උදරය අඩු කරන සැත්කම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
06

උදරය අඩු කරන සැත්කම්

උදරය අඩු කරන සැත්කම්

අද සමාජයේ වැඩි දෙනෙකුට තියෙන සෞඛ්‍ය ගැටලුවක් තමයි අසාමාන්‍ය ලෙස නෙරා ආ උදරය. මේ නිසා කොඳුඇට පෙළේ වේදනා මෙන්ම වෙනත් ශාරීරික අපහසුතා ඇති වෙනවා. උදරය ඉදිරියට නෙරා ආ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම තමන්ගේ අවලස්සන නැති කරගැනීම සඳහා සැත්කම් වලට යොමුවීම දක්නට ලැබෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

උදරය වැඩියෙන් ඉදිරියට නෙරා ආ අයට සැත්කමින් එම තත්ත්වය අඩු කර ගැනීමට ක්‍රම දෙකක් තියෙනවා.
1.උදරයේ තෙල් තට්ටුව අඩු කිරීම
2. කැපුමක් මගින් උදරයේ සම හා වැඩිපුර මේද පමණක් ඉවත් කිරීම

එසේ මේදය වැඩි පටක අඩු කළත් උදරය විශාල වූ විට පේශි ඇදීමක් සිදුවෙනවා. ඒවා යථා තත්ත්වයට පත්වන්නේ නැහැ. ඊට පිලියම් වෙනම කළ යුතුයි.

 

 


පේශි සමග ඉදිරියට නෙරා ආ කාන්තාවන්ගේ උදරය සමඟ සිරුර හැඩ කිරීමත් මේ සැත්කම් වලින් කරන්න පුළුවන්. එල්ලා හැලෙන මස් පිඩු ඉවත් කළ හැකියි. නිසි සැත්කම් මගින් මස්පිඬු තෙල් ඉවත් කිරීමෙන් ශරීරයට මනා හැඩයක් ලබා ගත හැකි වෙනවා. මෙම සැත්කම් අපේ රටේ කරනු ලබනවා. එහෙත් ඒ පෞද්ගලික රෝහල්වල පමණයි. මෙම සැත්කමට වැඩියෙන් යොමු වන්නේ විදේශිකයන්. විදේශ රටවල මෙවැනි සැත්කමක් සඳහා අධික මුදලක් වැය වෙනවා. ඒ නිසා ඔවුන් මේ සැත්කම් සදහා අපේ රටට පැමිණෙනවා.

උදර සැත්කමක් කළ පසු එයට නිසි ලෙස පාලනය කිරීම සඳහා ආහාර හා ව්‍යායාම ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. මේ සඳහා සැත්කම් කළ වෛද්‍යවරයා උපදෙස් ලබා දෙනවා. සැත්කමෙන් පසුව ආහාරපාන ඇවතුම් පැවතුම් ගැන නොසිතුවොත් නැවත උදරය මහත් වීමට ශරීරය ස්ථුල වීමය ඇති ඉඩකඩ වැඩියි. ස්ථුල පුද්ගලයන්ට ඒ සඳහා කරන සැත්කම් කරගැනීමට වයස බලපාන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ රටේ වයස අවුරුදු 60- 65 කාලයේ අයත් මේ සඳහා යොමු වෙනවා. ඒ වගේම අවුරුදු 18- 20 අතර අයට වුණත් වඩා ස්ථුල දේහයක් තියෙනවා නම් උදරය ඉදිරියට නෙරා තියෙනවා නම් එවැනි සැත්කමක් සිදුකළ හැකි වෙනවා. මෙම සැත්කම කිරීමේ දී බර අඩු කරගැනීමට උදරය මැදින් කැපුමක් දැමීමට සිදුවෙනවා.

උදරය අඩු වීමට ස්ථුල බව අඩු කිරීමට විවිධ ඖෂධ පෙති ක්ෂණික ප්‍රතිකර්ම තිබෙන බව නිතර අසන්නට ලැබෙනවා. ඒවායින් අතුරු ආබාධ ඇතැම්විට ඇතිවෙනවා. නෙරා ආ උදරය හා එහි මේද ඉවත් කළ හැක්කේ ආහාර හා ව්‍යායාම වලින් පමණයි. එය වැඩියෙන් තිබේ නම් මෙවැනි සැත්කමකින් ඉවත් කළ හැකි. මේ හැර උදරය අඩු කිරීමට වෙනත් සාර්ථක ප්‍රතිකාර නම් නැති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

816 Views

Comments

arrow-up