනයෙන් තොරව තබා ගැනීමට ඒ දියර ප්‍රමාණය ප්‍රමාණවත් වේ .ලුණු සීනි අඩුවෙන් ආහාරයට එක් කර ගත යුතු නමුත් මෙවැනි අවස්ථාවක යම් ප්‍රමාණයකට ලුණු සීනි එක්කර දීම වැදගත්ය ජීවනී තැඹිලි වතුර ලුණු සීනි එක් කර සෑදූ පලතුරු බීම මෙවැනි අවස්ථාවකට කදිමය එකවර විශාල ප්‍රමාණයක් පානය කිරීමට රුචියක් දරුවාට නැති නිසා මුලින් තේ හැන්දක ප්‍රමාණය පොවන්න පසුව දියර ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කරන්න .
මෙසේ රෝගී අවස්ථාවකදී වුවද දරුවාගේ පෝෂණය පිළිබඳ ව නිරන්තරයෙන් අවධානයෙන් සිටීමට මාපියන් වන ඔබ වග බලා ගන්න.
By : Dilki Shamani
Photo Source : Internet
751 Views
Comments