වැඩි උස පෙන්වන අඩි උස අවදානම්

බොහෝ වෙලාවට කාන්තාවන් සිරුරේ උස මදි බව හැගෙනවා නම් වගේම සාරියේ වාටිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අපි අඩි උස පාවහන් පැළඳීමට පුරුදු වෙලා තිබෙනවා. ඒත් බොහෝ දෙනෙක් අඩි උස පාවහන් පළදින්නේ කිසිම තේරුමක් නැතුව. කිසියම් පාවහන් වර්ගයක් කෙනෙක් පළදිනවා නම් අපිත් ඒ විලාසිතාව වැළඳගන්නවා. එහෙත් මේ තත්වය එතරම් හොඳ නැහැ. අඩි උස පාවහන් පැළදීම නිසා විය හැකි අනතුරු සහ ආබාධ බොහොමයක් තිබෙනවා.
අපේ පාද වල හැඩය වක්‍රාකාරයි. මේ නිසා සිරුරේ බර පාද කරා බෙදී යන අතර එය පාදයේ ඉදිසට සහ ඇගිළී වෙන ගමන් කරනවා. සාමාන්‍ය ජීවන රටාවට වඩා නිසා ඇතිවන අසමතුලිතතාව නිසා හැඩයට වෙනස් වෙනවා. සිරුරේ බර සහිත කොටසින් නිසා පාදවල වේදනාව ඇති වීමටත් අඩි උස පාවහන් පැළදීම් හේතුවන බ වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙනවා. ඒ විතරක් නොවෙයි. නියපොතුවලට ඇති වන තරපීම නිසාත් බැබැක්ටීරියා වර්ධනය වීම නිසාත් රෝගාබාධයන් වැළදීමට තිබන අවස්ථාවන් ගැනත් අමතක කළ යුතු නැහැ. ඒ නිසාම පාද ඉදිමීම ඇති වෙනවා.
අද බොහෝ කාන්තාවන් යාන්තම් වයස අවුරුදු හතළිහ වන විට ඔස්ටියෝ ආතරයිටිස් තත්ව යට පත් වෙනවා. අඩි උස පාවහන් නිසා සන්ධි වෙත ඇතිවන බලපෑම් නිසා අපි නොදැනම ඔස්ටියොඉ ආතරයිටිස් රෝග තත්ත්වයටත් ගොදුරු වන අවදානමක් නැතුවාම නොවෙයි.
වෛද්‍යවරුන් පෙන්වා දෙන අන්දමට අඩි උස පාන් අවශ්‍ය නම් හොදම විදිහ ඔබ තෝරා ගන්නා පාවහන් යුගලයේ උස අඟල් දෙකක් පමණ වීමයි. ඒ වගේම දිගටම මෙම තවන් පැළඳා සිටිනවාට වඩා පැය තුන හතරක් වෙනුවෙන් එය සීමා කරන්න. ඒ වගේම නිරාවරණය වුණ පාවහන් සහිතව වැදී පොළාවක ඇවිදීමත් ඔබේ නීරෝගීතාවට හේතු වෙනවා. එවිට සියුම් රුධිරවාහිනී උත්තේජනය වී හොඳින් රුධිර සංසරණය සිදු වෙනවා. මේ නිසා නීරෝගී බව ආරක්ෂා කර ගැනීම අපි හිතන තරම් ගැටලුවක් බවට පත්වන්නේ නැහැ.
ඔබ හිතන්නේ ඔබ වේයි කියලා නම් අඩි උස පාවන් වෙනුවට තනි පැහැයෙන් යුක්ත ඇඳුම් භාවිත කරන්න. ඉරි සහිත ඇඳුම් අඳින විට සිරස් ඉරි සහිත ඇඳුම් තෝරා ගන්න. තිරස් ඉරි නිසා ඔබේ මිටි බව සහ තරබාරු කැපි පෙනෙනවා. ඒ වගේම කොණ්ඩය ඉහළට කොට බැදීමෙනුත් උස වැඩි කර පෙන්වන්න පුලුවනි. නිතරම අනවශ්‍ය ලෙසින් විශාල නොවූ සාමාන්‍ය අත් බෑගයක් පාවිච්චි කරන පුරුදු වෙන්න.
by Dilki Shamani
Photo source : Internet
613 Views
Comments