ලස්සන මිදුලක්-01
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
18

ලස්සන මිදුලක්-01

ලස්සන මිදුලක්-01

මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරන්න සුදානම් වෙන්නේ ඔබේ ගෙවත්ත හැඩ කරන ක්‍රම සහ ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු ආකාරයයි.

ගෙවත්තේ ආලෝකයට පහන් කණු

ඔබේ ගෙවත්තේ තරමක හෝ විශාල ගස් ඇත්නම් එම ගසට ස්පොට් ලයිට් සවිකළ හැකි. මෙහිදී විදුලි බල්බය ගසක සඟවා ගසට එළිය වැටෙන ආකාරයට සවිකළ හැකි. එමෙන්ම මෂ්රූම් නමින් විදුලි පහන් තියෙනවා. මේවා අඟල් 6-8 දක්වා උස ඇති මල් පැල තිබෙන ස්ථානවල සවි කළ හැකි. අඩි 12න් 12ට මෙම විදුලි බල්බ සවි කරන්න. වත්තේ ප්‍රමාණය අනුව මෙම විදුලි පහන් බිම තැබිය හැකි. මැටි වලින් හෝ සිමෙන්ති වලින් සකස් කළ පහන් වත්තේ ප්‍රමාණය අනුව තරමක් දුරින් සවිකළ හැකියි. මෙම පහන් වලට වතුර කාන්දු නොවන ලෙසට වාර්නිෂ් කිහිප වරක් ආලේප කිරීම සුදුසුයි. ප්ලාස්ටික් බට දිගේ මෙම පහන් කණු වලට වයර් යොදවා ඇති නිසා එම පහන් වල බල්බයට වතුර කාන්දු නොවේ. මේ ආකාරයට ඔබටත් ඔබේ ගෙවත්තේ ප්‍රමාණය හා ස්වාභාවය අනුව පහන් කණු යොදා ගත හැකියි. එහෙත් ඔබේ ගෙවත්තට උස පහන් කණු අවශ්‍ය නොවිය හැකියි. මොකද උස පහන් පහන් කනු යොදාගන්නේ උද්‍යාන වල අඩි පාරවල් ආලෝකමත් කිරීම සඳහායි. උද්‍යානයේ මල්ගොමු ලියගොමු වල අලංකාරය වැඩි වන්නේ එම ප්‍රමාණයට උස විදුලි පහන් සවි කළවිටයි. වහලය මත ඇති උද්‍යානයකට පහන් කණු හෝ විදුලි ආලෝක යෙදීමේදී බිත්තියට එළිය වැටෙන සේ විදුලි පහන් සවි කරන්න.

ගෙවත්තේ අඩිපාරවල් සැකසීම

ගෙවත්තට අඩිපාරවල් සැකසීමේදී පාවිච්චි කරන ආකාරය අනුව අඩි පාරට කළුගල් යෙදිය හැකියි. කළුගල් ස්වභාවික ගල් පතුරු ආදී යොදා අඩිපාර සකස් කළ හැකි. එහෙත් ඔබට ඇත්තේ බෑවුම සහිත ගෙවත්තක් නම් එක එක මට්ටමට සැකසීම අවශ්‍ය වන්නේ නැහැ. එවැනි ස්ථානයක තණකොළ වනවට වඩා ස්වභාවික ලෙසින් ගල් වලින් පඩි පාර සැකසිය හැකියි. බොහෝ දෙනෙක් අඩිපාර පාවිච්චි කරන්නේ නම් එයට තණකොළ නොදමා සිමෙන්ති ගල් එකිනෙක සම්බන්ධ වන ලෙස දමන්නට හැකි විලාසිතාවක් වන අන්දමට සකස් කරන්න පුළුවන්. ඒ වගේම විශාල පිරිසක් අඩිපාර භාවිතා කරනවානම් බොරලු පාරත් ඉතාම සුදුසුයි.

වාහන ගමනාගමනයට පාරවල් සකස් කිරීම

වාහන ගමන් කරන්න පාරවල් සකස් කිරීමේදී මතුපිට පස් අඟල් හයක් පමණ ඉවත් කළ යුතුයි. ටොන් දෙකක් පමණ බරැති රෝලකින් පාර තලා ඊළඟට වැලි හෝ ගල් කුඩු මිශ්‍රණයක් දැමූ විට පාර හොඳින් මට්ටම් වෙනවා. ඊට උඩින් මෝස්තර ආකාරයට සැකසු සිමෙන්ති ගල් ඇතිරිය හැකියි. එමෙන්ම ගෙවත්තේ අඩි 12ක පාරක් තිබෙනවා නම් තිබෙනවා නම් අඩි 12ටම ගල් ඇවිලලීම අවශ්‍ය වන්නේ නෑ. වාහනයේ ටයර් වල ප්‍රමාණයට අඩි 3x3 ක ප්‍රමාණයට ගල් අල්ලා ඉතිරි කොටස තණකොළ ඇල්ලිය හැකියි. මෙලෙස ගල් හෝ ගඩොලින් නිසි පරිදි නිර්මාණය සිදු කළ හැකියි.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

1524 Views

Comments

arrow-up