ලෙඩ වැඩි කරන ලුණු අධිමාත්‍ර

ආහාර රසවත් කරන ලුණු ඔබ දිනකට ගත යුත්තේ ග්‍රෑම් 5 පමණක් බව ඔබ දන්නවාද? නමුත් ලුණු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් මෙවැනි රෝගී තත්ව ඔබට ඇතිවිය භැක.
• වකුගඩු වලට හානි ගෙනදෙයි
ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු ආහාරයට ගන්නා විට ඔබේ වකුගඩුවලට වැඩියෙන් වෙහෙස වී, ඒවා සිරුරෙන් පිට කිරීම සඳහා ක්‍රියාකරන්නට සිදුවෙනවා. මෙවිට ඔබේ වකුගඩුවල රෝගී තත්ත්වයක් ඇති විය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස මුත්‍රාවල වර්ණය ඉතා පැහැදිලි වීමත්, නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීමත් සිදුවිය හැකියි. මීට අමතරව, සිරැරේ ලුණු වැඩිවීම නිසා සිරුර විජලනයට පත් වෙනවා. එසේ වීමෙන් මුත්‍රා තද කහ පැහැයකින් යුක්ත වීමටත්, පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවීමත් සිදුවෙනවා.
• ඔබේ මතකය දුර්වල කරයි
ලුණු භාවිතය අධික වීම හේතුවෙන් ඇතිවන අධි රුධිර පීඩනය ඔබේ මොළයට රුධිරය සපයන ධමනිවලට හානි කරනවා. මෙය නිසා ඔබේ සිතීමේ හැකියාවට හා දිනපතා කාර්යයන් කෙරෙහි අවධානය යොමු කිරීමට අපහසු විය හැකිය. ඊට අමතරව නිරන්තරව සිදුවන විජලනය දුර්වල මතකයට, විඩාපත් භාවයට සහ මන්දගාමී ඈලි මෑලි බවටත් හේතුවක් වෙනවා.
• අධික පිපාසය දැනීම
සිරුරේ අඩංගු ලුණු ප්‍රමාණය වැඩි වූ විට සිරැරේ ඇති ජලය ප්‍රමාණය පහළ බසිනවා. මේ නිසා ඔබ ලුණු ආහාරයට ගන්නා ප්‍රමාණය වැඩිවන තරමට සිරුරේ ඇති ජලය වැයවෙන නිසා ඔබට ජලය වැඩියෙන් අවශ්‍ය වෙනවා. නැතිනම් ඔබේ සිරැරේ ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරිත්වය අඩු වෙනවා. ලුණු වැඩිපුර ආහාරයට ගෙන, ජලය පානය කිරීම අඩු කළොත් ඔබේ සිරුරේ සෛල විජලනයට ලක්වෙනවා.
• දීර්ඝකාලීන හිසරදය
අධික ලුණු හෙවත් සෝඩියම් පරිභෝජනය ඔබගේ රැධිරයේ ඝනත්වය වැඩි කරවන අතර, එය ඔබගේ රුධිර නාල පළල් කරමින්, එයට පීඩනයක් එකතු කරනවා. රුධිර නාලවල මෙම ව්‍යාප්තිය නිසා අධි රුධිර පීඩනය හට ගනී. එහි ප්‍රතිඵලයක් ලෙස දැඩි හිසරදයක් හට ගන්නවා.
• සිරුරේ අස්ථි වල වේදනාව
ලුණු භාවිතය නිසා ඇටකටුවල ශක්තිමත් බවට ගැටලු ඇති වෙනවා. ඔබ පමණට වඩා ලුණු ආහාරයට ගන්නා විට ඔබේ වකුගඩු දැඩි වෙහෙසකට පත්වෙනවා. වකුගඩුවලට ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අපහසු වෙනවා. ලුණු වැඩිවීම නිසා, කැල්සියම් අඩු වෙනවා. නිදන්ගත කැල්සියම් ඌනතාවය, ඇටකටු දුර්වල වීම, දත්වල ගැටලු ඇතිවිය හැකි අතර ඔස්ටියෝපොරෝසිස් වර්ධනයටද හේතු විය හැක.
එබැවින් සිරුරට ප්‍රමාණවත් පරිදි ලුණු භාවිතයට හුරුවී නීරෝගීමත් ජීවිතයකට උරුමකම් කියන්න.
by Dilki Shamani
Photo source : Internet
621 Views
Comments