ඔබව කුදු කළ හැකි වංශදාහය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
09

ඔබව කුදු කළ හැකි වංශදාහය

ඔබව කුදු කළ හැකි වංශදාහය

ආතරයිටිස් රෝග කිහිපයක් ඇති නමුත් එයින් ඔබ දන්නේ සුළු ප්‍රමාණයක් පමණයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙහි ආතරයිටිස් ලෙස වර්තමානයේ දී හඳුන්වන රෝග තත්ත්වයේ එක් අවස්ථාවක් වංශදාහය ලෙස හඳුන්වයි. බටහිර වෛද්‍ය විද්‍යාවේදී එය හඳුන්වන්නේ Ankylosis Spundylifis යනුවෙනි. යුරෝපයේ දී මෙය හටගෙන තිබුණේ එහි වංශවතුන්ටයි. එම නිසා ඒ ඒ වංශවතුන්ගේ රෝගයන් අනුව විවිධ නම්වලින් ආතරයිටිස් රෝගය ඔවුන් හඳුන්වා දී තිබෙන වෛද්‍ය ඉතිහාසයක් තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ තිබෙන්නේ.

වංශදාහය රෝගය හටගන්නේ ශරීරයේ තිබෙන ස්වභාවික ප්‍රතිශක්තියෙහිම ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව ඔබගේ ශරීරයේම තිබෙන ප්‍රතිශක්තිය ඔබගේ ශරීරයේම සතුරෙකු විදිහට සලකාගෙන ඊට පහර දීමට පටන් ගනී. මෙය හිතාගන්නවත් බැරි තත්ත්වයක්. එම නිසාවෙන් ඔබට නොදැනීම ඔබගේ ඇටසැකිල්ලට එහෙමත් නැත්නම් Axil Skeletonl හෙවත් ආක්ෂක අස්ථි පද්ධතියට මෙම වංශ දාහය නිසාවෙන් විශාල හානියක් සිදු වෙන්නට පුළුවනි. මෙම හානිය සිදු වන්නේ කෙසේද, එය කෙතරම් දුරට ඔබ අසරණ කරනවාද, කෙතරම් දුරට රෝගී කරනවාද යන්න පුද්ගලයන් වශයෙන් අප විසින් අනිවාර්යයෙන්ම හඳුනාගත යුතුයි. මෙම වංශ දාහය තත්ත්වය නිසා කොඳුඇට පෙළේ පුරුක් එකින් එකට හා වෙලා හිතාගන්න බැරි විදිහට කොන්ද ඇද වන්නට පුළුවනි. මෙයින් හඳුන්වන රෝගී තත්ත්වය අනික් රෝග ප්‍රභේදයට වඩා භයානකයි. ආතරයිටිස් රෝගී තත්ත්වයේ එක් භයානක අවස්ථාවක් වශයෙන් ද පෙන්වා දිය හැකිය. ඔබට සමහර විට නොදැනිම මෙම තත්ත්වය වර්ධනය වීම අනතුරුදායකයි. රෝගය ගැන යම් වැටහීමක් ලබා ගැනීම එමනිසාවෙන් ඉතාමත් වැදගත්. රෝගී තත්ත්වය නොසලකා සිටීමෙන් සිදුවන්නේ එය කෙමෙන් කෙමෙන් ශරීරය තුළ වර්ධනය වීමයි. මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ මෙම රෝගය ඇති අය අතරින් සියයට පනහක් හැටක් පමණ මිය යාමට සම්භාවිතාවක් පැවතීමයි. එසේත් නැත්නම් වසර ගණනාවක් දුක් විඳිමින් ජීවත් වන්නට සිදුවනු ඇත.

 

 

 


මෙම රෝගී තත්ත්වය ඇතැම් අයට ඇති වීමට පටන් ගන්නේ වයස අවුරුදු විස්සත් තිහත් අතර වෙන්නට පුළුවනි. එම වයස් සීමාව පසු කරන විට කොඳුඇට පෙළ වේදනා දෙනවා නම් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. වේදනා නාශක පෙත්තක් ගැනීමෙන් තාවකාලිකව වේදනාව නැතිකර ගන්න හැදුවත් මේ වේදනා නාශක පෙති මගින් කරන්නේ රෝගයට නිසි ප්‍රතිකාර ලබා ගැනීම පමා කිරීමක්. එම නිසාවෙන් මැදි වයසට පැමිණි ඔබ වාත අමාරුවක් යැයි පවසා තෙලක් ගාලා සාත්තුවක් දී ගත්තට විනාශය සිදුවන්නේ ඔබට නොදැනිමයි. මෙම රෝගී තත්ත්වයට අවශ්‍ය නිසි ප්‍රතිකාර නිසි වේලාවට ලබා ගතහොත් ඔබටත් නිදුක් නිරෝගී සුවය ලබා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

771 Views

Comments

arrow-up