නිවසට වාස්තුවිද්‍යාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
18

නිවසට වාස්තුවිද්‍යාව

නිවසට වාස්තුවිද්‍යාව

වසක් තැනීමේදී හා ඉඩමක් තෝරා ගැනීමේදී වාස්තු විද්‍යානුකූලව කටයුතු කිරීමට බොහෝ දෙනා පෙලඹෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

දොරට කෙළින් ජනෙල් තැබීම නුසුදුසුයි

නිවසේ කාමර වල ජනේල දොරට කෙළින් තැබීම සුබ නෑ. කාමරයට ලැබෙන ආලෝකය සහ වාතය නිසි අයුරින් කාමරය තුළ ජීවත්වන අයට නොලැබී යනවා. ඒ වගේම ජනේල දෙකක් දෙදිශාවකට තැබීමද සුදුසු නැහැ. ඉදිකිරීම් නීතිය අනුව කාමරයේ මුළු වර්ග ප්‍රමාණයෙන් හතෙන් එකක ප්‍රමාණයක් ජනේලය ප්‍රමාණයට තැබීම ප්‍රමාණවත්.

නිදන කාමරේට නිරිතදිග සුබයි

නිවසක ගෙහිමියාට සුභ දිශාව නිරිත. ඒ නිසා ගෙහිමි යුවළගේ නිදන කාමරය ලෙස තෝරා ගත යුත්තේ නිවසේ නිරත දිශාවේ පිහිටි කාමරයක්. නිවසේ ඊසාන දිශාව හිස්ව සහ පිරිසිදුව තබා ගැනීම සුදුසුයි. එහි බඩු ගොඩගැසීම සුදුසු නැහැ.

නිදන ඇඳ තබන දිශාව

නිදන කාමරයේ ප්‍රධාන ගෘහ භාණ්ඩය වන්නේ ඇදයි. ඒ නිසා එය අසුබ ලක්ෂණය අවම වන පරිදි තැබිය යුතුයි. නිදන ඇඳ උතුරු දිශාවට හැර අන් දිශාවකට තැබීම යහපත්. විශේෂයෙන් දරුවන් ඇඳ මත නිදාගන්න විට ඔවුන්ගේ හිස නැගෙනහිරට තැබීම ඥාණාලෝකය ලැබීමට හේතු වෙනවා. නිදන ඇඳ මුදුන් ලීය හා බාල්කයට හසු නොවන අයුරින් තැබිය යුතුයි. බාල්කයට කැපී යන ලෙස නිදන ඇද තැබීම ඉතාම අසුබයි. එයින් සිරුරේ ශක්ති අක්ෂයට හානි පැමිණෙනවා. බාල්කය යට සිට යහපත් දේ කතා කිරීම් අනුශාසනා ක අනුශාසනා කිරීම පවා ප්‍රතිඵල රහිතයි. නිදන කාමරයේ මග හැරවිය නොහැකි අයුරින් බාල්කයක් පිහිටා ඇත්නම් කළ යුත්තේ බාල්කය වැසෙන සේ සිවිලිමක් ගැසීමයි. එවිට අසුබ ශක්තීන් එකවර සිරුරට පැමිණීම අවම කරගත හැකියි. කාමරයේ දොර කෙලින් ඇඳ නොතැබිය යුතු අතර ඒ දෙසට දෙපා දමා නිදා ගැනීම නොකළ යුතුයි. එමෙන්ම කන්නාඩියෙන් බැලූ විට නිදන ඇඳ දර්ශනය නොවිය යුතුයි. කන්නාඩි මේසයේ තබා ඇත්තේ ඒ ආකාරයට නම් කළයුත්තේ නිතරම තිරයකින් වසා තැබීමයි. නිදන කාමරයේ අල්මාරිය දකුණු දිශාවට තබා දොර උතුරු දිශාවට විවෘත කිරීම වඩාත් සුබයි.

නාන කාමරය

නාන කාමරයෙන් පිටවන අපවිත්‍ර ජලය සහ කසල ඊසාන හරහා එළීම හා වලවල් නොතිබීමට කටයුතු කළ යුතුයි. එහෙත් එහි ජලය උතුරු දිශාවට ගලා යාම වරදක් නොවේ. නාන ස්ථානය මූණ සෝදන බේසම ආදිය උතුරු නැගෙනහිර ප්‍රදේශයට සවි කිරීමත් ඒ දිශාවන්ට මුහුණලා පරිහරණය කිරීමත් වැසිකිළි පෝච්චිය දකුණු දෙසට සවිකර පාවිච්චි කිරීමත් සුදුසු වෙනවා. උණු ජලය සඳහා භාවිතා කරන උපකරණ සවි කිරීමේදී ගිණිකොන දෙසටත් කිළිටි ඇඳුම් තැබීමේදී බටහිර වයඹ ප්‍රදේශය භාවිතා කිරීමත් වැදගත් වෙනවා. එමෙන්ම නානකාමරය නිවසේ කේන්ද්‍රස්ථානය ආසන්නයේ ඉදි කිරීමත් අසුබ ලෙස සැලකෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

5754 Views

Comments

arrow-up