රුධිර වර්ගයට ගැලපෙන ආහාර

මිනිස් සිරුරේ ඇති රුධිර වර්ග A, B, AB සහ O ලෙස වර්ග කෙරෙන අතර විශේෂඥයන්ගේ අදහස්වලට අනුව මේ සෑම රුධිර වර්ගයකටම එයටම ආවේණික විශේෂ ලක්ෂණයන් තිබෙනවා. එක් එක් රුධිර වර්ගයට ඔබින ආහාර හා සම්බන්ධ අපූරු කරුණක් එයින් ප්රධාන කාරණාවක් පීටර් ඩි ඇඩමෝ, කියන පෝෂණවේදියා පරිණාමය පාදක කරගනිමින් ඉදිරිපත් කර ඇතිබව ඔබ දන්නවාද? මේ ඒ පිළිබඳ සටහනක්.
ඒ අනුව ඔබේ රුධිර වර්ගය කුමක්දැයි ඔබ දැනගත් පසු ඔබේ සෞඛ්යයට හිතකර වන ආහාර තීරණය කිරීම ඉතාමත් පහසු කාරණයක්. එමෙන්ම ඔබ වැළකී සිටිය යුතු ආහාර වර්ග තීරණය කිරීමත් වඩාත් පහසු වන නිසා එළවළු කන්න සුදුසු කාටද? මස් කන්න සුදුසු කාටද? යන්න රුධිර වර්ගය මගින් තීරණය කළ හැක. මේ අනුව එළවළු වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායක වන්නේ A වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන්ටයි. ප්රාථමික රුධිරය හැටියට හඳුන්වන්නේ O වර්ගයේ රුධිරයයි. ඔවුන්ට ප්රෝටීන් හොඳින් ජීර්ණය කළ හැකි නිසා O රුධිර හිමි පුද්ගලයන් ප්රෝටීන් බහුල ආහාර වන මස් සහ මාළු වැඩි වශයෙන් ආහාරයට ගැනීම වඩාත් සුදුසු බව ඔහු පෙන්වා දෙනවා.
මේදය අඩු මස් වර්ග සහ මුහුදු ආහාර කෙරෙහි වැඩි ඇල්මක් දැක්වීම AB වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන්ට වඩාත් සුදුසු වන අතර රතු මස් බහුලව ආහාරයට ගතයුතු වන්නේ B වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන් බවයි අනාවරණය වන්නේ. ආහාර වර්ග වලට අමතරව රුධිර වර්ග තුළ දක්නට ලැබෙන තවත් විශේෂ ලක්ෂණ දැකිය හැක. විශේෂයෙන්ම රුධිර වර්ගය සහ මානසික ආතතිය පිළිබඳ සැලකීමේදී යම් මානසික ආතතිය වැඩි කරවන තත්ත්වයකින් පසුව අනෙක් පුද්ගලයන්ට වඩා සන්සුන් වීමට වැඩි කාලයක් ගත වන්නේ O වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන්ටයි. රුධිර වර්ගය සිරුරේ සිදුවන බරෙහි යම් වෙනස් කම්වලටත් බලපාන අතර O වර්ගයේ රුධිරය හිමි වැඩි පිරිසකගේ ඉදිරියට නෙරා ආ උදරයක් දැකගත හැක.
A වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන් මෙලෙස ශරීරයේ බරෙහි ඇති වෙන ගැටලුවලට මුහුණ නොදෙන පුද්ගලයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. රුධිර වර්ගය සහ ගර්භනීභාවය සැලකීමේදී හෝමෝනය නිපදවීම අඩු නිසා අනෙත් කාන්තාවන්ට වඩා ඉක්මනින් ගැබිනියක් වීමේ හැකියාව AB රුධිර වර්ගය හිමි කාන්තාවන්ට තිබෙනවා. එසේම හදිසි අවස්ථාවක රුධිර පාරවිලයනයකදී මතක තබාගත යුතු ඉතා වැදගත් දෙයක් වන්නේ O වර්ගයේ RH අගය සෘණ වන පුද්ගලයන්ට ඕනෑම රුධිරයක් හිමි පුද්ගලයෙකුට රුධිරය ලබාදීමටත් AB වර්ගයේ රුධිරය හිමි පුද්ගලයන්ට ඕනෑම රුධිර වර්ගයක් ලබා ගැනීමටත් හැකි බවයි.
by Dilki Shamani
Photo source : Internet
932 Views
Comments