ප්‍රථමාධාර - 02
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
20

ප්‍රථමාධාර - 02

ප්‍රථමාධාර - 02

පසුගිය ලිපිය තුළින් අපි ප්‍රථමාධාර යන්න හදුන්වා දීමත් හා එය අවශ්‍ය වන්නේ කුමන ආකාරයේ පුද්ගලයන්ටද , කුමන අවස්ථාවලදීද යන්නත්, ප්‍රථමාධාර කරුවෙකුගේ ගුණාංග මෙන්ම වගකීම් පිළිබඳවත් පැහැදිලි කර දීමක් සිදු කළා.

යම් කිසි වේදනාවක් දරා ගැනීමේ හැකියාවක් ඇති පුද්ගලයන් කොටස් කිහිපයකට බෙදා දැක්වීමට පුළුවන්. ඒ ගැබිණි මව්වරුන් මුල් තැනත්, පිළිවෙළින් ළමයින්, මහල්ලන්, කාන්තාවන් හා පිරිමින් යන ආකාරයටයි.

අනතුරක් හෝ රෝගියෙකු ඔබට මුණගැසුණු අවස්ථාවේදී මුලින්ම එම සිදුවීම කළමනාකරණය කර ගත යුතු ආකාරය කෙසේද?

- මුලින්ම ඒ සිදුවූ අනතුර හෝ රෝගියාගේ මෙන්ම අවට සිටින පිරිසගේ, පවතින්නාවූ අවධානම් තත්වයන් ඔබ හොඳින් හදුනාගත යුතු වනවා. මෙහිදී අනතුරට හෝ රෝගයට භාජනය වී ඇත්තේ කොපමණ පිරිසක්ද හා එහි ස්වභාවය කුමක්ද යන්න හොඳින් තක්සේරු කරගත යුතුයි.

- දෙවනුව තමන්ගේ මෙන්ම අවට සිටින්නන්ගේත්, අනතුරට හෝ රෝගයට ගොදුරු වූ කෙනාට ඇති අවදානම් තත්ත්වයන්ගෙන් ආරක්ෂා කරවීමට සුදුසු වූ පියවරයන් ඔබ විසින් ගත යුතුයි.

මෙය ඔබට තනිවම කළ නොහැකි අතර අවට සිටින පිරිසගේ සහයද ලබා ගත යුතුය. උදාහරණයක් ලෙස, රිය අනතුරකදී තුවාලකරු සිටින්නේ පාර මැද නම්, මාර්ගයේ එන අනෙකුත් රථවාහන පාලනය කර ගනිමින් තුවාලකරු ඉතා ප්‍රවේසමෙන් පාරෙන් ඉවතට ගැනීම සිදු කළ යුතුයි.

එහෙත් යම් අවස්ථාවන් වලදී මෙය වෙනස් වේ.


එනම්,මී මැස්මොර රෝගියෙකු නම් ඔහුව කිසිසේත් ඇල්ලීම නොකළ යුතු අතර ඔහුට හෝ ඇයට හානියක් වීමට හැකි අවට ඇති දෑ ඉවත් කිරීම කළ යුතුයි. මෙලෙස අවස්ථානුකූලව හසුරුවා ගැනීමේ හැකියාව ඔබ සතු විය යුතුයි.
 


- ඉන් හැකි ඉක්මනින් අවශ්‍ය උදව් ලබා ගැනීම සදහා අදාළ අංශ ( ගිලන්රථ ) වෙත දන්වමින් රෝගියාගේ හෝ තුවාලකරුගේ අවදානම හෝ රෝගී තත්ත්වය හදුනාගනිමින් ඉතා ඉක්මනින් ක්‍රියාකාරී වන පරිදි සුදුසු ප්‍රථමාධාර ලබා දිය යුතුයි.

- අවසානයේදී ඔබ ලබා දුන් ප්‍රථමාධාරයන් මෙන්ම රෝගියා හා තුවාලකරු පිළිබඳව ඔබ විසින් සොයාගත් තොරතුරු පිළිබඳව වෛද්‍යවරයාව දැනුවත් කිරීමත්, ඔබත් හොඳින් පිරිසිදු වී, ඔබ අවට හා ප්‍රථමාධාර ලබා දුන් ස්ථානයත් පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය බවත් මතක තබා ගන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

626 Views

Comments

arrow-up