හෙළ ඔසු ගුණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
12

හෙළ ඔසු ගුණ

හෙළ ඔසු ගුණ

ආයුර්වේදයේදී අපට හමුවන සෑම පැළෑටියක්ම වගේ ඖෂධයක්. මේ සූදානම් වන්නේ එලෙස ප්‍රබල තවත් ඖෂධ කිහිපයක් කීපයක් ගැන ඔබව දැනුවත් කරන්න.

ඖෂධීය ගුණ ප්‍රබල අරත්ත

අරත්ත කියන්නේ ආයුර්වේදයේ වටිනා ඖෂධයක්. හීන් අරත්ත මහ අරත්ත කියලා ප්‍රභේද දෙකක් තියෙනවා. අරත්ත වලින් එන්නේ බොහෝ දුරට ඉඟුරු රසට සමාන රසයක්. ඒ රස ගෙන දෙන හීං අරත්ත ගෙවත්තේ අලංකරනය සඳහාත් බහුලව යොදාගන්න අවස්ථා තියෙනවා. මේවා සුද්දකර සෝදා පෙති කපා මද පවනේ වියළා සුළං නොවදින ලෙස අසුරා තැබීමෙන් අවශ්‍ය ඕනම වෙලාවක ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මේවා තලා සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමටත් බහුලව යොදාගන්නවා. මේ හීං අරත්ත හෙවත් රාස්නා විශේෂයෙන් යොදා ගන්නේ ආමවාත හෙවත් ආතරයිටිස් රෝගය සඳහා. උණ, වදභාවය, දියවැඩියාව ඇතුළු ශරීරගත විෂ ගැසීමටත් මේවා ගුණදායකයි. ග්‍රහණි රෝග පීනස රෝග කාය හා ශ්වාසනාලිකා ප්‍රදාහය සඳහා අරත්ත ආයුර්වේද වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. විශේෂයෙන්ම විශේෂයෙන්ම නයි විෂ ශරීරගත වූ විට නර මුත්‍ර සමඟ හීන් අරත්ත අල කොටා මිරිකා ගත් ඉස්ම පාන සඳහා භාවිතා කරන බව පැවසෙනවා. සතියකට වරක් හෝ දෙකක් හීං අරත්ත අල කැබැල්ලක් දෙකක් තම්බා තේ වෙනුවට පානය කිරීම තුළින් හන්දිපත් වේදනා වැනි වාත වේදනා දුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

 

 

 


වල් වැල් දොඩම්

වල් වැල් දොඩම් වල උද්භිද උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Passlflora Foctida. බොහෝවිට මේවා වියළි කලාපීය තෙත් කලාපීය ප්‍රදේශවල බහුලව වැඩෙනවා. මෙය වත්තේ වැල්දොඩම් වගේම සුවඳින් යුක්ත වල් පැළෑටි සමඟ පැතිරී තියෙන වල් පැළෑටියක්. වැල් දොඩම්වල මල් මේ වල් වැල් දොඩම් මල් වලට සමාන වෙනවා. ශාකය මධ්‍යම ප්‍රමාණයේ වැලක්. එහි ඵලය කුඩා බටු ගෙඩියකය සමානයි. ගෙඩියේ මුදුන දැලක් වැනි කොටසකින් ආවරණය වී තියෙනවා. රුධිරයේ සීනි මට්ටම ඉහළ ගිය අවස්ථාවක වියළී වල් වැල් වැල්දොඩම් කලං 6 කොතල හිඹුටු කලං දෙකක් අරළු කලං දෙකක් බුළු කලං දෙකක් වතුර පත අට එකට සිඳ පත භාගය බැගින් උදේ හවස පානය කිරීමෙන් දින කිහිපයකින් සීනි මට්ටම පහත වැටෙන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. සරල බීමක් ලෙස මේවා කලං 6ක් වරකා කොස් ගස්වල පනාමල් කලං 6 කළං දඹ ඇට කලං 6ක් දමා අව්වේ වේලා කුඩු කර තේ හැදි බාගය බැගින් උණුවතුරට දමා බීමෙන් සීනි මට්ටම පහත වැටෙනවා. මේවායේ කොළ අරන් මැල්ලුමක් විදියට කෑමත් ගුණදායකයි. ඒ විතරක් නෙවෙයි කරපිංචා කොළ හා මී පැණියෙන් අඹරා බටුගෙඩියක තරම් ප්‍රමාණයක් උදේ හවස කෑමෙන් මේදය අඩු කරගන්න පුළුවන් බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.

මේ වගේ දේශීය ඖෂධ රාශියක් අපිට නිතර දකින්න ලැබෙනවා.ඒවා භාවිතය සිරුරට අහිතකර ප්‍රතිඵල උදාකරන්නේ නෑ.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

5097 Views

Comments

arrow-up