ඩෙනිමකින් Style කරන විදි

කොල්ලෙක් උනාම ලස්සනට ඇඳල කියල ටිකක් යාලුවො අතරෙ උනත් කැපී පේන්න අපි කවුරුත් වගේ කැමතියි. එ් නිසාම අද අපි ඔබට හඳුන්වා දෙන්නේ ඔබේ සිරුරේ හැඩයට සමේ පැහැයට ගැලපෙන ඩෙනිම් වර්ග කිහිපයක් ගැනයි.මේ ඩෙනිම් ඔබට ගැලපෙන්නේ කුමන අවස්ථා වලට යන්නත් අපි ඔබට පැහැදිලි කරන්නම්.
1. Black Denim
සෑම තරුණයෙකු ලඟම තිබිය යුතු ඩෙනිම් වර්ගයක් තමයි Black Denim කියන්නේ. මෙම ඩෙනිම් කලිසම් Slim Fit සහ Skinny Fit ලෙසට ඔබ කැමති ආකාරයෙන් තෝරා ගැනීමේ හැකියාව ඔබට ඇත. Black ඩෙනිම යනු කිසිම wash එකක් නොමැති තනි තද කළු පැහැති ඩෙනිමයි. මේ වගේ Black ඩෙනිමක් කිසිම සේදීමකින් තොරව දවස් 7 ක් ම වුවත් ඔබට අඳින්න පුලුවන්. එ්කට හේතුව තමයි මේ ඩෙනිමේ ඇති තද කලු පාට නිසා එය දුර්වර්ණ වුවත් කිසිවෙක්ට එය නොපෙනීම. එ් වගේම මේ ඩෙනිම ඔබට කැමති ආකාරයට Style කරන්න භාවිතා කරන්න පුලුවන්. ටී ෂර්ට් එකක් එක්ක කලු ඩෙනිමයි sneakers දෙකයි ඇඳලා street wear / casual wear එකක් විදියට පාවිච්චි කරන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් පෝලෝ ෂර්ට් එකක් හරි නෝමල් ෂර්ට් එකක් එක්ක හරි semi casual ආකාරයට අඳින්නත් පුලුවන්. මේ සියලුම ආකාර ඔබට Office එකට, party එකට, Friday ඇවිදින්න යන්න, Girl Friend හම්බවෙන්න යන්න, University එකට ඇඳගෙන යන්න ඉතාම හොඳින් ගැලපෙනවා.
2. Ripped / Distressed Denim
මේ කියන්නෙ සමහරු අඳින්න ආස තවත් සමහරු අඳින්න ආස නැති තැනින් තැන ඉරුණු ආකාරයට තියෙන ඩෙනිම් වර්ගය ගැන. මේ වර්ගය Black color, Wash Black, Dark Gray, Light Gray, Faded Gray, Dark Blue, Light Blue යන වර්ණ වලින් කැමති වර්ණයකින් තෝර ගන්න පුලුවන්. කොහොම නමුත් ඔබ ලඟ කලු පාට Black Denim එකක් තියෙනව නම් මේ වර්ගෙනුත් කලු පාටම ඩෙනිමක් තෝර ගන්න එපා. එහෙම උනොත් හැමදාම එකම ඩෙනිම අඳිනව වගේ ඔයාගෙ යාලුවන්ට පේන්න පුලුවන්. මේ වගේ ඩෙනිමක් පන්ති අඳින්න, Girl Friend හම්බවෙන්න, චිත්‍රපටියක් බලන්න යන්න, විනෝද චාරිකාවකදී වගේ ගමන් වලට හොඳින්ම match වෙනවා. කොහොම නමුත් මේ ඩෙනිමෙ හැමතැනම cut කරල තියෙන එ්වට වඩා තැන් දෙක තුනකින් Ripped කරල තියෙන ඩෙනිමක් තෝරන්න එක තමයි වඩාත්ම සුදුසු.
3. Classic Dark Washed Denim
මේ කියන්නේ ඩෙනිමේ උඩ කොටස එ් කියක්නේ සාක්කු තියෙන ප්‍රදේශයේ තරමක තද පාටකින් තියෙන පහළට එන විට වර්ණ තීව්‍රතාවය අඩු වෙලා Fade වෙලා වගේ පේන ඩෙනිම් කලිසම් ගැන. මේ වර්ගයෙන් බොහෝ විට භාවිතා කරන්නේ Classic Dark Blue, Classic Dark Washed Gray වර්ගයේ ඩෙනිම්. ලංකාවේ බොහෝ තරුණයන් භාවිතා කරන්නේ මේ වර්ණ දෙක තමයි.
4. Light Washed Denim
ඔබ මේ වර්ගයෙන් ඩෙනිමක් ගන්නවා නම් වඩාත්ම ගැලපෙන්නේ Light Blue, Light Gray පාට ඩෙනිමකි. නමුත් මේ වර්ගයේ ඩෙනිම් වල තියෙන අවාසිය වන්නේ මේ ඩෙනිම් වර්ගය ඉක්මනින්ම දුර්වර්ණ වීමයි. නමුත් මේ වගේ ඩෙනිමක් අතරට භාවිතා කිරීම ඔබේ Out Fit Look එක Up වෙලා පේන්න හේතුවක්.
by Gihan Hapuhetti
Photo source ; Internet
2232 Views
Comments