ගේදොර නිසා ඔබට නොදැනී ඔබ සොයා එන අමතර වියදම්

ගෙවල් දොරවල් හදන විට අපට බොහෝ විට වරදින්නේ දොර ජනෙල් වහලය අවශ්‍යතා සඳහා තෝරා ගැනීමේදී. දැව පිළිබඳ සාමාන්‍යයෙන් සමාජය තුළ ඇති අනවබෝධය නිසා බොහෝ වෙලාවට වඩු කාර්මිකයන් ඉතා පහසුවෙන් පාරිභෝගිකයන් රැවටීමේ ක්‍රමයක් ලෙස මෙය යොදා ගන්නවා. වහලය සෑදීමේදී ඒ සඳහා යොදා ගන්නා දැව වල ස්වරූපය වර්ණය වටිනාකම ගැන අධ්‍යනයක් ලබා ගැනීම ඉතාම වටිනවා. එක් එක් දැව වර්ගයට ආවේනික වූ ගති ලක්ෂණ ඇති නිසා මේ දැනුම ඉතාම පහසුවෙන් ලබාගන්න පුළුවන්. ඒ වගේම කෘත්‍රිම ලෙස උසස් මට්ටමින් සකස් කළ බාල වර්ගයේ දැව තෝරා බේරා ගැනීමටද අවස්ථාවක් ලැබෙනවා. ඉතා විශ්වාසවන්තව ගෙදර දොරේ වැඩ වලට ගුණාත්මකව දැව යොදා ගත හැක්කේ මෙවැනි ප්‍රායෝගික ක්‍රම මතයි.
වහලය ගැසීමේදී බහුල වශයෙන් පිටරටින් ගෙන්වන ලී වර්ග වහලය සැකසීම සඳහා යොදා ගන්නවා. කෙම්පස් ලී සඳහා දැව ආරක්ෂක ගෑම සුදුසු වන්නේ ඒ පිළිබඳ නිසි අවබෝධයක් අපට නැති නිසයි. දැනට නාගරිකව නිවාස තැනීමට වැඩි වශයෙන් භාවිතා කරන්නේ මේ වගේ ලී වර්ග. මීට අමතරව වහලයට යොදාගත හැකි ලී වර්ග වන්නේ කැලෑ දෙල් පො ලී කොස් වගේ දීර්ඝ කාලයක් ආරක්ෂාකාරීව පවත්වා ගත හැකි ලී වර්ග. රටින් ගෙන්වන ගාන්දීස් බලව් රෙඩ් බ්ලව් කැම්පස් රෙඩ් ගම් වගේ ලී වර්ග යොදා ගන්නා අතර මේ දේවල තත්ත්වය පිළිබඳ අත්දැකීම අඩු නිසා ඒවාගේ දැව ආරක්ෂක ආලේප කිරීම සුදුසු වෙනවා.
උළුවහු ජනෙල් සඳහා වැඩිපුරම යොදාගන්නේ මිල්ල කොස් කුඹුක් වගේ ලී වර්ග. මීට අමතරව පිටරටින් ගෙන්වන රෙඩ් බලව් ලීයද මේ සඳහා යොදා ගන්නවා. මෙහිදී දැව ආරක්ෂක යොදාගැනීම වඩාත් සුදුසු වෙනවා. එහි ශක්තියට යොදන අවුල් පාස් වර්ගද නිවැරදිව සවිකර තිබේ දැයි සොයා බැලීම වඩාත් සුදුසුයි. උළුවස්සක් තැබීමේදී පැරණි කාලයේ දී ගොම මැටි ගෑමෙන් අව්වට වැස්සට ආරක්ෂාව ලැබෙන බව විශ්වාස කලත් මෑත කාලයේදී පරිසරයට ආවරණය වන පැත්තේ සීලර් ගෑම සිදුකරනවා. උළුවහු තබා නිවස තැනූ පසු නැවත වැලි කඩදාසියකින් කීප වරක් මැද සීලර් ගෑම වඩාත් සුදුසු වෙනවා. ඉන්පසුව වාර්නිෂ් හෝ පොලිෂ් ගෑම අපට අවශ්‍ය ආකාරයට සිදු කළ හැකියි.
ජනෙල්වල පියන් සහ දොරවල් සඳහා වැඩි වශයෙන් යොදා ගන්නේ කොස් තේක්ක මහෝගනී නැදුන් වගේ ලී වර්ග. එසේ තෝරාගත් දැව වර්ග ඉහත ආකාරයටම හොඳින් මැද පිරිසුදු කර වාර්නිෂ් හොඉ පොලිෂ් ගෑම සිදු කළ හැකියි.
දැව වල කුණු බැඳුණු විට සබන් කුඩු වර්ගයක් යොදා සෝදා පිරිසුදු කර හොඳින් වේළා වැලි කඩදාසියකින් මැද ඉන්පසු පොලිෂ් කිරීම සුදුසු වෙනවා. එමගින් නිවසේ උළුවහු ජනෙල් දොරවල් වලට නව පෙනුමක් ලබාගන්න හැකියාව ලැබෙනවා.
ශක්තිය අතින් වඩාත් සුදුසු වන්නේ ෆිට් ජනෙල් දොරවල්. කැටයම් යෙදූ දොරවල් වඩාත් අලංකාර වල නමුත් සවිශක්තිය සහ ආරක්ෂාව අතින් දුර්වල වෙනවා. නඩත්තුව අපහසු වෙනවා. ඒ නිසා ඔබ දොර දැමීමේදී ඒ ගැන සැලකිලිමත් වීම වඩාත් සුදුසුයි. ඒ වගේම හොඳ යතුරු තහඩුවක් දැමීමටත් වගබලාගත යුතුයි. මේ අනුව හොඳ සරනේරු සහිතව සවිමත් සොයිබ ඇති දොර ජනෙල් සකස් කිරීමෙන් කාලයක් පවතින ආරක්ෂාකාරී නිවසක් තනා ගැනීමට හැකියාව ලැබෙනවා. දොර ජනෙල් සරනේරු ආදිය තෙල් යොදා හොඳින් නඩත්තු කිරීම මාස තුනකට වරක් හෝ සිදු කිරීම වැදගත් වෙනවා. මේවා පිළිබඳ අවබෝධයකින් තොරව නිවසක් ඉදි කිරීමේදී හා ඒවා නඩත්තු කිරීමේදී ඔබ සොයා යන අමතර වියදම් අධික විය හැකියි.
by Dilki Shamani
Photo Source: Internet
3022 Views
Comments