සුබ නැකතකින් බෝග වගාව ඵලදායී ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
09

සුබ නැකතකින් බෝග වගාව ඵලදායී ද

සුබ නැකතකින් බෝග වගාව ඵලදායී ද

ඔබගේ මිදුල ඉතා කුඩා පරාසයක වේ නම් ගෙදරට වාසනාව ගෙන එන බෙලි ගසක් වැනි විශාල ශාකයක් ඔබ ගෙමිදුලේ සිටුවා ගැනීම අතිශය සංකීර්ණ කටයුත්තක් සේ සිතුවත් එය නූතන බොන්සායි ක්‍රමයට සකස් කළ පැලයක් ආකාරයට සිටුවා ගැනීමට ඔබට හැකියාව ඇත. බොන්සායි ක්‍රමයට සකස් කළ පැලයක් මිල අධික යැයි සිතන්නේ නම් සිංහල උමා ජ්‍යෙතිෂය තුළ එන එළු කර්මය නමැති අවස්ථාව උදා වූ කල්හි බෙලි පැළයක් සිටුවා ගත්කල එය උස නොයන බව පැරැන්නෝ දැන සිටියහ. කරණ ගණිත ක්‍රමය වගා කටයුතු වලදී ඉතාමත් මැනවින් යෙදීමට අපගේ පැරැන්නන් දක්ෂ වූහ.

වල් අලින්ගේ තර්ජනයට ලක් වී ඇති ප්‍රදේශවල සිංහකරණය උපයෝගී කරගෙන වගා කටයුතු කිරීමෙන් ඔවුන්ගේ තර්ජනයද අවම කරගත හැකි වනු ඇත. එහෙත් මේ පිළිබඳව නිසි උපදෙස් සහ උපක්‍රම භාවිතා කළ යුතුව ඇති බව ප්‍රකාශ කළ යුතුයි. කජු පේර කොස් වැනි ශාක බොහෝමයක් පැළ වන්නේ බීජ වලිනි. අතු කැබලිවලින් ඒවා පැල වීමට ඇති ඉඩකඩ ඉතා අල්පයි. එහෙත් සුබ නැකතට පැල කරන ලද ඉති කැබැල්ලක් එය පැළ වේ යැයි සිතේ නම් එය බොරුවක් නොවේ. අද දිරාපත් වේ යැයි සිතන එක හා සමාන කෝටු කැබලි දෙකකින් එකක් තෝරාගත් සුබ නැකතකට ද අනික තෝරාගත් අසුබ නැකතකට හෝ සිතූ මොහොතක ද යම් භූමියක සිටුවීමෙන් සුබ නැකතට සිටවූ දිරාපත් වන කොටුව, අනෙක් කොටුවට සාපේක්ෂව දිගු කලක් රැඳෙනු ඇත.

 

 

 


මෙය කෘෂිකර්මාන්තය පිළිබඳ සිංහල නැකත් කලාවේ අභිමානයයි. ඔබ විසින් සිටුවන්නේ මිරිස් නම් මිරිස් බලවත් වන කාලයක එම පැළය සිටුවිය යුතුයි. ඔබ සිටවන්නේ පොල් නම් එම වගාව ආරම්භ කරන මොහොත පොල් බලවත් වන කාලයක් විය යුතුයි. මේ සඳහා කරණ ගණිතය ඉන්ද්‍ර ගුරුළුව සමග මැනවින් සංයෝගව භාවිතා කළ යුතුව ඇත. ඉන්ද්‍ර ගුරුළුව අද වන විට පවතින්නේ බොහෝවිට නාමිකවයි. ගජකරණ නැකතෙන් ගෝවා සිටුවන්නේ නම් විශාල ගෙඩි සහිත ඵලදාවක් ලබාගත හැකි බවද ජ්‍යොතිෂයේ දැක්වේ. වර්තමානය තුලද කරණ ගණිතයෙහි ඇති ඵලය හොඳින් අත්විඳින ගොවීන් සිටින නිසාවෙන් සඳහා ඉන්ද්‍ර ගුරුළුව දායක කොට ගනී නම් එහි ප්‍රතිඵලය අති විශිෂ්ට බව ඔප්පු කර පෙන්වීමේ හැකියාවක් දේශීය නැකත් කලාව තුළ පවතී. එදා මුතුන්-මිත්තන් සුබ නැකතින් කළ හපන්කම් ඒ අයුරින්ම සිදු කිරීමට සමහර වෙලාවට නොහැකි වන නමුත් ඉන් කිසියම් ප්‍රමාණයක් හෝ ක්‍රියාත්මක කර පෙන්වීමට හැකියාව ඇති අය බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ සිටින බවට නොරහසකි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

1095 Views

Comments

arrow-up