ගෙවත්තට ජම්බු පැළයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
19

ගෙවත්තට ජම්බු පැළයක්

ගෙවත්තට ජම්බු පැළයක්

ලෝකයේ බොහෝ රටවල්වල ජම්බු බීජය සහ මුල් විවිධ රෝග සඳහා ඖෂධයක් විදියට භාවිතා කරනවා. අපේ රටේ ජම්බු ජනප්‍රිය වෙලා තියෙන්නේ නැවුම් පලතුරක් විදියට. මෙහි ඇති යුෂ වල රසවත් බව නිසාම එය කුඩා දරුවන් අතර පවා සුවිශේෂී කැමැත්තක් දක්වන පලතුරක් වෙලා තියෙනවා. ඒ වගේම එහි පෝෂණීය සහ ඖෂධීය ගුණය ඉතා ඉහළයි. බොහෝ දෙනෙක් ඒ වෙත ඇදී යන්නේ මේ කරුණු නිසාමයි. ගෙවතු අලංකරණය සඳහා ජම්බු ගසක් ගෙවත්තට ඉතාම සුදුසු වෙනවා. සාමාන්‍යයෙන් සියලුම වර්ග ජම්බු ලෙස හැඳින්වුවත් ඒ ඒ වර්ග අනුව වෙනත් නම් කිහිපයක් තියෙනවා. රතු ජම්බු පිනි ජම්බු ලොකු ජම්බු මහා ජම්බු රට ජම්බු ඇට නැති ජම්බු ලෙස.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙන්නේ ජම්බු වර්ග හතරක්. ඒ

රතු ජම්බු

මේවා අනෙකුත් ජම්බු වලට සාපේක්ෂව කුඩා හැඩයක් ගන්නවා. පැසුණු පසු ගෙඩි රතු තද පාටයි.

පිනි ජම්බු

මේ ජම්බු වල ජලය ඉතාම අධිකයි. රතු ජම්බු වල ප්‍රමාණයට සාපේක්ෂව විශාලයි. පිනි ජම්බු ගෙඩියක් ලා රෝස පාටයි. පෙයාස් ගෙඩියක හැඩය ගන්නවා.

රට ජම්බු
මේ ජම්බු වර්ගයේ සුදු රතු රෝස දම් කොළ පැහැ වර්ණ වලින් මේවායේ ගෙඩි හටගන්නා. මේ නිසා රට ජම්බු වැඩිදියුණු කළ රතු ජම්බු ලෙස හදුන්වා දෙනවා. සාමාන්‍ය ජම්බු වලට වඩා හැඩයෙන් පැහැයෙන් ප්‍රමාණයෙන් වෙනස් වුවත් රට ජම්බු වර්ග කිහිපයක්ම දේශීය දකින්න ලැබෙනවා.

 

 

 


සීනි ජම්බු

මේ වර්ගයේ ජම්බු ඕවලාකාර සුදු හෝ රතු පැහැයට හුරු රෝස පැහැයක් ගන්නවා. සීනි ජම්බු උණුසුම් තෙත් පරිසරයක් සහිත තෙත් කලාපීය උඩරට ප්‍රදේශවල සාර්ථකව වර්ධනය වෙනවා. දීර්ඝකාලීන නියඟය සහ විශාල උෂ්ණත්ව වෙනස්වීම්වලට ඔරොත්තු දෙනවා.

ජම්බු පැල බීජ මගින් පහසුවෙන් ලබාගන්න පුළුවන්. මෙහි ජීව කාලය පවතින්නේ කෙටි කාලයක නිසා ගෙඩි වලින් ඇට වෙන්කරගත් පමණින්ම ඒවා භූමියේ හෝ බදුනකට දමා පැල ලබාගැනීමේ හැකියාව තියෙනවා. වගාව සඳහා හිරු එළිය වැදගත් අතර සාමාන්‍ය සෙවණ යටතේ ජම්බු ශාකය හොඳින් වර්ධනය වෙනවා. සාර්ථක වගාවක් සඳහා කාබනික පොහොර අත්‍යවශ්‍ය වන අතර හොඳින් ජල වහනය සිදුවන විවිධ පස් වර්ග වල ජම්බු ශාකය හොඳින් වෙනවා. කාබනික පොහොර යොදන්නේ නම් ශාකය වියනක් සේ කපරාදු කිරීම මගින් ගස් අලංකාර ලෙස සකස් කර ගන්න පුළුවන්.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

2752 Views

Comments

arrow-up