සැමියාගේ සෞඛ්‍ය පුරුදු ගැන බිරිඳගේ වගකීම

ගෘහණිය අද වනවිට එදාටත් වඩා කාර්ය බහුලයි. මේ පවතින ආර්ථික ක්‍රමය නිසාම ඇයත් බොහෝ විට රැකියාවක නිරත වේ. ඒ නිසාම ඇයට නිවසේ මෙන්ම බාහිර වටපිටාවෙන් ද පැවරෙන වගකීම් නම් බොහොමයි. මේ දහසකුත් එකක් මධ්‍යයේ මවක හා බිරියක ලෙස ඔබෙන් ඉටුවිය යුතු විශාල කාර්යභාරයක් තිබෙනවා. ගෘහණියක් වශයෙන් ඔබේ පවුලේ අයගේ නිරෝගී භාවය ගැන සිතිය යුතුමයි. ඒ සඳහා දැනුවත් වීමට ඔබට මේ කාරණා බෙහෙවින් වැදගත් වේවි.
පවුලක මූලිකම අංගය හෙවත් මධ්‍ය ලක්ෂය ලෙස මවගේ භූමිකාව සඳහන් කිරීමට පුළුවන්. මේ නිසා නිවෙසක බොහෝ දේ ඇය අතින් සිදුවේ. මේ අතර පවුලේ යහපත් සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කරන ඔබ මේ කරුණු ගැනත් සැලකිලිමත් වන්න.
• නිවැරදි ආහාර
• ව්‍යායාම
• මානසික සැහැල්ලු
• ඇබ්බැහිවීම් පාලනය කිරීම ආදී කරුණු මේ අතරින් වැදගත්.
නිරෝගී ජීවිතයකට ඉහත සඳහන් දෙයින් ලැබෙන පිටිවහල අතිමහත්. මෙහිදී පවුලක අඩු ලුහුඬුකම් සකසා ගනිමින් සමබරව සියලු කාර්යයන් සිදුකිරීම මවගේ වගකීමයි. මෙහිදී පළමුව ඔබේ ආහාර ක්‍රමය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්. නිවසේ පිළියෙල වන ආහාරවලත් වැඩි වශයෙන් අඩංගු වන්නේ කාබෝහයිඩ්‍රේටය. මෙය එතරම් සෞඛ්‍යයට හිතකර තත්ත්වයක් නම් නොවේ. පිෂ්ටය, සීනි, ලුණු, මේදය අඩු ආහාර ගැනීමට හුරු විය යුත්තේ එබැවිනි. මන්ද මෙවන් ආහාර අධිකව ගැනීම කොලෙස්ටරෝල් අධික රුධිර පීඩනය හා දියවැඩියාව වැනි රෝගවලට අතවැනීමක් වන නිසාමය. පලතුරු හා එළවළු වැඩියෙන් ආහාරවලට එක්කර ගැනීමත් මේ අතර වැදගත්. නමුත් බොහෝ ගෘහණියන් තම පරම්පරාවෙන් ලත් ආභාසයක් නිසා වැරදි ආහාර රටාවන්ට අනුගත වූ අවස්ථා නම් බොහොමයි.
වැඩිපුර කෑම
වැඩි වෙහෙසකර ආකාරයෙන් වැඩ කරන නිසා තම සැමියාට අධිකව ආහාර ලබා දීමටත් ඇතැම් බිරියන් පුරුදුව සිටි. එහෙත් මෙය ඉතාමත්ම වැරදි ක්‍රියාවකි. පෝෂණයට මුල් තැන දෙන ආහාර රටාවකට හුරු පුරුදු විය යුත්තේ ඒ නිසාමයි. මීට අමතරව ආහාර පිසීමේ ක්‍රමවේද පිළිබඳව ඔබේ අවධානය යොමු කළ යුතු වේ.
ආහාර පිසීම
බොහෝ ආහාර පිසීමේ යුත්තේ එහි පෝෂණීය ගුණය ආරක්ෂා වන ලෙසයි. නැවුම් එළවළු හැකි සෑම විටම අමුවෙන් රසවිඳීමට හුරුවන්න. එසේම තවත් ආහාර තෙලෙන් බැඳ පිස ගන්නවාට වඩා තම්බා හෝ ග්‍රිල් කර පිස ගත හැකි නම් එයද වඩාත් සුදුසු ක්‍රමවේදයකි. ආහාර වර්ග තේරීමේදී සෑමවිටම නැවුම් ආකාරයට පිරිසිදුව තිබේදැයි සැලකිලිමත් වන්න. අසුරා ඇති ආහාර ද්‍රව්‍ය තෝරා ගැනීමේදී එහි ලේබලයේ කල් ඉකුත්වන දිනය ගැනත් සලකා බලන්න.
ව්‍යායාම
ඔබ දිනෙන් දින කාර්ය බහුල වීමත් සමගම ඔබේ යහපත් ජීවන රටාවකට අවශ්‍ය ක්‍රියාකාරකම් ද ඔබ අතින් ගිලිහී යයි. කොතරම් පෝෂණීය ආහාර ගත්තද ශරීරයේ නිසි ක්රියාකාරීත්වය නොමැතිකමින් විවිධ රෝගාබාධවලට ගොදුරු වීමට පුළුවන. මේ නිසාම විශේෂයෙන් කාන්තාවන් තරබාරු වීම අපට වැඩි වශයෙන් දැකගත හැකි දෙයකි. ඉතාමත් අහිතකර ලෙස බලපෑමට ද හැකිය. ඇයගේ සෞඛ්‍ය පිරිහීම පවුලේ අනෙක් සාමාජිකයන්ගේ සෞඛ්‍යයට ද අහිතකර වන තත්වයකි. එම නිසාම දිනකට පැය භාගයක්වත් නිවැරැදි ව්‍යායාම කිරීමට වෙන් කිරීම ඉතාම වැදගත්ය.
මානසික සැහැල්ලුව
දිනෙන් දින කාර්යබහුල වන ජීවන රටාව තුළ බොහෝ දෙනා මානසිකව පීඩනයට ලක්වී ඇත. කායිකව අධික ලෙස වෙහෙස වීමත් විවේකය නොමැති වීමත් නිසා මොවුන් මෙම තත්ත්වයට මුහුණ පායි. මෙය අහිතකර ලෙස සෞඛ්‍යයට ද බලපාන සාධකයක් බවට අද පත්ව ඇත. එම නිසා බෝ නොවන රෝග පැතිරීමේ වැඩි අවදානමක් ද දැන් පවතී. මෙවන් තත්ත්ව යටතේ මවකට සිය පවුලේ මානසික සංයමය සඳහා කළ හැකි දේ බොහෝය.
ඇබ්බැහිවිම් පාලනය
ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය භාවිත කරන අය අතරින් තරමක් ඉදිරියෙන් සිටින බව සත්‍යයකි. නමුත් අප රටේ කාන්තාවන් මෙයට ඇබ්බැහි වී ඇති ප්‍රමාණය ඉතා අඩු වන අතර එය ඉතාමත්ම යහපත් තත්වයකි. මෙයට වැඩිපුරම ඇබ්බැහි වන්නේ පුරුෂ පාර්ශවය යි. මෙවන් ඇබ්බැහිවීම් සැමියා ඈත් කර ගැනීමට බිරිය ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතුය. නැතිනම් මෙය දරුවන්ට අනුගත වන්නේ ද වැරදි ආදර්ශයක් ලෙසයි. මේ සමගම ඇතැම් විට මාරාන්තික රෝග වලට ද නිතැතින්ම යොමු වේ. එම නිසා පවුල යහමගට ගැනීමේ සුවිශාල කාර්යභාරයක් මේ හරහා ගෘහණියට පැවරේ. ඉහත කී කාරණා පිළිබඳව අවධානය යොමු කරමින් සෞඛ්‍යවත් පවුලක් බිහි කර ගැනීමට ඔබත් උත්සාහ ගන්න.
by Gihan Hapuhetti
Photo Source: Internet
590 Views
Comments