පාලනයකින් යුතුව සිරුරට ගත යුතු පිෂ්ඨය සහ සීනි

පිෂ්ඨය සහ සීනි තැනී ඇත්තේ කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු වලිනි. එහි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අඩංගු වන්නේ ජලය තැනී ඇති හයිඩ්‍රජන් 2 ඔක්සිජන් 1 අනුපාතය ටයි. ලතින් භාෂාවෙන් ජලයට කියන්නේ hydro කියාය. පිෂ්ඨය සහ සීනි තැනී ඇත්තේ කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකතුවෙන් නිසා ඒවා හඳුන්වන්නේ කාබෝහයිඩ්ඩ්‍රේට් යන නමිනි. සිරුරේ අඩංගු කාබෝහයිඩ්ඩ්‍රේට් ප්‍රමාණය 1% ටත් අඩුයි. ඒවා ග්ලයිකොජන් ලෙස අක්මාවේ තැන්පත් වී තිබේ. අපගේ සිරුරේ ක්‍රියාකාරීත්වයට මෙන්ම එහි ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය වන ශක්තිය ලබාදෙන්නේ ග්ලූකෝස් නමැති මූලික කාබෝහයිඩ්‍රේටය මගිනි. ශරීරය තුළ තැන්පත් වී ඇත්තේ කාබෝහයිඩ්ඩ්‍රේට් ඉතා සුළු ප්‍රමාණයක් නිසා පිෂ්ටය සහ සීනි නිතර ආහාර ලෙස ගැනීමට මිනිසාට සිදුවේ.
සරලම කාබෝහයිඩ්‍රේටය වන්නේ glucose ඔක්සිජන් සමග එක්වී සෛලය තුළ සිදුවන ප්‍රතික්‍රියාවෙන් ශක්තිය නිපදවෙන අතර, ඉන් ඇති වන අතුරු පල ලෙස ජලය සහ කාබන්ඩයොක්සයිඩ් රුධිරයට එකතු වෙයි. ජලය මුත්‍ර ලෙස සහ දහදිය ලෙස ද කාබන්ඩයොක්සයිඩ් ප්‍රශ්වාස වාතය සමඟ පෙනහළුවලින් පිටකරනු ලැබේ. යම් පුද්ගලයකු විසින් ලබාගත යුතු කාබෝහයිඩ්‍රේට් හෙවත් ශක්තිජනක ආහාර ප්‍රමාණය ඔහුගේ ශාරීරික අවශ්‍යතාවන් අනුව වෙනස් වේ. කම්කරුවෙකුට සහ ක්‍රීඩකයෙකුට මෙන්ම ගර්භණී හෝ කිරි දෙන මවකට හෝ වැඩිපුර ශක්තිජනක ආහාර අවශ්‍ය වන අතර සැප පුටුවල වාඩි වී ඇඟ වෙහෙසා වැඩ නොකරන අයට අවශ්‍ය වන්නේ සුළු ශක්ති ප්‍රමාණයකි.
ශක්ති ජනක ආහාර යන්ගේ අඩංගු ශක්තිය මැනීම සඳහා තාපය මනිනු ලබන කැලරි යන ඒකකය භාවිතා කරනු ලැබේ. කැලරි යක් යනු ජලය ග්‍රෑම් එකක් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 2 කින් ඉහළ නැංවීමට අවශ්‍ය කරන තාප ශක්ති ප්‍රමාණයකි. භෞතික විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව කාබෝහයිඩ්රේට් ග්රෑම් එකකින් කැලරි හතරක් ද, තෙල් හෝ ප්රෝටීන් ග්රෑම් එකකින් කැලරි හතරක් ද, මේදය ග්රෑම් එකකින් කැලරි නමයක් ද නිපදවිය හැකි බව සොයාගෙන තිබේ. මේ අනුව බලන කල ශක්තිය වැඩිපුරම නිපදවන ආහාරය තෙල් සහ මේදයයි. protein දහනයෙන්ද පිෂ්ටය සහ සීනි දහනයෙන්ද ලැබෙන ශක්තියට සමාන ශක්තියක් ලබා ගත හැකියි.
යම් කෙනෙක් උපවාසයේ යෙදෙන විට හෝ නිරාහාරව සිටින විට හෝ ශරීරයට නිතර අවශ්‍ය වන පිටි සහ සීනි නොලැබී යයි. එවිට සමට යටින් තැන්පත් වී මේ දේ සහ පේශි වල තැන්පත් වී ඇති ප්‍රෝටීන දහනය වී ශක්තිය නිපදවේ. එවිට ශරීරයේ තෙල් තැන්පතු අඩුවීම නිසා කෙට්ටු වීමත් පේශීන් දියවීම නිසා වැහැරීමත් සිදුවේ. සාමාන්‍යයෙන් අවුරුදු 23 දී තරුණියන්ගේත් අවුරුදු විසි පහේදී තරුණයන්ගේත් කායික වර්ධනය නතර වේ. ඉන්පසුව ඔවුන් උස යන්නේ නැත. පමණට වඩා ආහාර ගතහොත් ස්ථූලතාවය ඇති වේ. එබැවින් සීනි සහ පිටි අඩංගු ආහාර ගැනීමේදී එහි ඇති කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් තෙල් බවට පත් වී ශරීරය තුළ තැන්පත් වන නිසා දිනපතා ඔබ විසින් වැය කරනු ලබන ශක්ති ප්‍රමාණය පිළිබඳව අවබෝධයකින් කටයුතු කිරීම නුවණට හුරුයි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1142 Views
Comments