ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ඖෂධයක් වන කුරුදු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
12

ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ඖෂධයක් වන කුරුදු

ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ඖෂධයක් වන කුරුදු

කුරුදු කියන්නේ අදටත් නැතිවම බැරි ස්වභාවික රසකාරකයක්. ලෝකයේ කුරුදු අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නෙත් ලංකාවේ. නමුත් ලංකාවේ පමණක් නොව කුරුදු බටහිර රටවල පවා පුවත් මවන්නකු බවට පත්ව තියෙනවා. ඒ එහි ඇති අම්ල ඖෂධ ගුණය නිසයි. කුරුඳු වල ඖෂධීය ගුණාංග ලබා දෙන අන්තර් සක්‍රීය රසායන ද්‍රව්‍ය රාශියක් අඩංගු වෙනවා. එහි පවතින ස්වභාවික වාෂ්පශීලී සංයෝග අතර ඉයුජිනෝල් හා සිනමැල්ඩිහයිඩ් යන රසායනික ද්‍රව්‍ය ප්‍රධාන වෙනවා. කුරුඳු පොත්තේ ඇති ඖෂධීය ගුණයෙන් පොටෑසියම් කැල්සියම් මැග්නීසියම් යකඩ තුන්තනාගම් හා මැංගනීස් යන පෝෂක කොටස් අඩංගු වෙනවා.

චිකිත්සක ඖෂධයක් ලෙස භාවිතා වන කුරුදු ආහාර අරුචිය බඩ පුරවා දැමීම ඔක්කාරය අජීර්ණ අවස්ථාවලදී ඖෂධයක් ලෙස යොදා ගන්නවා. චීන කොරියාව හා රුසියා සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම වල දේශීය වෛද්‍ය විද්‍යාවේ කුරුදු ඖෂධය පානයක් ලෙස යොදා ගෙන තියෙනවා.

මෙය රුධිරයේ සීනි නියාමනය කරනවා. දවසකට කුරුදු ග්‍රෑම් 1, 3, 6 වශයෙන් දින හතළිහක් කුරුඳු ලබා ගැනීමෙන් දියවැඩියා රෝගීන්ට රුධිර සීනි මට්ටම අඩුකරගත හැකි බව පරීක්ෂණ වලින් පෙන්වාදී තියෙනවා.

ඊට අමතරව කුරුඳු නිස්සාරක පානය දින 60 ක් පුරාවට ලබා ගැනීමෙන් ශරීරගත ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම 30%ට ආසන්න ප්‍රමාණයකින් අඩු කර ගැනීමට කර ගැනීමට හැකි අතර LDL නොහොත් නරක කොලෙස්ටරෝල් මට්ටම 24% දක්වා ප්‍රමාණයක් ද සම්පූර්ණ කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය 26% දක්වා ප්‍රමාණයක්ද පහත යවා ගත හැකි බව වාර්තා වෙනවා.

සිරුරේ මේදය දහනය කරනවා කුරුඳු වල අඩංගු polyphenol නැමති රසායනිකය ප්‍රබලව ඇති නිසා මෙය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. එමගින් අභ්‍යන්තරයේ වන හානි අවම කර තරුණු පෙනුම රැක ගැනීමට ඉවහල් වෙනවා.

 

 

 


කුරුදු වල ඇති Cinnamaldehyde රසායන නිසා ශරීරයේ ලේ තුනී කිරීමේ හැකියාව වැඩියි. මේ නිසා රුධිර නාල අවහිරවීම අංශභාගය ඇතිවීම වළක්වනවා.

වර්තමානය වෛද්‍ය විද්‍යාව විද්‍යාවට විශාලතම ගැටළුව ලෙස බෝ නොවන රෝගවලට ජනතාව වැඩි වශයෙන් ගොදුරු වෙනවා. විවිධ රසායන අනුපාත වශයෙන් යොදාගෙන ඖෂධ නිපදවූවත් එමගින් හිතූ තරම් ප්‍රතිඵල ලබා ලබා ගැනීමට හැකියාවක් නැහැ. මේ නිසා ස්වභාවික තුරු ඖෂධ කෙරෙහි පෙර නොවූ විරූ ආකාරයට සියළු දෙනාගේම අවධානය යොමු වී තියෙනවා. එලෙස ආයුර්වේද වෛද්‍ය සහ බටහිර වෛද්‍යයේ යොදා ගන්නා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස කුරුදු සැලකිය හැකියි.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

1317 Views

Comments

arrow-up