සෞඛ්‍යයාරක්ෂිතව යට ඇඳුම් භාවිතා කරන්නේ මෙහෙමයි

පුද්ගල සංස්කෘතිය වෙනස් වීමත් සමඟම සාමූහිකව ගැවසීම, මිනිසා සමාජශීලී වීම යන කරුණු හේතුවෙන් යට ඇඳුම් භාවිතය අනිවාර්ය අංගයක් බවට පත් විය. ශරීරයේ බහිශ්‍රාවී අවයව මුලින්ම ආවරණය වන්නේ යට ඇඳුම් වලිනි. එම නිසා යට ඇඳුම් බාවිතයේදී ඒවා වඩාත් සෞඛ්‍යාරක්ෂිතව පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. මෙහිදී යට ඇඳුම්වල පිරිසිදු කමට වැදගත් තැනක් හිමිවේ.
යට ඇඳුම් දිනපතාම පිරිසිදු කළ යුතු අතර හොඳින් සෝදා තද අව්වේ වේලා ගත යුතුයි. එමෙන්ම එක් යට ඇඳුමක් එක් දිනක් පාවිච්චි කළ පසු අනිවාර්යයෙන්ම සෝදා පිරිසිදු කළ යුතු වන අතර එසේ නොකර නැවත වරක් ඇඳීමෙන් වැළකිය යුතුයි. තවද යට ඇඳුම් පිරිසිදු කිරීමට සේදුම් කුඩු, සබන් ආදිය යොදා ගැනීමේ ගැටලුවක් නොමැති අතර වැදගත් වන්නේ සබන් පෙණ හෝ සේදුම් කුඩු හොඳින් ඉවත් වන තුරු ඒවා සෝදා ගැනීමයි. නැතහොත් ඒවා නිසාවෙන් ආසාත්මිකතා ඇති වන්නට පුළුවනි. එමෙන්ම පවුලේ සියලුම දෙනාගේ යටඇඳුම් එකට දමා සේදීම නොකළ යුතු වතුර වෙන වෙනම සේදීම කළ යුතුයි. එසේ නොවුණහොත් යටඇඳුම් වල රැඳී ඇති දිලීර සහ බැක්ටීරියා අනෙක් ඒවාට ද පැතිර යාමට පුළුවනි. එමෙන්ම යට ඇඳුම් වේලා ගැනීමෙන් පසුව හොඳින් මැදීමද කළ යුතුයි. එමගින් අව්වේ දී විනාශ නොවූ විෂබීජ හා දිලීර විනාශ වී යනු ඇත. කවද යට ඇඳුමක් තෝරා ගැනීමේදී ශරීරයට ඉතාම හොඳින් ගැළපෙන යට ඇදුම් තෝරා ගැනීමට ද සැලකිලිමත් විය යුතුයි. අධික හිර යට ඇඳුම් ඇදීමෙන් අපහසුතාවයට පත්විය හැකි අතර ඇවිදීමට ද අපහසු වේ. එමෙන්ම සම තුවාල වී වේදනා ඇතිවිය හැකියි. සනීපාරක්ෂාව සහ පිරිසිදුකම මෙන්ම සුවපහසුවත් ඉතාමත් වැදගත් වන බැවින් යට ඇඳුම් තෝරා ගැනීමේදී පහසු ආකාරයට තෝරා ගැනීමට උනන්දු වන්න. සමහර පුද්ගලයන් විසින් දවස පුරාම එකම යට ඇඳුම් ඇඳගෙන සිටින්නට පුරුදු වී සිටී. ඒත් දවස පුරාම එකම යට ඇඳුම ඇඳගෙන සිටීම සුදුසු නොවේ. දිනකට අවම වශයෙන් යට ඇඳුම් දෙකක්වත් මාරු කිරීමට හැකියාවක් පවතී නම් එය වඩාත් සෞඛ්‍යාරක්ෂිත වනු ඇත. එමෙන්ම යට ඇඳුම් දිගු කාලයක් පාවිච්චි කිරීම ද සුදුසු නොවේ. සාමාන්‍යයෙන් ඔබ මිළදීගත් යට ඇඳුම් මාස තුනකට හෝ හයකට වඩා ඇඳීම සුදුසු නැත. එම ඇඳුම් භාවිතයෙන් ඉවත් කර අලූත් යට ඇඳුම් භාවිතයට ගත යුතුයි.
එමෙන්ම අප ජීවත්වන පරිසරයේ කාලගුණයේ වෙනස්කම් ආදියද යට ඇඳුම් තෝරා ගැනීමේදී බෙහෙවින් සලකා බැලිය යුතුයි. ඉහළ උෂ්ණත්වයක් සහිත ඝර්ම කලාපීය රටක ජීවත්වන පුද්ගලයන්ට නිතරම දහඩිය දමන බැවින් එම උෂ්ණත්වයට සහ දහඩිය උරා ගැනීමට හැකියාවක් පවතින යට ඇඳුම් තෝරා ගැනීම වඩාත් යෝග්‍ය වේ. මෙවැනි කරුණු පිළිබඳව අවබෝධයෙන් යුතුව ඔබගේ යට ඇඳුම් භාවිතා කිරීම තුලින් වඩාත් සෞඛ්‍ය සම්පන්න නීරෝගී සිරුරක් ලබාගැනීමට ඔබටත් හැකිවනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
876 Views
Comments