ආයුෂ වැඩි කරන රහස්

අපි කුඩා කාලයේ සිටම විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීම නිසා එදාට වඩා අද ජීවත්වන මිනිසාගේ ආයුෂ එන්න එන්නම අඩු වෙනවා. තාක්ෂණය මොන තරම් දියුණු වුණත් කොතරම් එන්නත් ක්‍රම තිබුනත් මිනිසුන් බහුතරයක් තම ජීවන රටාව ගෙනයන්නේ ගිලනුන් විදිහට. එදා බෝවන රෝග වසන්ගත රෝග වලින් බොහෝ පිරිසක් මිය දුනත් අද වන විට වැඩි පිරිසක් මරු වැළඳ ගන්නේ බෝනොවන රෝග වලිනුයි. ආයුෂ වැඩි කර ගැනීමේ රහස් අප තුලමයි පවතින්නේ. මේ ඒ පිළිබඳ සටහනක්.
අපේ සිරුර පාලනය කරන්නේ මනසේ ක්‍රියාකාරීත්වයෙන්. අපට වැළඳෙන ඕනෑම රෝගයක් සුව කර ගැනීමේ හැකියාව අප තුළම පවතිනවා. වෛද්‍යවරයා බෙහෙත් වලින් කරන්නේ රෝග සුව කිරීමේ සහජ හැකියාවට රුකුල් දීමක් විතරයි. අවුරුදු කෝටි ගණනක් තුළ ඇතිවූ පරිණාමය හැඩ ගැසීම් වලින් අපේ ශරීරයේ සෛල ආරක්ෂා කර කරගැනීමට අවශ්‍ය විෂබීජ නාශක ප්‍රතිශක්ති ක්‍රම යොදා ගැනීමේ ශක්තිය අපේ සිරුරට හා මනසට තියෙනවා. සම මතුපිට ඇති තෙල්වලද කෙල කඳුළු වලදමේ විෂබීජ නාශක ද්‍රව්‍ය අඩංගු වෙනවා. එකම දේ ශරීරයේ සහ මනසේ ඇති මේ ක්‍රියාවන් කෙරෙහි විශ්වාසය තබයි නම් ඔබත් නිරෝගී පුද්ගලයකු වෙනවා.
ලෙඩ බය නැති මිනිසුන්ට ලෙඩ හැදෙන්නේ නැහැ. නමුත් මම රෝගියෙක් මගේ ශරීරය දුබලයි වැනි සිතිවිලි වලින් නිතරම සැරිසරනවා නම් ඔබ නිතරම රෝගී පුද්ගලයෙකු වෙනවා. රෝගාබාධයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීමට මානසික හා කායික ශක්තිය වර්ධනය කරගත යුතු වෙනවා.
පුද්ගලයෙකුගේ කායික හා මානසික ශක්තිය වැඩිවන්නේ සියලු පීඩනයට සාර්ථකව මුහුණ දී ජයග්‍රහණය කිරීමෙන්. තම චිත්තවේග මනාව හසුරුවා ගනිමින් අන් අයගේ සිත් දිනා ගෙන අවධානය තමා වෙත ආකර්ෂණය කොට යහපත් සාර්ථක ජීවිතයක් ගත කරන තැනැත්තා මනා පෞරුෂයක් ඇති තැනැත්තෙක්. මානසික වෙනස්වීම් ඔබේ ශරීරයට බලපාන නිසා ඔබේ මනසේ ඇතිවන නොයෙකුත් විපර්යාසයන්ට අනුව ශරීරයේ බොහෝ වෙනස් වීම් සිදු වෙනවා. මානසික සෞඛ්‍ය යහපත් නම් මුහුණේ හැඩය ශරීරයේ රුව වර්ණ සෝබාව වර්ධනය වී පෞද්ගලික ආකර්ෂණ ශක්තියක් එක් වෙනවා.
ඔබේ ශාරීරික මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම හා පෝෂණය කර ගැනීම සඳහා පිරිසිදු අම්ලකර වාතය පිරිසිදු ජලය හිරු එළිය පෝෂදායි ආහාර පදාර්ථ ශාරීරික ව්‍යායාම අවශ්‍ය වෙනවා. ගහකොළ අතරින් හමා යන සුළඟේ පිරිසිදු අම්ලකර වාතය අඩංගු වෙනවා. මොළයේ ස්නායු පද්ධතිය ශරීරයේ සියලුම සෛලයන්ගේ ක්‍රියාකාරිත්වයට මෙම වාතය අවශ්‍ය වෙනවා.
ඒ නිසා ඔබේ ආයුෂ වැඩි කර ගන්න හැම විටම ඔබේ මානසික සුවතාව ආරක්ෂා කර ගනිමින් සහ යහපත් සෞඛ්‍ය පුරුදු වලට පුරුදු වෙන්න.
by Dilki Shamani
Photo Source: Internet
573 Views
Comments