මනස ලෙඩ වී ඇත්නම් මේ ලක්ෂණ මතුවේවි

කිසියම් කෙනෙකුගේ මනස නිරවුල් ව නිදහස් ව පවතී නම් ඔහුගේ හෝ ඇයගේ කායික සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීමට එය ද යම් ආකාරයකින් ඉවහල් වනු ඇත. නමුත් ඔබගේ මනස ලෙඩ වුණොත් එය ඔබගේ කය රෝගී කිරීමටත් හේතුවක් වන්නට පුළුවනි. එම නිසාවෙන් මනස ආබාධ වලින් තොරව පවත්වා ගැනීම වැදගත් බව ඔබට වැටහෙනවා ඇති. මෙහිදී මානසික ආබාධ නැත්නම් මානසික රෝගී තත්ත්වයන්ගේ ලක්ෂණ මොනවාද යන්න පිළිබඳව පහතින් දැනුවත් වෙමු. මෙවැනි ලක්ෂණ පිළිබඳව ලබන දැනුවත්භාවය ඔබට කෙදිනක හෝ වැදගත් වන්නට පුළුවනි.
1. පෞරුෂත්වයේ විෂමතා සහ අඩුපාඩු
සාමාන්‍යයෙන් වැඩිහිටි අයකුට සමාජයේ අනිත් අය සමඟ උරෙන් උර ගැටී හැසිරීමේ හැකියාවක් තිබිය යුතුයි. මෙම තත්ත්වයෙන් පෙළෙන රෝගීන් සමාජයේ හැසිරීමට බියක් දක්වයි. සමහරුන්ට මෙම තත්ත්වයේදී හීනමානය සැකය බිය ලැජ්ජාව සමාජයෙන් කුළුගැන්වීමට අවශ්‍යතාවය ආදී ලක්ෂණ පහළ වේ. මෙහි භයානක තත්ත්වය වන්නේ මෙම තත්ත්වයේ සමහර රෝගීන් සමාජ විරෝධී වැඩවලට යොමු වන අතර ඔවුන් තමන් කරන්නේ වැරද්දක් බව දැන දැනත් ඒවායේ ම නිරත වීමයි.
2. සැකසහිත මිත්‍යා විශ්වාස
සමාජයට නොගැලපෙන වැරදි අදහස් සහ මිත්‍යා මතිමතාන්තර වල දැඩිව එල්ලී සිටීම එම රෝගී තත්වයේ ස්වභාවයයි. එසේම එකවර සමහර දේ පිළිබඳව ඔවුන් තුළ සැක සහිත මිථ්‍යාවන් මතුවීමට ඉඩ කඩ තිබේ.
3. නිතර කනගාටුවෙන් පසුවීම
මෙම තත්වයේදී කිසිදු හේතුවක් නොමැතිව රෝගියා කනගාටුවෙන් සිටින ස්වභාවයක් පෙන්වයි. සමහරවිට හඩයි වැළපෙයි. කතාවේ අඩු බවක් දක්නට ලැබෙයි. ක්‍රියාකාරිත්වයේ මන්දගාමීත්වය ද පෙන්වයි. මැරෙන්නට සිතයි. ජීවිතයට ආසාවක් නැති බවත් පවසන අතර කළ සුළු වරදක් වුවත් ලොකු වරදක් සේ දකියි. තවද මිථ්‍යා විශ්වාස වල එල්ලී සිටී. මෙහි භයානක තත්ත්වය වන්නේ රෝගියා කිසිවිටෙකත් තමාට රෝගයක් ඇති බව පිළි නොගැනීමයි.
4. කන්සාවෙන් පෙලීම
මෙහි රෝග ලක්ෂණ වන්නේ අධික කලබලකාරී තත්ත්වයක් පැවතීම, සිත එකඟ කරගත නොහැකි වීම, එකතැන සිටීමට අපහසුව, අධික ලෙස දහදිය දැමීම, කට වියලී යාම, නින්ද අඩුවීම, ඇඟිලි වෙව්ලීම ආදියයි. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බොහෝ විට බලපාන්නේ එදිනෙදා ජීවිතයේදී ඇතිවන විවිධ ප්‍රශ්නවලට මුහුණ දිය නොහැකි අවස්ථාවක් ඇති වූ විටයි. මේ සඳහා සරල ප්‍රතිකාර ක්‍රම තිබෙන අතර කාන්සා තත්වය බරපතළ ලෙස ඇත්නම් ඖෂධ මගින් ප්‍රතිකාර කරනු ලබයි.
5. මානසික අවපීඩනය
මෙම තත්ත්වය එදිනෙදා ජීවිතයේදී සිදුවන කිසියම් දෙයක් නිසා හෝ එවැනි කිසිම ගැටළුවක් නොමැතිව හෝ ඇතිවිය හැකියි. මෙහි රෝග ලක්ෂණ වන්නේ හිතට කාංසා බවක් ඇතිවීම, වෙනදා විනෝදය ගෙන දුන් විනෝදාංශ වලින් සතුටක් නොලැබීම, අලුතින් යමක් ආරම්භ කිරීමට ශක්තියක් නැති වීම, කෑම අරුචිය සහ මල බද්ධය, ඇතැම්විට හැඩීම, ජීවිතය පිළිබඳව සුබවාදීව සිතීම මෙන්ම ඇතැම් අවස්ථාවන්වලදී ජීවිතය පවා නැතිකර ගැනීමට පෙලඹීමයි.
ඕනෑම කෙනෙකුට හැඟෙනවනම් ඉහත රෝග ලක්ෂණ සහිතව තමන්ට කිසියම් ආකාරයක මානසික ආබාධයක් පවතින බව, ඒ සඳහා කළ යුතු වන්නේ සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීමයි. එසේ නැතහොත් ඔබ විසින් සිදු කරනු ලබන්නේ ඉතාමත් පහසුවෙන් විසඳාගත හැකි ගැටලුවක් දළුලා වැඩෙන තුරු බලාසිටීම පමණක් බව මතකයේ තබා ගන්න.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1389 Views
Comments