විටමින් සී හෙවත් ඇස්කොබික් අම්ලය පිළිබඳව ඔබ දැනුවත්ද

විටමින් සී හෙවත් ඇස්කෝබික් අම්ලය මේදය, ප්‍රෝටීන, ඇමයිනෝ අම්ල, යකඩ සහ තඹ පරිවෘත්තීය සඳහා අවශ්‍ය වේ. විටමින් බී වල පරිවෘත්තිය සඳහාද විටමින් සී අවශ්‍ය වේ. ශරීරය පුරා පැතිර ඇති කොලජන් නම් protein වර්ගය නිෂ්පාදනය කිරීමට ද විටමින් සී දායක වේ. එවිට තුවාල සුව වීම, අස්ථි සහ දත් වැඩිම, ලේ ගැලීම පාලනය විටමින් සී මගින් සිදුවේ. මීට අමතරව රතු රුධිරාණු නිපදවීම සඳහාද ඇස්කෝබික් අම්ලය දායක වේ. ඇත්ත වශයෙන්ම විටමින් සී කාබෝහයිඩ්‍රේටයකි. බොහෝ සත්වයන්ගේ ශරීරය තුළ ග්ලූකෝස් මගින් ඇස්කොබික් අම්ලය තනා ගන්නා අතර මිනිසාට තම සිරුර තුළ එය සාදා ගත නොහැකි බව ඔබ දන්නවාද. එයට හේතුව ඒ සඳහා අවශ්‍ය වන එක් එන්සයිමයක් අප ශරීරය තුල නොමැති වීමයි.
ඇස්කෝබික් අම්ලය ද දේහ අණුවල ඔක්සිජන් සමග ක්‍රියා කිරීමෙන් සිදුවිය හැකි අනතුරු තත්ත්වයන් අඩු කිරීමේ හැකියාව ඇති සංයෝගයකි. තවද ප්‍රති ඔක්සිකාරකයකි. විටමින් සී අප සිරුරේ අලුත් පටක සෑදීමට උපකාරී වේ. එමගින් තුවාල සුව වීම ඉක්මන් කරයි. ශරීරයට ඇතුළුවන ඊයම්, රසදිය, යකඩ, තඹ ආදිය බැර ලෝහයන්ගේ අයන නිසා ධමනි වලට හානි සිදුවේ. එවිට එවන් ස්ථානවල කැල්සියම් සහ කොලෙස්ටරෝල් තැන්පත් වී ධමනි අවහිර ඇති වේ. මෙහිදී හෘදයේ රුධිර වාහිනීවලද අවහිරතා ඇති විය හැකි යි. විටමින් සී මගින් එම ක්‍රියාවලිය වළකාලයි. එබැවින් හෘද රෝගීන්ට විටමින් සී ඉතා ප්‍රයෝජනවත්. විටමින් c අඩංගු ආහාර නොගැනීම නිසා ස්කවි නැමැති රෝගී තත්ත්වය ඇතිවන බව ඔබ දන්නවාද. එවිට තුවාල සුවවීම ප්‍රමාද වේ. අස්ථි වර්ධනය අඩාල වන අතර ලේ නහර ලේසියෙන්ම කැඩී යයි. විදුරුමසින් රුධිරය ගැනීමද සිදුවේ. තවද දත් බුරුල් වන අතර මුඛයේ ආසාදනයන් ඇති වේ. ලේ වමනය සහ මළපහ සමග ලේ පිට වී අවසානයේ මරණයද සිදුවිය හැකියි. දොඩම් සහ දෙහි අයත් වන citrazine කුලයේ පලතුරු සහ නැවුම් එළවළු ආහාරයට ගැනීමෙන් ස්කවි රෝගය සුවවන බව පෙර දා සිටම මිනිසුන් අත්දැකීමෙන් දැන සිටියෝය.
ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවේ ඇති තරම් දෙහි දොඩම් නෙල්ලි සහ පේර වැනි විටමින් c අඩංගු ආහාර බහුලව පරිභෝජනයට ගැනෙන නිසා විටමින් c ඌනතා ව දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. නෙල්ලි පේර සහ කජු පුහුලන් වල විටමින් c බහුලව තිබේ. ගොටුකොළ කතුරුමුරුංගා මුකුණුවැන්න කොළපාට එළවළු තක්කාලි ගස්ලබු අඹ වල ද විටමින් සී අඩංගුයි. කොල වල අඩංගු යකඩ අවශෝෂණ සීඝ්‍රතාව ද විටමින් සී මගින් වැඩි කරයි. ගොටුකොළ සම්බෝලය හොඳින් සකසා ගත් විට එහි ඇති යකඩ උරා ගැනීම පහසු වේ. අල බතල කොස් දෙල් සහ කෙසෙල් ගෙඩිවල විටමින් සී එතරම් අඩංගු නොවේ. සාමාන්‍ය පුද්ගලයකුට දිනකට අවශ්‍ය වන විටමින් සී ප්‍රමාණය මිලි ග්‍රෑම් 30 කි. එහෙත් ගර්භණී මවුවරුන්ට විටමින් සී මිලි ග්‍රෑම් 50ක් පමණ දිනකට අවශ්‍ය වේ.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
2510 Views
Comments