නිරෝගිමත් දිවියක් උදෙසා පිරිසිදු ජලය පානය කරමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
12

නිරෝගිමත් දිවියක් උදෙසා පිරිසිදු ජලය පානය කරමු

නිරෝගිමත් දිවියක් උදෙසා පිරිසිදු ජලය පානය කරමු

ජලය පානය නොකර ඔබට කොතරම් වෙලාවක් සිටිය හැකිද. ආහාර මෙන් නොව වතුර නොමැතිව පැය කිහිපයක්වත් මිනිසෙකුට ගතකල නොහැකියි. ඒ තරමටම පුද්ගලයන්ගේ ශරීරයට ජලය අවශ්‍ය වන්නේ සිරුරෙන් අඩකටත් වඩා ජලය පවතින නිසාවෙනි.

 

එම නිසාවෙන් දිනපතා ටැප්, ළිං සහ බෝතල් වතුර මිනිසා පානයට පුරුදුව සිටියි. ආයුර්වේදයට අනුව පිරිසිදු වතුර තුළ කිසිදු රසයක් වර්ණයක් ගඳක් සුවඳක් නැත. නවීන විද්‍යාවට අනුව නම් පිරිසිදු වතුර යනු අයන වලින් පරිපූර්ණ මඩ අංශු සහ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොර ජලයයි. නමුත් වර්තමානය වන විට බොහෝමයක් දෙනාට පිරිසිදු ජලය පානය කිරීමට පවතින ඉඩකඩ බොහෝමයක් අඩු බව ඔබ දන්නවාද. නිරෝගී පුද්ගලයකුට දිනකට පිරිසිදු වතුර ලීටර් 2. 5 ක ප්‍රමාණයක් පානය කළ යුතුයි. මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණය නිසාවෙන් එම ප්‍රමාණය ඉක්මවා ජලය පානය කිරීමේ අවශ්‍යතාවය පුද්ගලයන්ට ඇතිවේ. කෙසේ වුවත් ආහාර ගැනීමෙන් පසු වීදුරුවකට වඩා අඩුවෙන්ද, කෑමට පෙර වතුර පානය කිරීමෙන් ද වැළකිය යුතුයි. තවද පැය දෙකකට වරක් බැගින් වතුර පානය කිරීම වඩාත් සුදුසුයි. දිනකට අවශ්‍ය කරන පිරිසිදු ජල ප්‍රමාණය ශරීරයට ලබාදීමට හැකියාවක් නොමැති වුවහොත් පුද්ගලයන්ට විවිධ අපහසුතාවයන්ට මුහුණදීමට සිදුවෙයි. මල බද්ධය, මුත්‍රා දාහය, මුත්‍රා ගල් වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ද පවතින අතර අපිරිසිදු වතුර පානය කිරීම නිසා අහිතකර ලවණ වර්ග වතුරට මිශ්‍ර වීමෙන් මුත්‍රා ගල් වකුගඩු රෝගද ඇතිවිය හැකියි. එම නිසා ඔබ විසින් පිරිසිදු ජලය දිනකට ප්‍රමාණවත් තරම් පානය කිරීම වඩාත් වැදගත්. අතීතයේදී ගංගා වැව් ඇළ දොළේ ජලය පානය සඳහා තෝරාගත්තේ කඳු සහ වනය පිරිසිදු තත්වයේ පැවති නිසයි. නමුත් වර්තමානයේ දී එම ජලය පුද්ගලයන්ගේ පානීය අවශ්‍යතා සඳහා ලබා දෙන්නෙ කෘතිමව පිරිසිදු කිරීමෙන් අනතුරුවයි. ඒ එම ජලයේ පිරිසිදු බවෙ ප්‍රශ්නයක් පවතින නිසාවෙනි. මුහුදු වතුර පානයට නුසුදුසු වන අතර එසේ වී ඇත්තේ එහි ඇති ලුණු රසය නිසාය. නමුත් දියුණු රටවල ලුණු ඉවත්කර මුහුදු වතුර පානය කරයි. අතීත ජනයා විසින් ඉඟිනි ඇට, දිය පරඩැල් ගෝමේද මැණික් මුට්ටියේ, ගුරුලේත්තුවෙ ඇති වතුරට දමා පිරිසිදු කර ගත්තේය. වර්තමානයේ දී ඒ වෙනුවට ක්ලෝරීන් යෙදීම, හිරු එළිය වැටීමට සැලැස්වීම, ජලය තැන්පත් කර තැබීම ආදී ක්‍රම භාවිත කරයි. අදටත් මැටි භාජන භාවිතා කිරීමෙන් වතුර පිරිසිදු කරගත හැකියි. එසේ කළ හැකි වන්නේ ජලයේ පවතින අනවශ්‍ය ලවන සහ අයන වර්ග මැටි වලට උරා ගන්නා නිසාය. ක්ලෝරීන් වතුර පවා උණුකර මැටි මුට්ටියේ, ගුරුලේත්තුවෙ තබා පානයට ගැනීමෙන් තව දුරටත් පිරිසුදු කරගැනීමට හැකියාවක් ලැබේ.

 

 

සිසිල් මෙන්ම උණු වතුරද බොහෝදෙනෙක් පානය කරන අතර, පානයට වඩාත් සුදුසු වන්නේ කාමර උෂ්නත්වයේ ඇති ජලය බව ඔබ දන්නවාද. උණුවතුර කුසගින්න හොඳින් ඇති කරන අතර උගුරට හිතකරයි. සමහර පුද්ගලයන් විසින් උණුවතුර සහ ඇල් වතුර මිශ්‍රකර පානය කරන අවස්ථා ඔබ දැක ඇති. මෙය ඉතාමත් අහිතකර පුරුද්දක්. ඇල්වතුරෙ ඇති විෂබීජ උණු වතුරට මිශ්‍ර වීමෙන් ඒවා ඉක්මනින් ක්‍රියාත්මක වී උදර රෝග ඇති වීම එයට හේතුවයි. බොහෝ දෙනෙක් අතීතයේදී පානය කළේ ළිඳකින් ලබාගත් වතුර වුවද අද වන විට එම තත්ත්වය වෙනස් වී ගොස් තිබේ. වර්තමානයේ දී බොහෝ දෙනෙක් පානය කරන්නේ නල ජලයයි. නිරන්තරයෙන්ම පිරිසිදු ජලය පානය කිරීමට හැකියාවක් පවතින්නේ නම් පුද්ගලයන්ට බොහෝමයක් ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට හැකියාවක් ලැබෙනු ඇත. හැකි පමණ ජලය නිපදවෙන මූලාශ්‍ර ආරක්ෂා කර ගනිමින් ඉදිරි පරම්පරාවටද පිරිසිදු ජලය ආරක්ෂා කර දීම වර්තමාන පරම්පරාවේ සුවිශාල වගකීමක් බව මෙහිදී කිව යුතුම වන්නේය.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

 

views

1432 Views

Comments

arrow-up