දියේ ගිලීමකදී ප්‍රථමාධාර
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
06

දියේ ගිලීමකදී ප්‍රථමාධාර

දියේ ගිලීමකදී ප්‍රථමාධාර

ශ්‍රී ලංකාවේ දියේ ගිලීම් වලින් වසරකට මිය යන සංඛ්‍යාව දහස ඉක්මවනවා. මෙයින් වැඩිපුර ජීවිත හානි වන්නේ ළමයින්ට හා තරුණ වයසේ කාණ්ඩයටයි. එක් අයෙක් දියේ ගිලෙන විට ඔහු ඇය බේරා ගැනීමට දියට පැනීමෙන් තවත් සමහරු මිය යනවා. අනාරක්ෂිතව දියට වැටී මියයන සංඛ්‍යාවද මීට ඇතුළත් වෙනවා. මෙලෙස සිදුවන දියේ ගිලීමේ අනතුරු සහ මරණ වළක්වා ගැනීමට නම්
-තනිව ගංගා ඇළ දොළට යෑමෙන් වැලකීමත්

-මත්පැන් පානය කර පිහිනීමෙන් වැළකීම

-බෝට්ටු සවාරි වලදී ආරක්ෂිත කබා භාවිතයත් සිදු කළ යුතු වෙනවා.

දියේ ගිලුණු අයෙකුට ලබා දිය හැකි ප්‍රථමාධාර

*දියේ ගිලුනු අයෙකු ගොඩට ගත් වහාම ඔහුගේ හෝ ඇගේ මුඛය පරීක්ෂා කරන්න. ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළුවී ඇත්නම් ඒවා වහාම ඉවත් කරන්න.

* උරහිසෙන් අල්ලා ඔහුට හෝ ඇයට කථා කර සිහිය ඇති නැති බව තහවුරු කරගන්න. පුද්ගලයා හුස්ම නොගන්නේ නම් වහාම කෘතිම ස්වසනය වාර පහක් පමණ ලබා දෙන්න.

* අනතුරුව පපු තෙරපුම් වාර 30 ලබාදෙන්න.

*නැවත කෘත්‍රිම ස්වසන වාර දෙකක් ලබා දෙන්න.

* රෝගියාගේ උෂ්ණත්වය අඩු වීම වැළැක්වීමට තෙත ඇඳුම් ඉවත් කර පොරොවකින් ආවරණය කරන්න.

* මෙම ප්‍රථමාධාර ලබා දී වහාම රෝහල වෙත රැගෙන යන්න.

 

 



දියේ ගිලෙන පුද්ගලයකු බේරාගන්නේ කොහොමද

- දියට නොබැස බේරා ගැනීම
ගිලෙන පුද්ගලයෙකු බේරා ගැනීමට තියෙන හොඳම ක්‍රමය නම් වතුරට නොබැස ඔහුව බේරා ගැනීමයි. යමෙක් ගිලිනවා දකින විට එම ගිලෙන පුද්ගලයාගෙන් ඔබේ ඇස් ඉවත්ව ඉවත් නොකොට උදව් ඉල්ලා කෑ ගසන්න. දෑත් හෝ අවට ඇති කිනම් හෝ ද්‍රව්‍යයක් භාවිතා කරන්න.
බඩගාගෙන ගොස් ඔහුට අත දිගුකර දිඔහුව ආරක්ෂිත ස්ථානයකට ඇද ගැනීමට උත්සහ කරන්න. ඔහු ළඟට යාමට නොහැකි නම් ඔබගේ කමිසයේ බඳ පටිය ගලවා ඔහු දෙසට දිගු කරන්න.

-පාවෙන උපකරණයක් භාවිතා කිරීම
ටියුබයක් ලණුවකින් ගැට ගසා එම ලණුව වළල්ලක් සේ සාදාගන්න. ලණුවේ එක් කොණක ශක්තිමත්ව සිට ගන්න. ගිලෙන පුද්ගලයා දෙස ටියුබය විසි කරන්න. එය පුද්ගලයා අල්ලා ගත් විට සීරුවෙන් ගොඩට ඇදගන්න. දියට බැසීමෙන් වුව ප්‍රවේශමෙන් ඔහුව හෝ ඇයව බේරා ගත හැකියි. මෙහිදී මිනිස් දම්වැල භාවිතා කිරීමත් වඩාත් සුදුසුයි.

මෙලෙස යම් පුද්ගලයකු හදිසියේ දියේ ගිලීමකදී සිදු කළ යුතු ප්‍රථමාධාර සහ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් භාවයක් ලබාගන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

6153 Views

Comments

arrow-up