ජීවානුහරිත පානය තැඹිලි

නිතර භාවිතයට ගන්නා ස්වභාවික පාන අතර ප්‍රධාන වන්නේ තැඹිලි වතුරයි. එලෙස පානයකරන තැඹිලි වල සැබෑ ගුණ ඔබ දන්නවාද? තැඹිලි වතුර ජීවානුහරිත පානයක් වන්නේ එය මාස 7ක් 8ක් පුරා ජෛව පිරිසුදුවීමේ ක්‍රියාවලියකට ලක්වීම නිසයි. එබැවින් මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නිසියම් වැනි අයන වර්ග සහ සුළු වශයෙන් ස්වාභාවික සීනි අඩංගු වෙනවා.
තැඹිලි වතුර මෙන්ම එහි ඇති මදයත් ආහාරමය තන්තුවලින් ඉතාම ඉහළයි. ඊට අමතරව මැංගනිස්, අයඩින්, සල්ෆර්, සින්ක්, සෙලනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ හා විටමින් බී, සී හා ඊ වැනි ක්ෂුද්‍ර පෝෂ්‍ය කොටස්ද මෙහි බහුලව දැකිය හැක. තවද සිරුරට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, ජෛව ක්‍රියාකාරී එන්සයිම වර්ග, කාබනික අම්ල, ප්‍රතිඔක්සිකාරක ශාක රසායන, කාබනික අම්ල, ශාක හෝර්මෝන වර්ග වලට අමතරව හෘදය සඳහා යෝග්‍ය මේදයද තැඹිලි වල අඩංගු බව ඔබ දන්නවාද?
දේශීය වෙදකමේ බහුලව තැඹිලි වතුර යොදා ගැනෙන්නේ ඇඟ නිවන ඔසුවක් ලෙසයි. එහි අඩංගු අධික ඛනිජ ලවණ සංයුතිය හෘදයාබාධ, අධික රුධිර පීඩනය වැළැක්වීමේ ඖෂධයක් ලෙස ක්‍රියාකරනවා. ඇතැම් බටහිර ඖෂධ අධි මාත්‍රාවකින් ශරීර ගතවූ විට එහි විස නැසීමට තැඹිලි පානය කරනවා. එසේම අප ගන්නා ආහාර වල තිබෙන පළිබෝධ නාශක අමතර කොටස් හා ආසනික්, කැඩ්මියම් වැනි බැරලෝහ කොටස් නිසා ඇතිවන හානිය මැඩලීමට තැඹිලි වතුර යොදාගත හැක.
මිනිස් සිරුරේ මුත්‍රා මාර්ගය පිරිසිදු කරන අපූරු ශක්තියක් තැඹිලි වතුර වල අඩංගු නිසා මුත්‍රා පිටවීමේ අපහසුතා ඇති අයට මුත්‍රා පිටවීම පහසුවීමට තැඹිලි පානය කලහැක. එය ආහාර දිරවීමේ ක්‍රියාවලිය ඉක්මන් කරයි. විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඇතිවන බඩ අජීර්ණයන් හා බඩ පිපුම වැනි තත්ත්වයන් වලදී තැඹිලි වතුර ඉත ගුණදායකයි. තැඹිලි වතුරින් ශරීරයේ උෂ්ණ ගතිය සමනය කර ශරීරය සිසිල් කරයි. තැඹිලි වතුර සතු අපූරු ගුණයක් වන්නේ ශරීරයේ ඇති දැවිල්ල නැති කිරීමට ඇති හැකියාවයි. මේ නිසා ශරීරයේ නැවුම් බවට හේතුවන තැඹිලි වතුර නිතර පානය කිරීමෙන් ඔබේ සිරුර නැවුම්ව තබාගත හැක.
එය රුධිරය පිරිසිදු කරන අතර රුධිරයේ ඇති විෂ කොටස් විනාශ කිරීමට උපකාරී වේ. මේ නිසා රුධිර සංසරණය හොඳින් සිදුවේ. තවද තැඹිලි ධමනිවල ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය නැතිකිරීම නිසා කොලෙස්ටරෝල් ඇති අයට මෙය වඩාත් උචිතය. සාමාන්‍යයෙන් ඇතිවන වමනය නැති කර ශරීරයේ ශක්තිය ඇති කිරීම සඳහා උපකාරී වේ. තැඹිලි වලඇති පෝෂණ ගුණ නිසා මාංශ පේෂිවල වැඩීම ඇති කර ශරීරයෙහි බර අඩුවීම නැතිකර බර වැඩිවීමට මගපාදයි. විශේෂයෙන්ම ශරීරයෙහි ප්‍රතිශක්තිය වැඩිකර ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති කරන නිසා වෛරස් රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිවේ. මේ නිසා නිතර තැඹිලි වතුර පානයට ගන්න.
by Dilki Shamani
Photo source : Internet
929 Views
Comments