වයස්ගත වීම ප්‍රමාද කරන සුදු ළූණු
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

වයස්ගත වීම ප්‍රමාද කරන සුදු ළූණු

වයස්ගත වීම ප්‍රමාද කරන සුදු ළූණු

අපි එදිනෙදා උයන පිහන වෑංජන වලට යොදාගන්නා සුදු ළූණු දිව්‍ය ඖෂධයක් බව ඔබ දන්නවාද ? එය රසකාරකයක්ම පමණක් නොවෙයි. විවිධ වූ සෞඛ්‍ය ගැටළු වලට හොඳම ආහාරයක්.

පැරැන්නන් රැව වැඩිකරන ආහාරයක් ලෙස මෙම සුදු ළූණු භාවිතා කළා. නිතර නිතර සුදු ළූණු ආහාරයට ගැනීම මගින් සම පැහැපත් වන බව රූපලාවණ්‍ය උපදේශකයින් අනුමත කරන මෙම සුදු ළූණු මගින් ඔබව වයස්ගත වීම ප්‍රමාද කරවනවා.

අපගේ සිරුරෙහි ඉතාමත් වැදගත් හෝර්මෝන වර්ග දෙකක් තිබෙනවා. ඒ ඊස්ටජන් හා ටෙස්ටොස්ටෙරෝන් යන හෝර්මෝනයි. මෙම හෝර්මෝන මගින් කෙනෙකුගේ තරුණ පෙනුම හා ජවය රැකගැනීම උපකාර කරන අතර අප කෙමෙන් කෙමෙන් වයස්ගත වීමේදී මෙම හෝර්මෝන නිපදවීම අඩාල වනවා.

එවිට අපගේ මහළු පෙනුම මෙන්ම විවිධාකාර ලෙඩ රෝග ඇතිවෙනවා. මෙන්න මේ හේතුව නිසා සුදු ළූණු මගින් එම හෝර්මෝන නිපදවීම ක්‍රමවත් කළ හැකි වීම නිසා එය වැඩිපුර පරිභෝජනයට ගැනීම සුදුසු වනවා.

සුදු ළූණු වල මෙකී වාසියට අමතරව තවත් බොහෝ වාසි තිබෙනවා. එයින් තවත් කරුණක් නම් කාර්යබහුල ජීවිතයක් ගත කරන බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි නින්ද නොයාම හෝ නිසියාකාර නින්දක් ලබා ගැනීමට නොහැකි වීම.

 


එය ඔබගේ පෙනුම කෙරෙහි සෘජුවම බලපාන සාධකයක් වනවා. හොඳ නින්දක් ලබා ගැනීමට නම් විටමින් B ශරීරයට ලැබිය යුතුයි. මෙම පෝෂකය සුදු ළූණු වල තිබෙන නිසාත් මෙය ගත යුතුම ආහාරයක් වනවා.

පොඩ්ඩක් ඉන්න..... තවත් බොහෝ වාසි සුදු ළූණු පරිභෝජනයට ගැනීම තුළින් අපට සිදුවනවා. මේ ඒ වාසි.

- ශරීරයෙහි ඇති කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලීම.

- පැහැදිලි හා නීරෝගී සමක් ලැබීම.

- උදරයේ අනවශ්‍ය මේදය ඉවත් කිරීම.

- අඹුසැමියන්ට අවශ්‍ය කරන ශක්තිය ලබා දේ.

- රුධිර පීඩනය පාලනය.

- ශරීර, මානසික ශක්තිය වර්ධනය මෙන්ම නම්‍යශීලී බව ඇති වීම.

- ආහාර ජීරණ පද්ධතිය නිසි ක්‍රියාකාරිත්වය මෙන්ම අක්මාවෙහි ඇති විෂ සහිත දේ ඉවත් කිරීමට ඇති හැකියාව.

- හිසකෙස් වලට දිදුලන දීප්තිමත් බවක් ලබා දීම.

- විශේෂයෙන්ම මේ දිනවල පවතින කොරෝනා තත්වයට මදක් හෝ සහනයක් ලබා දීම හැකියාව ඇති ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට සුදු ළූණු වල විශේෂ හැකියාවක් තිබෙනවා.

එනිසා දැන් ඔබට සුදු ළූණු දිව්‍ය ඖෂධයක් වන්නට හේතු කාරණා පැහැදිලි වන්නට ඇති.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

655 Views

Comments

arrow-up