පැහැපත් සමට අවශ්‍ය කරැණු 3ක් පමණයි

වර්තමානයේ තරැණ තරැණියන් ඔවුන්ගේ සම පිලිබඳව බොහෝ සෙයින් සැලකිලිමත් වෙයි.පැහැපත් සමක් ලබා ගැනීමට විවිධ රෑපලාවන්ය ද්රව්ය භාවිතා කලත් ඒවායින් බොහොමයක්ම හුදෙක් ලාභ ලැබීම උදෙසා නිශ්පාදනය කරන ලද්දන් වේ. නමුත් ඇත්තවශයෙන්ම සමට සත්කාර කිරීමට කෘතීම රෑපලාවන්ය ද්රව්ය,රෑපලාවන්යාගාර භාවිතයෙන් තොරව නිවසේ සිටම අනුගමනය කල හැකි පහසු ක්රම 3ක් පිලිබඳව කරැණු සහිත විස්තර කිරීමක් පහත දැක් වේ.
1.හොඳින් ජලය පානය කිරීම
පැහැපත් නීරෝගී සමක් සඳහා දවසට ප්රමාණවත් පරිඳි ජලය පානය කිරීම ඉතා වැදගත් වේ.දිනකට ජලය ලීටර 2ක් හෝ අවම වශයෙන් පානය කිරීම අවශ්ය වේ.මින් සමෙහි වියළි බවදුරැ කරන අතරම සෑම උදෑසනකම මඳ රස්නෙන් වතුර වීදුරැවක් පානය කිරීම ලෙඩ රෝග රැසකට පිලියමක් ද වේ
.ව්යායාම වල නිරත වීම
මේ සඳහා ඇවිදීම,දිවීම,වේග රිද්ම ගීතයකට නැටීම පහසුවෙන් සිදු කල හැකි දේ වේ.දිනකට විනාඩි 20ක් හෝ 15 ක් ශරීරයෙන් දහදිය පිටවෙන පරිදි කුමන හෝ ක්රියාකාරකමක නිරත වීම සිදු කල යුතුය.මෙමඟින් සම ඉක්මනින් වයසට යෑම වලක්වන අතරම සමේ තෙල් සහිත බවද අවම කරයි
3.සතියකට දෙවතාවක් හෝ ෆේස් පැක්(face pack) එකක් භාවිතා කිරීම
යෝගට් සහ කෙසෙල් Face pack
මේ සඳහා ඉදුණු හොඳින් පොඩි කල කෙසෙල් ගෙඩි ද,නැවුම් යෝගට් මේස හැඳි 1ක් ද කුඩා බඳුනකට(bowl) එක් කර ගත යුතුය.පසුව හොඳින් මිශ්‍ර කර මුහුණ,ගෙල මත ආලේප කල යුතුය.විනාඩි 15ක් පමණ තිබෙන්නට හැර පිරිසිදු ජලයෙන් සෝදා හැරිය යුතුයි.පසුව තෙත රෙදි කැබැල්ලකින් හොඳින් මුහුණ පිස දැමිය යුතුය.යෝගට් සහ කෙසෙල් මඟින් මැරැණු සම ඉවත් කර සම එල්ලා වැටීම දුරැ කරයි.
Tip: මිශ්‍රණයට මී පැණි ස්වල්පයක්ද,දෙහියුෂ බිංදු කිහියක්ද එක් කරීමෙන් ප්‍රතිඵල වඩාත් සාර්ථක වේ.
තක්කාලි සහ පිපිඤ්ඤා
කුඩා බඳුනකට තක්කාලි ගෙඩියක් දමා පේස්ට්(paste) එකක් වන තුරැ හොඳින් පොඩි කර ගත යුතුය.grate (සිහින්ව කපා පොඩි කරගත්) කරන ලද පිපිඤ්ඤා පළු භාගයකට තක්කාලි පේස්ට් එක එකතු කර ගත යුතුය.පසුව මෙම මිශ්‍රණය හොදින් සම මත ආලේප කර විනාඩි 20 ක් පමණ තිබෙන්නට ඉඩ හැර පිරිසිදු ජලයෙන් සෝදා හැරිය යුතුය.තක්කාලි මඟින් හිරැ ඵලියෙන් සමට වන හානිය වලකන අතරම සමේ මෘදු බව ආරක්ශා කරයි.
පිපිඤ්ඤා වල සිසිලන කාරක ගුණ ඇති අතරම එමඟින් සමේ පැහැය වැඩිදියුණු කර ලප,කැලැල් දුරලයි,එමෙන්ම ඇස් යට කළු පැහැය ද දුරැ කරයි.
කඩල පිටි,යෝගට්,මී පැණි,කස්තුරි කහ මිශ්‍රණය
නැවුම් යෝගට් ස්වල්පයකට කඩල පිටි යෝගට් හැඳි එකක පමණ ප්‍රමාණයක්ද,මී පැණි තේ හැඳි එක හමාරක් පමණද ,කස්තුරි කහ ස්වල්පයක්ද එක් කර හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි15ක් පමණ තිබෙන්නට හැර ඇල් ජලයෙන් සෝදා ඉවත් කිරීමෙන් ද සමේ පැහැපත් බව වැඩිදියුණු කර ගත හැක.
(මේවා කිසිඳු ගැටලුවකින් තොරව ඔ්නෑම සමකට හිතකර වේ)
by Nuwandara Mudalige
Photo source : Internet
1488 Views
Comments