ගෙමිදුල හිතුමතේ කොන්ක්‍රීට් කරන්න එපා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
12

ගෙමිදුල හිතුමතේ කොන්ක්‍රීට් කරන්න එපා

ගෙමිදුල හිතුමතේ කොන්ක්‍රීට් කරන්න එපා

වර්තමානයේ බොහෝ දෙනා නිවෙසට ඇතුළුවන කුඩා අඩි පාරවල් සහ නිවසේ මිදුලේ සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් කිරීමට උත්සාහ කරනවා. එය අලුත්පන්නයේ විලාසිතාවක් බවට පත්වී තියෙනවා. මේ නිසා අපි නොසිතන අවදානම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

කොන්ක්‍රීට් යෙදීම නිසා කුඩා හෝ ගසක් වැවීමට ඇති ඉඩ ප්‍රදේශ හැසිරෙනවා. විශාල ප්‍රදේශ පවා කොන්ක්‍රීට් යොදා වසා දැමීම නිසා ගස්වැල් වැවීමට ඇති පාරිසරික සාධක අහිමිවී යාම නිසා පරිසරයට ඔක්සිජන් ලැබෙන ප්‍රධානතම මාර්ගයක් වැළකෙනවා. පසේ ජීවත්වන සත්ත්ව කොට්ඨාස අහිමිවීමත් මේ නිසා සිද්ධ වෙනවා. කොන්ක්‍රීට් යොදා පස වසාදැමීම නිසා පස තුළ ජීවත්වෙමින් පස සරුසාර කරන පරිසරය සමතුලිතතාවය රැක ගැනීමට උදව් වන සත්ත්ව කොට්ඨාස රාශියක් පරිසරයට අහිමි වෙනවා.

දිනෙන් දින වායු ගෝලීය උණුසුම වැඩිවෙන කාලයක ගෙමිදුලේ තණකොළ බිස්සක් වෙනුවට කොන්ක්‍රීට් මතුපිටක් නිර්මාණය කිරීම නිසා නිවස ඇතුළට දැඩි උණුසුමක් ඇතිකර වීමට හේතු වෙනවා. නිවස අවට පරිසරය හා නිවස තුළ මෙන්ම පය තබන මතුපිටද දැඩි උණුසුමකින් යුතු වීම වැළැක්විය නොහැකි වෙනවා.

ඒ නිසා මිදුල පුරා කොන්ක්‍රීට් යොදවා වෙනුවට අඩිය තබන තැන්වල පමණක් කොන්ක්‍රිටි යෙදීම සිදු කරන්න පුළුවන්. ඇතැම් නිවාස ඉදිකර ඇති ස්ථානවල මිදුල මඩවීම් දක්නට ලැබෙන අවස්ථාවන් වලදී අඩිය තබන තැන්වලට පමණක් යම් සුන්දරත්වයක් එක් වන ආකාරයට කොන්ක්‍රීට් යෙදිය හැකියි. ඉතුරු ප්‍රදේශවල තණකොළ හෝ වෙනත් ශාක වවා වැඩි ප්‍රදේශයකට කොන්ක්‍රීට් යෙදීම නිසා සිදුවන හානිය වළක්වා ගත හැකි වෙනවා. එසේත් නැතිනම් කොන්ක්‍රීට් මතුපිට යම් රටාවකට බිම්තීරු ඉතිරි කරමින් ඒ අතර තණකොළ හෝ වෙනත් කුඩා ගස් කොලන් වැවීම සිදු කර හැකිවීමෙන් පොළොවට කොන්ක්‍රීට් යෙදීම අවම කර ගැනීමටත් ගෙමිදුලට ප්‍රියමනාප බවක් එක්කර ගැනීමටත් හැකියාව ලැබෙනවා.

 

 

 


මීට අමතරව කොන්ක්‍රීට් යෙදු බිමක් සකස් කරගැනීම වෙනුවට ගඩොල් යෙදූ බිමක් සකස් කරගැනීම කිහිප අතකින්ම යහපත් වෙනවා. කොන්ක්‍රීට් තරමටම ගඩොල් උණුසුම් නොවීම නිසා පරිසරය හා බිම උණුසුම් වීමේ ගැටලුව පැන නගින්නේ නැහැ. ඉවත් කිරීමට අවශ්‍ය වූ විටද ගඩොල් යෙදූ බිමක් ඉවත් කිරීම අපහසු නොවන අතර කොන්ක්‍රීට් වල ඉවත් කරන ද්‍රව්‍ය දැමීමට තැනක් නැති නැතිවීමේ ගැටලුවද ගඩොල් සම්බන්ධයෙන් ඇති වන්නේ නැහැ.

තවද නිවස වටා කොන්ක්‍රිට් දැමීමට කොන්ක්‍රිට් දැමීමට අවශ්‍ය යැයි හැඟෙන තැන්වලට කොන්ක්‍රීට් වෙනුවට පරණ සිල්පර කොට ඇතිරීම දෙපයට පරිසරයට මෙන්ම ඇසටද හිතකර ප්‍රියමනාප බවක් ගෙන දෙනවා.

මේනිසා ඔබේ නිවසේ මුළු මිදුලම කොන්ක්‍රීට් කරන්න කලින් දෙවරක් සිතන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

922 Views

Comments

arrow-up