සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි IUI ප්‍රතිකාරය

බොහොමයක් විවාහක කාන්තාවන්ට පවතින ගැටළුවකි දරුවන් නොලැබීමේ තත්ත්වය. නමුත් වර්තමානයේ දී වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟම ඒ සඳහා විවිධ වූ පිළියම් සොයා ගනිමින් පවතී. එවැනිම ප්‍රතිකාර ක්රමයකි IUI ප්‍රතිකාර ක්‍රමය. අද අපි ඒ ගැන කතා කරමු.
IUI යනුවෙන් හැඳින්වෙන්නේ Intra Uterine Insemination. එය ස්වභාවික ගැබ් ගැන්වීම් සඳහා උපකාරීවන ස්වාමි පුරුෂයාගේ ශුක්‍ර තරලය මගින් සිදුකරනු ලබන ක්‍රියාවලියකි. මෙහිදී Serial Monitoring Ultrasound යන්ත්‍රය මගින් ඩිම්බ මෝචනය වන නිවැරදි අවස්ථාවේදී ක්‍රියාශීලීව ගමන් කරන නිරෝගී ශුක්‍රාණු කුඩා ප්‍රමාණයේ කැනියුලාවක් මගින් ගර්භාෂය තුලට ඇතුලු කරනු ලබයි. තම විවාහයෙන් වසරකට පසු මනා ලිංගික සම්බන්ධතාවයක් පවත්වා තිබියදීත් ස්වභාවික ආකාරයෙන් ගැබ් නොගත් ඕනෑම විවාහක යුවළක් සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය යෝග්‍ය වේ. මෙම ප්‍රතිකාර ක්‍රමය උපකාරක ස්වභාවික පිළිසිඳගැනීම් ක්‍රමයක් වන නිසා මේ සඳහා හැකි තරම් අඩු වයසක් තුළ යොමුවීම තුල අති සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකියි. දෙපාර්ශවය සඳහාම සුදුසුම වයස් පරතරය වන්නේ වයස අවුරුදු 25ත් 30ත් අතර කාලය වේ. මෙම ප්‍රතිකාර ක්‍රමය සිදු කිරීම සඳහා ඔසප් ක්‍රියාවලියේ පළමු හෝ දෙවැනි දින තුළ ස්ත්‍රී පාර්ශවය වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතුයි. මෙම ප්‍රතිකාර ක්‍රමය සිදු කිරීම සඳහා විශේෂයෙන්ම කාන්තා සහ පිරිමි යන දෙපාර්ශවයේම තයිරොයිඩ් මට්ටම සාමාන්‍ය තත්ත්වයේ පැවතිය යුතු අතර සිරුරේ බර සුදුසු තත්ත්වයක පැවතිය යුතුය. දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේ නම් IUI / IVF / ICSI ප්‍රතිකාරයට පෙර රුධිර සීනි සාන්ද්‍රනය සාමාන්‍ය මට්ටමකට රැගෙන ඒම අත්‍යවශ්‍ය කාරණයකි. මෙම ප්‍රතිකාර ක්‍රමය සිදු කිරීමට පෙර වෛද්‍යවරුන් විසින් අතිරේක පෝෂණ නිර්දේශ කරනු ලබයි. මෙය දෙපාර්ශ්වය සඳහාම අවම වශයෙන් මාස දෙකක් සඳහා නිර්දේශ කරනු ලබයි. එමගින් කාන්තා සහ පිරිමි යන දෙපාර්ශවයෙම බීජ ප්‍රමාණය, ඒවායේ ක්‍රියාකාරීත්වය, සමස්ත ශාරීරික ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමක් සිදුකරනු ලබයි.
එය බොහෝදුරට මෙම ප්‍රතිකාර ක්රමයේ සාර්ථකත්වයට බෙහෙවින්ම බලපානු ඇත. වර්තමානය වන විට මඳසරුභාවයට පිළියම් යොදන වෛද්‍ය ආයතන මගින් මෙම IUI ප්‍රතිකාර ක්‍රමය සාර්ථකව සිදු කරමින් පවතී. ඇත්තෙන්ම මෙවැනි ප්‍රතිකාර ක්‍රම සොයා ගැනීම දරුවන් නොමැති කම නිසාවෙන් දුක් විඳින විවාහක යුවළ වලට මහත් අස්වැසිල්ලකි. බොහොමයක් දික්කසාද නඩු උසාවි වල විවෘත වන්නේ මෙම දරුවන් නොමැති ගැටලුව නිසාවෙන් බව දැකගත හැකියි. එමනිසාවෙන් ඔබත් දරුවන් නොමැතිව පීඩාවෙන් සිටින යුවළක් නම් අදම ඊට සුදුසු වෛද්‍යවරුන් හමුවී IUI ප්‍රතිකාරයකට යොමු වන්න අමතක නොකරන්න. එවිට ඔබටත් ඔබගේ දරු සිහිනය සිහිනයක්ම වන්නට ඉඩ නොදී සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට හැකියාවක් ලැබේවි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
848 Views
Comments