ඔබේ සුලැඟිල්ලෙන් කියවෙන රහස්

ඔබේ අතේ ඇඟිලි දිගු කර වෙදැඟිල්ල සහ සුලඟිල්ල දෙස බලන්න. වෙදැගිල්ලේ ඇඟිලි පුරුක් තුන වෙන්වන වෙන් වන ස්ථානයේ රේඛා තුනක් තියෙන බව ඔබට පෙනේවි. එම රේඛා සහ සුලැගිල්ලේ පිහිටීමේ ස්වභාවය අනුව ඔබේ චරිත ලක්ෂණ කියන්න පුළුවන් බව දන්නවාද?
සුළඟිල්ලේ කෙරවල වෙදැඟිල්ල තුන්වන රේඛාවට සමව පිහිටින පුද්ගලයෙක් නම්
ඔහු විවෘත පුද්ගලයෙක් නොවෙයි. ඒ නිසාම ඔබේ සිතිවිලි අනිකා සමග බෙදා ගන්න ඒ තරම් කැමැත්තක් දක්වන්නෙ නැහැ. තනිව ජීවත් වෙන්න හරිම කැමතියි. ඒ වගේම සංවේදී පුද්ගලයෙක්. බොරුව වංචාවට විරුද්ධ වෙන තරමක් අහංකාර ගති තියෙන පුද්ගලයෙක් වෙනවා.
ඔබේ සුලඟිල්ලේ කෙරවල වෙදැඟිල්ල තුන්වෙන රේඛාවට වඩා පහළින් පිහිටනවා නම්
ඔහු පුද්ගලයන් සමග තිබෙන අමනාප ඉක්මනින් අමතක කරන්න පුද්ගලයෙක්. ගැටුම් ඇති කරගන්න ඔබ කැමති නෑ. හැමවිටම අන් අයගේ අදහස් වලට ගරු කරන වාද විවාද වලට සම්බන්ධවීමේදී ඔබ කැපීපෙනීමට අදහස් දරන පුද්ගලයෙක් වෙනවා. හැබැයි යම් විදියකින් ඔබ අතින් වෙන කෙනකුට වරදක් සිදු වූ අවස්ථාවකදී ඔබ අන් අයගෙන් සමාව ඉල්ලන්න පසුබට වෙන්නේ නැහැ.
ඔබේ සුලැඟිල්ලේ කෙළවර වෙදඟිල්ලේ තුන්වන රේඛාවට වඩා මදක් උස්ව පිහිටිනවා නම්
ක්‍රියාවක් සිදු කිරීමේදී ඔබ මුල් තැන ගන්න කැමති නැහැ. ආගම ධර්මයට ගොඩක්ම නැඹුරු සැදැහැවත් පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඒවගේම ඔබට කරුණාවන්ත හදවතක් තියෙන නිසා වගේම ඔබ යම් කෙනෙකුට ආදරය කරනවා නම් ඔහු හෝ ඇය වෙනුවෙන් පූර්ණ අවධානයදී කටයුතු කරන්න හැම වෙලාවෙම ඔබ පෙලඹෙනවා. කැපවී යම් කාර්යයක් ආරම්භ කළොත් එහි කෙලවරක් දකින තුරු කටයුතු කරන්න සූදානම් වෙන පුද්ගලයෙක්. ඒවගේම ඔබ රෝගී වීමට බියක් දක්වනවා. යම් යම් අපහසුතාවයන්ගෙන් පෙලුනත් ඒවා තනිවම විසඳගන්න උත්සාහ දරන කෙනෙක්. ඒනිසාම හැම වෙලේම ඔබ සමාජයට පෙන්නන්න හදන්නේ ඔබ හොඳින් කියලා නමුත් හැම වෙලාවකම යම්කිසි උදව්වක් අන් අයගෙන් බලාපොරොත්තු වෙනවා. හැබැයි එක පෙන්නන්න කැමති නැහැ.
ඉතින් මෙන්න මේ චරිත ලක්ෂණ ඔබේ ඇගිලි වල ස්වරූපය අනුව තීරණය වන බව හස්ත රේඛා විද්‍යාවෙන් පැහැදිලි කෙරෙනවා. මේ පිළිබඳව ඔබ දැනගන්න අවශ්‍ය වෙන්නේ ඔබ ඇසුරු කරන සමීපතමයන්ගේ චරිත ලක්ෂණ මේ අනුව ඔබට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව ඔවුන් සමග ගැටළු ඇති කර නොගෙන සාමදානයෙන් සතුටින් ජීවත් වෙන ඔබට එය උපකාරී වේවි.
by Dilki Shamani
Photo Source: Internet
804 Views
Comments