ජපානයේ සුපිරි කොරෝනා විලාසිතා

දිනෙන් දින දහස් ගනන් බිලිගන්නා කෝවිඩ් - 19 මේ වන විට මිනිසුන් අතරට බොහෝ අලුත් දේ තිළිණ කර අවසන්. කොරෝනා නිසාම සමාජ දුරස්ථතාව, නිරෝධායනය නිවසේ සිට වැඩ කිරීමටත් මිනිසුන් හුරුවී ඇති අතර මේ නිසාම නව ව්‍යාපාර බිහිවෙමින් පවතී. සියල්ලටම වඩා ලෝකයේ සෑම වැසියකුටම පොදු බවට පත්ව ඇත්තේ මුව ආවරණයි. මෙම මුව විවිධ විශේෂත්වයන් යටතේ නිපදවමින් විෂ බීජ වනසා දමන සුවිශේෂ ගුණාංගවලින්, වායුව පහසුවෙන් පෙරනයට ලක්වන ආකාරයට නිපදවයි. වයිරසයෙන් ආරක්ෂා වීම උදෙසා පමණක් මුව ආවරණ පැලඳ මිනිසුන් අතර ලොව මිල අධිකම මුව ආවරණ නිපදවීම් පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ ජපානයෙන්.
කොක්ස් කෝ මාස්ක් කම්පැනි නම් ජපාන සමාගම මේ නවතම මුව ආවරණ පසුගිය සතියේ සිට වෙළෙඳපොළට නිකුත් කර ඇති අතර මේ මුව ආවරණ මේ මුව ආවරණ සියයට සියක්ම මිනිස් දෑතින්ම නිපදවීම එහි ඇති එක් සුවිශේෂ කරුණකි. නමුත් ඔබ දන්නවාද ඒවාට සියුම් මැණික් දියමන්ති යොදා ඇති බව. මෙම සියුම් මැණික් සහ දියමන්ති ද මිනිස් දෑතින්ම ඉසියුම් මැහුම් රටා ඔස්සේ යොදමින් මුව ආවරණ හැඩ කර ඇති අතර ඒ සඳහා කිසිඳු යන්ත්රසූත්ර භාවිතයක් සිදුනොවේ.
‘කොවිඩ් -19 විලාසිතා’ යනුවෙන් කොක්ස් කෝ මාස්ක් සමාගම මේ විලාසිතා හඳුන්වා ඇති අතර සාමාන්‍ය මුව ආවරණ සමඟ මෙවැනි මුව ආවරණ නිපදවීමේ මේ සමාගමේ අරමුණ වී ඇත්තේ වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ලෝක වාසීන් පුදුමයට සහ සතුටට පත් කරමින් වසංගතය අතරතුර නව විලාසිතාද එළිදැක්වීමයි.
ක්රාත් 0.7ක බරෙන් යුතු ස්වාරොස්කි ක්‍රිස්ටල් නම් මිලෙන් අධික දියමන්ති 300ක් එක් මුව ආවරණයකට යොදා මේ අතරින් මිලෙන් අධිකම මුව ආවරණ විශේෂය නිපදවා ඇත. මීට අමතරව මුතු යෙදූ මුව ආවරණද නිපදවා ඇති අතර එවැනි එක මුව ආවරණයකට ‘අකෝයා මුතු’ නම් ජපානයේ සුවිශේෂී 330ක් යොදා ඇති බව වාර්තා වේ. ජපන් යෙන් මිලියනයක් නැත්නම් ඩොලර්වලින් නම් ඩොලර් 10,000කට ආසන්න මුදලක් දී ඔබට මෙම මේ මුව ආවරණයක් මිලදී ගත හැක. මෙහිදී කැමති වර්ණයකින්, කැමති මෝස්තරයකින් පාරිභෝගිකයන්ට එම මුව ආවරණ වර්ග 200ක් පමණ මිලදී ගැනීමට අවස්ථාව සැලසේ.
නමුත් ලොව මිලෙන් වැඩිම මුව ආවරණ මේ ජපන් මුව ආවරණ නොවේ. එය නිපදවා ඇත්තේ මේ ඊශ්‍රායලයේ ‘යූල්’ නම් වන මෝස්තර නිර්මාණ ශිල්පියා විසින් වන අතර මේ එක් මුව ආවරණ සඳහා ඔහු කැරට් 18 රත්රන් ග්‍රෑම් 250 බැගින් යොදා තිබේ. මේ මුව ආවරණය මිල ඩොලර් මිලියන 1.5ක වටිනාකමකින් යුතුය.
by Dilki Shamani
Photo source : Internet
660 Views
Comments