රුධිරය ලෙඩවෙන හැටි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
14

රුධිරය ලෙඩවෙන හැටි

රුධිරය ලෙඩවෙන හැටි

අපේ ශරීරයේ සෑම අවයවයකටම අවශ්‍ය පෝෂණය, ජලය, ඔක්සිජන් සපයන්නේ රුධිරයයි. සිරුරට ඇතුළු වෙන විෂබීජවලින් සිරුර ආරක්ෂාකර විස පෙරා දමන්නේද එයයි. නමුත් එලෙස උපකාර කරන රුධිරයද ලෙඩ වන බව ඔබ දන්නවාද? රුධිරයේ රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා හා රුධිර ප්ලාස්මාව යන මූලික කොටස් හතරින් රතු රුධිරාණුවලට හැදෙන ලෙඩ රෝග ගැන අපි අද කතා කරමු.


විටමින් B12 ඌනතාව


විටමින් B12 හිඟය නිසා ඇතිවන තත්ත්වයකි මේ. ආහාර මගින් විටමින් B12 නිසිලෙස උරා නොගැනීම නිසා එය සිදුවෙයි. ආමාශයේ ඇතුළත පටල දුර්වලවීම නිසා මෙය සිදුවිය හැකිය. සමහරවිට ස්නායුගත රෝගාබාධයන්ද මෙයට හේතුවිය හැකිය.


ඇමේනියාව හෙවත් රතු රුධිරාණු හිඟකම


ලේ හිඟකම ලෙස සාමාන්‍ය වචනයෙන් හැඳින්වෙන රෝගයට හේතුව රතුරුධිරාණු හිඟකමයි. මේ රෝගයේ රෝග ලක්ෂණ මතු වෙන්නේ රතු රුධිරාණු හොඳටම අඩු වූ විටයි. සුදුමැලි හම, ඇස් යට, නියපොතු සුදු පැහැවීම, මහන්සි ගතිය, වෙහෙස ගතිය ඒ රෝග ලක්ෂණයි. රතු රුධිරාණු හිඟවීම සිදුවන ආකාරය හේතුවෙන් මේ රෝගයෙත්, විවිධ ආකාර පවතියි.


තැලසීමියාව


මෙය ජානමය හේතුමත ඇතිවන ලේ හිඟයයි. මෙය බොහෝවිට ජීවත්වන පරිසර කලාපය අනුව එන ජානමය රෝගයකි. සමහර අයට ප්‍රතිකාර අවශ්‍ය නොවේ. සමහර අයට ලේ ලබාදීමට සිදුවෙයි.


යකඩ අඩුවීම


රතු රුධිරාණු සෑදීමට යකඩ හෙවත් අයන් අවශ්‍යමයි. මාසික ඔසප් චක්‍රය හේතුවෙන් ඇතිවන බලපෑම නිසා කාන්තාවන් අතර බහුලව මෙය දැකිය හැකියි. සිරැරේ පිළිකා හෝ අභ්‍යන්තර තුවාල නිසාද මෙය හටගන්නට හැකියි. යකඩ පෙති සිරප් ලබාදීම හෝ පෝෂණ උපදෙස් පිළිපැදීම මගින් මෙයින් සුවය ලැබේ. කලාතුරකින් පිටතින් රැධිරය දෙන්න සිදුවෙයි.


රුධිරයේ දෑකැති සෛල


සමහර රටවලට අදාළ ජානමය රෝගයකි. රතුරුධිරාණු ඝන වී තදවී දෑකැති හැඩැති ස්වභාවයක් ගනියි. මේ මගින් රුධිර ධාරාව අවහිර කරයි. තදබල කැක්කුම් මෙන්ම අවයවවලට හානිද සිදුවිය හැකියි.


නිදන්ගත ලේ හිඟය


නිදන්ගත වකුගඩු රෝගය බඳු අනෙකුත් නිදන්ගත රෝගී තත්ත්ව නිසා ඇතිවන ලේ හිඟය මෙයට බලපායි. බොහෝ විට අදාළ රෝගවලට ප්‍රතිකාර ගත්විට මෙයද සුවවෙයි. නැතිනම් රතු රුධිරාණු නිපදවීම උත්තේජනය කරන හෝර්මෝන එන්නත් කිරීම හෝ අවශ්‍යවිට රුධිරය පිටතින් ලබාදීම සිදුවෙයි.


අධි ප්‍රතිශක්තිකරණය


ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අධි ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙය ඇතිවෙයි. මෙහිදී සිරැරේ නිපදවෙන රතු රුධිරාණු සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියම ගිල දැමීම සිදුවෙයි. මේ නිසා ඇතිවන ලේ හිඟයට ප්‍රතිකාර ලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය සමනය කරන ඖෂධ ලබාදෙයි.


ඇඟපත වේදනාවන්, කලන්තය, අධික වෙහෙස දැනෙනේ නම් ඔබේ රුධිරයත් ඉහත රෝග වලිම් එකකට ගොදුරුවී තිබිය හැක. එවිට වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න අමතක කරන්න එපා.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

 

views

982 Views

Comments

arrow-up