වයසට ගැළපෙන නින්ද

සෞඛ්‍ය සම්පන්නව සිටීමටත්, කෙනෙකුගේ ශරීරයෙහි මනා වර්ධනයටත්, නින්ද බෙහෙවින්ම බලපානවා. සාමාන්‍යයෙන් කෙනෙකු අවම පැය 8ක වත් නින්දක් ලබා ගත යුතු යැයි අප අසා ඇත. එහෙත් ඔබට ඔබගේ වයසට සරිලන නින්ද ලබා ගත යුතු නිශ්චිත කාල සීමාවක් තිබෙන බව ඔබ දන්නවාද?
නිසියාකාරව නිවැරැදි වේලාවක් නින්ද නොමැතිවීම හේතුවෙන් කෙනෙකුට විවිධ සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දීමට සිදුවන බව විවිධ වූ වෛද්‍යවරුන් විසින් අනාවරණය කර ඇත.
යම් පුද්ගලයකු පැය 5 කට අඩු කාලයක් නිදා ගන්නේ නම්, ඔහු හෝ ඇයට හර්දය ආශ්‍රිතව රෝගාබාධයන් වැඩි වනවා. යමෙකු පැය 7 කට අඩු කාල සීමාවක් නිදාගන්නේ නම්, දියවැඩියාව, අධික වූ තරබාරු බව ඇති වීම, කෑම අනුභව කිරීමේ රුචිකත්වය වැඩි අයෙකු වන බවද වෛද්‍යවරුන් විසින් පවසනවා.
ඒ නිසා මූලිකවම යම් පුද්ගලයකුට අවැසි වූ නින්ද කොපමණ කාලයක් ද යන්න අපි බලමු. ඔබ ඇත්තටම ඇති තරම් නින්දක් ලබනවාද?
අළුත උපන් බිළිඳුන් ( වයස 0 සිට මාස 03 දක්වා ) - පැය 14 සිට පැය 17 ක් දක්වා
ළදරුවකු ( වයස මාස 4 සිට මාස 11 දක්වා ) - පැය 12 සිට පැය 15 ක් දක්වා
කුඩා දරුවන් ( වයස අවුරුදු 1 සිට අවුරුදු 2 දක්වා ) - පැය 11 සිට පැය 14 ක් දක්වා
පෙර පාසල් දරුවන් ( වයස අවුරුදු 3 ත් 5 ත් අතර ) - පැය 10 සිට පැය 13 ක් දක්වා
පාසල් යන දරුවන් ( වයස අවුරුදු 6 ත් 13 ත් අතර ) - පැය 9 සිට පැය 11 ක් දක්වා
වැඩි වියේ දරුවන් ( වයස අවුරුදු 14 ත් 17 ත් අතර ) - පැය 8 සිට පැය 10 ක් දක්වා
තරුණ / තරුණියන් ( වයස අවුරුදු 18 ත් 25 ත් අතර ) - පැය 7 සිට පැය 9 ක් දක්වා
වැඩිහිටි ( වයස අවුරුදු 26 ත් 64 ත් අතර ) - පැය 7 සිට පැය 9 ක් දක්වා
මහළු ( වයස අවුරුදු 64 ට වැඩි ) - පැය 7 සිට පැය 8 ක් දක්වා
ඉහත කාලසීමාවන් නිශ්චිත නොවූවත් ඉතා ආසන්නතම පැය ප්‍රමාණයට ඔබේ ශරීරයට අවශ්‍ය වූ නින්ද ලබා ගැනීම තුළින් විවිධ වූ සෞඛ්‍ය ගැටළු බොහොමයක්ම අවම කරගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා.
ඔබ ඉතා අඩු කාලසීමාවක් තුළ නින්දක් ලබන කෙනෙකු නම්, එය දිගින් දිගටම සිදු වීමෙන් මානසික ආතතිය වැඩි වීමකටද හේතු වෙනවා. කෝටිසෝල් නැමැති හෝමෝනය නිකුත් වීම තුළින් ඔබට වඩා පීඩාකාරී තත්ත්වයක් මෙන්ම විඩාබර තත්ත්වයක් ද ඇති කරයි.
සාමාන්‍යයෙන් පුද්ගලයකුට සුව නින්දක් ලබා ගැනීමට මෙලටොනින් මුදාහැරේ. අඩුවෙන් නිදාගන්නා අයෙකුට මෙසේ මෙලටොනින් නිපදවීම අඩාල වනවා. උදාහරණයක් ලෙස ගත් විට අප අදුරේ සිටිනා විට අපගේ මොළය මගින් මෙලටොනින් නිපදවීම වැඩි කරයි.
නිසියාකාරව නින්දක් නොලැබීමෙන් මොළය මෙලටොනින් මුදාහැරීම අවම කරන බැවින් ඔබේ ශරීර සෞඛ්‍ය ඉතාමත් අවදානම් තත්ත්වයකට පත් කරයි. එබැවින් ඔබ නිසි ලෙස නින්දක් ලබා ගැනීම අනිවාර්යය වන බව මතක තබා ගන්න.
by Kaushalya De Silva
Photo source : Internet
653 Views
Comments