ඔබටත් පර්කිසන් වැළඳිලාද ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
15

ඔබටත් පර්කිසන් වැළඳිලාද ?

ඔබටත් පර්කිසන් වැළඳිලාද ?

මිනිසුන්ට වැලඳෙන විවිධාකාර රෝග අතර ලංකාවේ වැඩිපිරිසකට බහුලව දකින්න ලැබෙන නමුත් වැළඳී ඇතැයි වැඩිදෙනෙක් නොදන්නා රෝගයක් ලෙස වාර්තා වන්නේ පර්කිසන් රෝගය. මේ ලක්ෂණ ඔබටත් තිබෙනවාද?

 

• ඔබේ සුපුරුදු අත්අකුරු රටාව හදිසියේ වෙනස් වීමකට භාජනය වෙලාද? අත්අකුරු කුඩා වී වචන එකට ගොඩගැසී ඇති තත්ත්වයකට පත්වෙලාද? එහෙනම් එය පාර්කින්සන් ගැන තදබල අනතුරු ඇඟවීමක්. සාමාන්‍ය තත්ත්වයකදී ඇත්තටම ඔබ වයසට යනවිට අත්අකුරු වෙනස්වීම ස්වභාවිකයි. නමුත් පාර්කින්සන්වලදී මෙය ගහෙන් ගෙඩි එන්නාක් මෙන් හිටි අඩියේ සිදුවන වෙනසක්.

 

• සමහර ආහාර වර්ගවල සුවඳ දැනෙන් නෑ කියලා වැටහෙනවද? කෙසෙල් වැනි පළතුරක අච්චාරුවක් වගේ ආහාරයක ගඳ සුවඳ නොදැනේද? එසේනම් ඔබ වෛද්‍යවරයකු කරා යාම සුදුසුයි.

 

• මම හොඳට කතා කරද්දීත් මේ අයට ඇහෙන්නේ නෑනේ කියලා හිතෙන වෙලාවල් ඇති. ඔබ සාමාන්‍ය විදියට කතාකළත් ඔබේ හඬ සිහින් දුර්වල හඬක් ලෙස පිටවෙනවා නම් එයත් පාර්කින්සන් ගැන සොයාබලන්න දෙන අනතුරු සංඥාවක්. සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදන වෛරස ආසාදන නිසාත් හඬ දුර්වල වෙනවා. නමුත් ඒවා තාවකාලිකයි.

 

• දිගින් දිගටම මළ බද්ධය තත්ත්වය පාර්කින්සන් ගැන අනතුරු ඇඟවීමක් විය හැකියි. සාමාන්‍යයෙන් අවශ්‍ය තරම් ජලය සහ කෙඳිති ද්‍රව්‍ය ආහාරයට එක්කර ගන්නේ නැති වීටත් මළ බද්ධය ඇතිවෙනවා. සමහර ඖෂධ වලිනුත් මේ තත්ත්වය ඇතිවෙනවා. නමුත් ඒවාගේ සාධාරණ හේතුවක් නැතිව එන මළ බද්ධය ගැනයි මේ කියන්නේ.

 

• ඔබේ ඇඟිල්ලක්, විශේෂයෙන්ම මහපට ඇඟිල්ල, අත, කම්මුල හෝ තොල හදිසියේ වෙව්ලීමට ගැස්සීමකට ලක්වෙනවද? පාදවල ඇතිවන වෙව්ලීම, ගැස්සීම, පාර්කින්සන් වල මූලික ලක්ෂණයක්.

 

• අතපය ශරීරය තද දළ දඬු ස්වභාවයක් ඔබට දැනෙවද? නමුත් සමහර විට ඔබ ඇවිදින විට චලනය ආරම්භ කරන විට ඒ ගතිය නැතිව යනවා ඇති. ඉතින්, එසේ නොවෙනවා කියන්නේ පාර්කින්සන් අවදානම ඇතිවිය හැකි බවයි. ඔබ ඇවිදිනවිට අත්දෙක චලනය නොවී තිබෙන බව පෙනෙනවද? උරහිසේ සහ ඉඟටියේ තද බව හෝ වේදනාවක් දැනෙනවද? මේ කියන්නේ පාර්කින්සන් ගැනයි. සමහරු තමන්ගේ කකුල් පොළවට ඇලවිලා වගේ දැනෙනවා කියලත් කියනවා.

 

• හිඳගෙන සිට නැගිටින හැමවිටම කැරකිල්ල වගේ විසිවෙන ගතියක් දැනෙනවාද? එය අඩු රුධිර පීඩනය ගැන අනතුරු හැඟවීමක්. එකවර හිටගන්නා විට ඉඳහිට ඇතිවෙන අසම බර බව සාමාන්‍යයක්. නමුත් දිගටම ගියොත් එය පාර්කින්සන් ගැන අනතුරු ඇඟවීමක්.

 

ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් තිබේ නම් ඔබත් පර්කිසන් රෝගයේ ගොදුරුක් විය හැක. මේ නිසා එවැනි රෝගලක්ෂණ තිබේ නම් වහාම උපදෙස් ලබාගන්න අමතක කරන්න එපා.

 

 

 

 

 

 

 

 

 


By Dilki Shamani
Photo source : Internet

views

513 Views

Comments

arrow-up