කාලයෙන් කාලයට අලුත් වන බතික් විලාසිතා

කාලෙන් කාලෙට අලුත් වන විලාසිතාවකි බතික් විලාසිතා. ඕනෑම යුවතියක් බතික් විලාසිතාවකින් සැරසුනහොත් ඇයට වෙනදාටත් වඩා නැවුම් සුන්දරත්වයක් ඇතිවේ. ඉන්දුනීසියාවේ ජාවා දුපත් වලින් බිහිවූ බතික් කලාව මේ වන විට ශ්‍රී ලංකාව, ඉන්දියාව වගේ ආසියානු කලාපයේ රටවල් වල මෙන්ම යුරෝපීය රටවලත් ඉතා ජනප්‍රියයි. ඉතින් යුවතියන් වශයෙන් ඔබට කළ හැකි බතික් විලාසිතාවන් කිහිපයක් පිළිබඳව පහතින් දැනුවත් වෙමු.
1. බතික් ගවුම්
බතික් ගවුම් කිව්වම ඉස්සර නම් බතික් ගවුම් ගත්තේ ගෙදරට අඳින්න විතරයි. ඒත් දැන් එන බතික් ගවුම් කාර්යාලයට වගේම උත්සව අවස්ථාවකට වුවද යුවතියන්ට ඇඳිය හැකියි. යුවතියන්ගේ ශරීරයට මනා සුන්දරත්වයක් මෙන්ම සුවපහසුවක් ද මෙම බතික් ගවුම් තුළින් ලබාගත හැකියි.
2. බතික් ජැකට්
ඔබ සාරි, ඔසරි, ගවුම් අඳින්නට අකමැති කලිසම් අඳින යූවතියක් නම් ඔබට මේ වගේ බතික් jacket එකක් අත්හදා බලන්න පුලුවන්. එය ඔබට වර්ණවත් නැවුම් වෙනසක් ගෙනදේවි. නමුත් මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ ඔබ විසින් වර්ණ තෝරා ගැනීමේදී වඩාත් දීප්තිමත් නොවන ලා පැහැයෙන් තෝරා ගත යුතු බවයි.
3. බතික් Harem pants
මෙම විලාසිතාව නම් ගොඩක්ම ජනප්‍රිය වී ඇත්තේ යුරෝපීය රටවල්වල. යෝගා pants ලෙසද හැඳින්වෙන මෙම බතික් විලාසිතාව ඔබේ වයස කුමක් වුණත් සැහැල්ලු ටී ෂර්ට් එකක් එක්ක අදින්න පුළුවන් සුන්දර විලාසිතාවක්.
4. බතික් ඕවරෝල් suits
පසුගිය දිනයකදී ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් මෙම නවතම බතික් විලාසිතාව තාම ශ්‍රී ලාංකීය යුවතියන් අතර එතරම් ජනප්‍රිය වී නැහැ. වයස අවුරුදු 18 ත් 25 ත් අතර සිහින් සිරුරක් ඇති යුවතියන්ට මෙම විලාසිතාව වඩාත් හොදින් ගැලපෙන නමුත් කාර්යාලයට නම් ගැලපෙන්නේ නැහැ. එදිනෙදා යන සමාන්‍ය ගමනකට නම් එය හොඳින් ගැලපේවි.
5. බතික් ripped jeans
මේකත් ටිකක් අලුත් බතික් විලාසිතාවක්. මෙම බතික් රෙද්දෙන්ම මහපු මෙම ජීන්ස් හොයන එක නම් ලේසි නැහැ. ඔබට ලස්සනට මහන්න පුළුවන් නම් මෙම ඇඳුම ඔබටම වුණත් නිර්මාණය කරගන්න පුළුවන්. නැත්නම් ripped jeans එකකට බතික් patchwork කරගන්නත් පුළුවන්. තරුණියකට සාමාන්‍ය සැහැල්ලු ගමනකට මේකත් ලස්සනම ලස්සන අලුත් විලාසිතාවක්.
6. බතික් සාරි ඔසරි
බතික් සාරි ඔසරි අඳින්න ඔබටත් දැන් පුළුවන්. එමගින් කාන්තාවකට වෙනස්ම සුන්දරත්වයක් ලබාගන්න පුළුවන්. කහ, කළු, රතු, sea blue වැනි වර්ණයකින් බතික් සාරියක් හෝ ඔසරියක් තෝරා ගතහොත් එය ඔබට කාර්‍යාලයට වුවද ඇදගෙන යා හැකියි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1883 Views
Comments