ඔබත් දියවැඩියා රෝගියෙක් නම් මේ උපදෙස් පිළිපදින්න

දියවැඩියාව අද ගෝලීය සෞඛ්‍ය ප්‍රශ්නයක් වී තිබෙන අතර ශ්‍රී ලංකාව තුළද බොහෝ දෙනෙකුට වයස් භේදයකින් තොරව දියවැඩියාව වැළඳී තිබේ. දියවැඩියාව වැළඳී තිබෙන රෝගීන්ට ඉතා කෙටි කාලයකින් ඉන් මිදීමට ගත හැකි පියවර කිහිපයක් පිළිබඳව පහතින් දැනුවත් වෙමු. මෙවැනි කරුණු පිළිබඳව ලබන දැනුවත්භාවය ඔබට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට වඩාත් ඉවහල් වේවි.
දියවැඩියා රෝගීන් සැමවිටම තමා විසින් ලබාගන්නා ආහාර පිළිබඳව වැඩි අවධානයක් යෙදවිය යුතුයි. දියවැඩියා රෝගියෙක් සෑම ආහාරයකින්ම වැළකී සිටිය යුතු අතර ඉතා අඩු සීනි දර්ශකයක් සහිත ආහාර ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම ප්‍රශස්තව පාලනය කළ හැකියි. මෙම ආහාර වර්ග අතර bottan කුලයට අයත් බෝංචි, මෑකරල්, සෝයා බෝංචි වඩාත් යෝග්‍ය වන අතර මීට අමතරව තද කොළ පැහැති එළවළු ද වඩාත් යෝග්‍ය වේ. මේවා අතරට නිවිති, කොලාඩ් වැනි එළවළු පහසුවෙන් ලබාගත හැකි අතර දොඩම් කුලයේ පලතුරු යටතට ගැනෙන දොඩම්, ලෙමන්, දෙහි හා grapefruits වලද ඉතා අඩු සීනි දර්ශකයක් සහිතයි. බතල ගැන අද සමාජයේ පවතින්නේ වැරදි මතයකි. මෙය පිටි සහිත ආහාරයක් වුවත් අධික වශයෙන් තන්තු හා විටමින් සී අන්තර්ගත නිසා බතල ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි.
දිනපතා ස්නානය කිරීමෙන් පසුව හෝ ඇඟ සෝදා ගැනීමෙන් පසුව ඔබගේ හිසේ සිට දෙපතුල දක්වා ක්ෂණික පරීක්ෂාවක් සිදු කිරීමද ඉතාමත් වැදගත්. මේ නිසා ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව සිරුරේ සිදුව තිබෙන කැපීම්, තුවාල, බිබිලි සහ නියපොතු වල සිදුව තිබෙන වෙනස්කම් ගැන නිරීක්ෂණය කළ හැකියි. ඊට අමතරව සිරුරේ වැඩිපුර තෙතමනය රැඳිය හැකි කිහිලි, ඉකිලි, පියයුරු වල යට දාරය සහ ඇඟිලි පුරුක් අතර විසබීජ ශීඝ්‍රයෙන් වර්ධනය විය හැකි නිසා ඒවා ගැන නිතර නිතර සොයා බැලීම වැදගත්. විශේෂයෙන්ම ඔබගේ පාද සහ යටි පතුල් ගැන විශේෂයෙන් පරීක්ෂා කිරීම සිදුකළ යුතු අතර පරික්ෂා කිරීමට අපහසු තැන් කන්නාඩියකින් හෝ නිරීක්ෂණය සිදු කළ යුතුයි. මෙම පරීක්ෂාවන්ගෙන් ඔබේ සිරුරේ කැපීම් හා සීරිම් තුවාල නිරීක්ෂණය කළහොත් හැකි ඉක්මනින් ඒවා ප්‍රතිජීවක ඖෂධ අඩංගු ආලේපනයක් ගල්වා වසා තැබිය යුතුයි. මීට අමතරව වියළි සමත් නිරීක්ෂණය කරන්නේ නම් තෙතමනය රඳා පවත්වා ගන්නා ආලේපනයක් එම ස්ථානවල ගැල්වීම ද වඩාත් යෝග්‍ය වේ.
දෙපා නිරාවරණය වූ විට එය පොළොවේ ඇවිදින විට ගැටී දැනුවත්ව හෝ නොදැනුවත්වම තුවාල හෝ සීරිම් ඇතිවීමට ඉඩකඩ පවතින බව ඔබ දන්නවාද. විශේෂයෙන් දියවැඩියාව උත්සන්න වීමේ දී අත් සහ දෙපා වල හිරි වැටීම නිසා නොදැනීම දෙපා තුවාල වීමට ඉඩ තිබේ. මේ අවදානමෙන් මිදීමට ඔබ පිටතට යන සෑම අවස්ථාවකදීම දෙපා හොඳින් ආවරණය වන සේ පාවහන් යුගලක් පැලඳීම ඉතාම අත්‍යවශ්‍යයි. ඇතැම්විට නිවස තුළදීද පාවහන් පැළඳීම යෝග්‍ය වන අතර පාවහන් පැළදීමේදී ඒවා තුළ යම් දෙයක් සිර වී ඇද්දැයි පරීක්ෂා කර පැලඳීම වඩාත් යෝග්‍යයි. නොදැනුවත්වම පාවහන් තුලට වැටුණු යම් තියුණු ද්‍රව්‍යයක් නිසා දෙපා තුවාල වීමට ඉඩ ඇති අතර දිනයක් තුළදී පාවහන් පැළදීමේදී දෙපා වල පීඩනය නිසා තුවාල වීම ඇතිවීම වැළැක්වීමට පාවහන් යුගල දෙකක් හෝ තුනක් පාවිච්චි කිරීම වඩාත් යෝග්‍යයි. ඔබ දුරබැහැර ගමනක් යාමේදී දියවැඩියා රෝගියෙක් නම් ආහාර ගැනීමේදී යම් අපහසු තාවයක් තිබේ නම් ඖෂධ ලබාගෙන තිබියදී රුධිරයේ සීනි මට්ටම අඩු වීමට ද ඉඩ තිබේ. එම නිසා ගමන් බිමන් යාමේදී හදිසියකදී භාවිතා කළ හැකි කෙටි කෑම කට්ටලයක් ළඟ තබා ගැනීම නුවණට හුරුයි. මෙහිදී ග්ලූකෝස් පෙති කිහිපයක්, සූකිරි කැබලි කිහිපයක් තබා ගත හැකියි.
තවද රෝගයේ පාලනය අනුව වෛද්‍යවරයා විසින් ඔබට සීනි මට්ටම පරීක්ෂා කිරීමට අවශ්‍ය කාල පරාසය පවසනු ලැබේ. මේ සඳහා රසායනාගාරයට ගොස් සීනි පරීක්ෂා කිරීමේ FIBS පරීක්ෂාවට වඩා පහසුවෙන් විනාඩි 5ත් 10ත් අතර කෙටි කාලයකදී සීනි මට්ටම පාලනය කිරීමට හැකියාව ඇති අතර මෙම ඉන්සියුලින් ආහාර ගැනීමට ඉතා ආසන්නයේ දී නික්ෂේපණය කිරීම වඩාත් යෝග්‍යයි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
875 Views
Comments